එළඹෙන ලෝක කුසලානය පරාජය වුවත්, පාකිස්තානයට පරාජය නොවන ලෙස ඉන්දීය ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන Shikhar Dhawan විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
තවමත් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළත්, ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටින හිටපු ආරම්භක පිතිකරුවා වෙනස් ම ආකාරයකින් එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ වන බවට ඉඟියක් ඉන්දීය රූපවාහිනී නාලිකාවක් වන Star Sports මගින් ලබා දී තිබුණා.
පසුගිය සඳුදා (07) දිනයේ දී Star Sport නාලිකාව මගින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරි වීඩියෝවකින් හෙළිදරව් වුනේ Shikhar Dhawan මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී Star Sport විකාශන කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස සම්බන්ධ වනු ඇති බවයි. නමුත් පසුව ඔවුන් විසින් මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
මෙම වීඩියෝවේ දී Dhawan විසින් ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුමේ තීව්‍රතාව උත්සන්න කරවන සුළු ප්‍රකාශයක් සිදු කරමින් පවසන්නේ කිසිම ලෙසකින්වත් ඉන්දියාව පාකිස්තානය හමුවේ පරාජය නොවිය යුතු බවයි.
“හැමදාමත් කියන්න තියෙන දෙයක් තමයි, ‘ඔබ ලෝක කුසලානය දිනුවත් නැතත් පාකිස්තානයට පරදින්න එපා’ කියන එක. (සිනාසෙමින්)”
“It has always been the case of ‘Whether or not you win the World Cup, don’t lose to Pakistan’ (laughs). But winning the World Cup is also important and by god’s grace hopefully we will”: Shikhar Dhawan
Discuss at:https://t.co/oJJRB4TlLL#Cricket #INDvPAK pic.twitter.com/fRKTsgmNeb
— PakPassion.net (@PakPassion) August 8, 2023
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර අවසන් වරට ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයක් පැවැත්වුණු අතර, ඉන්පසුව සිදු වන පළමු ඉන්දු – පාකිස්තාන හමුව (ආසියානු කුසලානය වෙනුවෙන්) එළඹෙන සැප්තැම්බර් 02 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම මෙම තරගාවලියේ ඉතිරි තරගවල තීරණ ද අනුව මෙම රටවල් ද්විත්වය නැවතත් එම තරගාවලියේ දී මුණ ගැසීමට ද ඉඩ කඩ පවතිනවා. ඊට අමතරව එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී (බොහෝ දුරට) මෙන්ම, එළඹෙන එක්දින ලෝක කුසලානයේ දී ද ඉන්දියා සහ පාකිස්තාන කණ්ඩායම් මුණ ගැසීමට නියමිතයි.
- “Babar තමයි අංක එකේ පිතිකරුවා” – චමින්ද වාස්
- විස්ඩන් නම් කළ ආසියානු කුසලානයේ විශිෂ්ටතම ශ්‍රී ලංකා කණ්ඩායම
- Inzamam-ul-Haqට පාකිස්තාන ක්රිකට් ආයතනයේ නව වගකීමක්
- හිටපු නවසීලන්ත ක්‍රීඩකයාට IPL පිටියේ විශේෂ වගකීමක්
- ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර
මේ අනුව ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට ඉඩ ඇති මෙම උණුසුම් තරග අවස්ථා කිහිපයම ඉලක්ක කර ගනිමින් Dhawan විසින් ඉහත අදහස ප්‍රකාශ කළ බව අනුමාන කළ හැකි.
“නමුත් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් ඒ තරම් ම වැදගත්, දෙවියන්ගේ පිහිටෙන් ඒකත් සිදු වේවි.
එය (පාකිස්තානය සමඟ ක්‍රීඩා කිරීම) ඇත්තටම උද්‍යෝගී මත් අවස්ථාවක්, ඒ වගේම ලොකු පීඩනයක්. ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කරන සෑම තරගයක් අවසානයේ ම තෘප්තිමත් බවක් දැනෙනවා. මම පාකිස්තානය සමඟ ක්‍රීඩා කළ බොහෝ තරග අපි ජයග්‍රහණය කළා.
පිටිය තුළ තීව්‍රතාව ඉතා ඉහළයි, නමුත් ඔවුන් සමඟ සාමාන්‍ය මට්ටමේ කතාබහ ද ඇති වෙනවා.”
Dhawan විසින් සිය ඉල්ලීමෙන් පසුව එම වීඩියෝවේ දී පළ කර තිබුණේ එවන් අදහසක්.
Shubman Gill, Ishan Kishan, Yashasvi Jaiswal වැනි ආරම්භක පිතිකරුවන්ගේ පැමිණීමත් සමඟ Dhawan හට ඉන්දීය කණ්ඩායමට නැවත එකතු වීමට ඇති ඉඩ සීමා වී තිබෙනවා. කෙසේ වෙතත් ටෙස්ට් ක්‍රිකට් තරග 34ක්, එක්දින තරග 167ක් සහ විස්සයි විස්ස තරග 68ක දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කර ඇති Dhawan විශේෂයෙන්ම ICC ශූරතා තරගාවලිවල දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කළ පිතිකරුවෙකු ලෙසයි සැලකුම් ලබන්නේ.
ICC ශූරයින්ගේ කුසලාන තරගාවලි දෙකක දී සහ ICC ලෝක කුසලාන දෙකක දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කර ඇති Dhawan විසින් මෙම තරගාවලි වල දී ශතක හයක් සමඟින් ලකුණු 1238ක් රැස් කිරීමට සමත් වී ඇති අතර, ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සටහන් වී ඇත්තේ 65.15ක් ලෙසයි.
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
The Indian Express ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<