ශ්‍රී ලංකාව වෙනුවෙන් කෙටිදුර ධාවන පථයේ සුපිරි දස්කම් දැක්වූ ශෙහාන් අඹේපිටිය අද (17) 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී සිය අවසන් ධාවන තරගයට සහභාගී වුනා. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස කලක් වැජබුණු ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් රැසක් දිනා දුන් සුපිරි තරුවක්.
Nimali Liyanarachchi breaks 1500m record after 9 years
මීටර 1500 කාන්තා තරගයේ දී නිමාලි ලියනාරච්චි විසින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර එහි දී ඇය….
වසර 10කට අධික කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කෙටි දුර ධාවන පථයේ විස්කම් පෙන්වූ තිස් හැවිරිදි ශෙහාන් ධාවන පිටියට සමු දුන්නේ තවත් පළමු ස්ථානයක් තමන්ගේ නමට ලියා ගනිමින්.
ඔහු අද දිනයේ දී 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර 200 පිරිමි ඉසව්වේ සිව්වැනි තේරීම් තරගය ජය ගත්තේ තත්පර 21.52කින් ඉසව්ව නිමා කරමින්. ඔහු අවසන් තරගයට සුදුසුකම් ලැබුවත් එම තරගය සඳහා ඔහු සහභාගී වූයේ නැහැ.
රාජගිරිය ජනාධිපති විද්‍යාලයෙන් මලල ක්‍රීඩාවට පිවිසුණු ඔහු ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා පිටිය දෙවනත් කරන්නට ආරම්භ කළේ ගේට්වේ ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ක්‍රීඩා කරද්දීයි.
“මම වසර 16ක් මලල ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කළා” ෂෙහාන් ThePapare.com හමුවේ අදහස් දක්වමින් පවසා සිටියා. “ඉන් වසර 13ක්ම මම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කළේ. මම කනිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන කොට දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා. ආසියාවේ දෙවන වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩකයා හා ලොව හත්වැනි වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩකයා.”
ඉන්දියාවේ පැවති කනිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කම් තුනක් දිනා ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ නමක් දිනා ගනිමින්.
මීටර 100, මීටර 200 හා මීටර 100X4 සහය දිවීමේ ඉසව් සිය මූලිකම ඉසව් කර ගත් ඔහු සිය ඉහළම දක්ෂතාවය වාර්තා කරන්නේ 2008 වසරේ දීයි. 2008 යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 100 හා 200 රන් පදක්කම් ඔහු ශ්‍රී ලංකාවට දිනා දුන්නේ නව තරගාවලි වාර්තා ද පිහිටුවමින්. ඔහුගේ වේගයෙන් බලගැන්වුණු ශ්‍රී ලංකා මීටර 100X4 සහය දිවීමේ කණ්ඩායම එම තරගාවලියේ දී රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවමින්.
“ඔලිම්පික් ඇරෙන්න මම අනික් හැම තරගාවලියකටම සහභාගී වෙලා තියෙනවා. ජයග්‍රහණ ගෙනල්ලා තියෙනවා. මං හිතනවා මම මගේ රටට යමක් කළා කියලා. හැමෝටම මතක මම යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් තුනක් දිනපු එක. තවමත් කිසිම ක්‍රීඩකයෙකු එම වාර්තාව කඩලා නැහැ.”
ආසියානු ධාවන පථයේ කෙටි දුර බලය ශ්‍රී ලංකාවට දිනා දුන් ඔහු 2009 වසරේ දී හොංකොං හි පැවැත්වුණු Asian Grand Prix තරගාවලියේ අදියර තුනේ දී ම මීටර 100 ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වෙනවා. පසුව 2010 වසරේ ඉන්දියාවේ පැවැත්වුණු Asian Grand Prix තරගාවලියේ පළමු අදියරේ දී ඔහු මීටර 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නේ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින්.
2010 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 රිදී පදක්කම දිනා ගන්නා ඔහු මීටර 100X4 සහය දිවීමේ කණ්ඩායමට ද සිය උපරිම සහය ලබා දුන් අතර ඔවුන් එම ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගත්තා.
2018 වසර ඔහු ප්රමුඛ ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට ඉතා වැදගත් වසරක් වුනා. ඒ හිමාෂ එශාන්, විනොජ් සුරංජය, ශෙහාන් අඹේපිටිය හා මොහොමඩ් අශ්රොෆ් ඕස්ට්‍රේලියාවේ පැවති 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම නිසයි.
ශෙහාන්ගේ වේගයෙන් සවි ගැන්වුණු ඔවුන් තත්පර 39.08කින් ඉසව්ව නිමා කළ අතර අවසන් මහා තරගයේ සයවැනි ස්ථානය ද දිනා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමක් තරගාවලියට එක්වූයේ වසර 68කින් වූ අතර පෙර පැවති ශ්‍රී ලංකා වාර්තාවත් ශෙහාන් ප්රමුඛ මෙම කණ්ඩායම ම 2015 ආසියානු මලල ක්‍රීඩා උළෙලක දී පිහිට වූවක් වීම විශේෂත්වයක්.
Video – NEW 1500m Sri Lanka Record | නිමාලි ලියනාරච්චිට වසර 9කට පසුව ශ්‍රී ලංකා වාර්තාවක්
නිමාලි ලියනාරච්චිට වසර 9කට පසුව ශ්‍රී ලංකා වාර්තාවක් කාන්තා මීටර් 1500 ඉසව්වෙන්! Nimali Liyanaarachchi, running….
“අවසන් වසර කිහිපයේ මම ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා. අපි දකුණු ආසියානු රන් පදක්කම දිනා ගත්තා. ඉතිහාසයේ පළමු වතාවට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියක අවසන් මහා තරගයට පිවිසෙන්නට සමත් වුණා. එකේදී මට හම්බුණේ හිමාෂ එශාන්, දැනට ලංකාවේ ඉන්න හොඳම ක්‍රීඩකයා, විනෝජ් සුරංජය, අශ්රොෆ් ලතිෆ්. අපි හතර දෙනා තමයි මේ තරග සියල්ල ජයග්‍රහණය කළේ. අපිට පුළුවන් වුනා ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙච්චර කල් සිදු නොවුණු දෙයක් ඉතිහාසයට එකතු කරන්න.”
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලවල දී සිය බලය දිගටම තහවුරු කර ගන්නා ඔහු 2016 වසරේ දී ඉන්දියාවේ පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීත් මීටර 100X4 ධාවන තරගයේ රන් පදක්කමක් සඳහා සිය දායකත්වය ලබා දෙනවා.
“මම ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙන්න ඕන මගේ දෙමව්පියන්ට. ඒ වගේම කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දී මට ඉස්සෙල්ලම දුවන්න අඩියක් කියලා දුන්න නලින් විතාරණ සර්ට. ඊට පස්සේ මට වාසනාව ලැබෙනවා සුනිල් ගුණතිලක සර් එක්ක පුහුණුවීම් කරන්න. එහි දී මට ඉතිහාසය වෙනස් කරන්න තරම් ජයග්‍රහණ ලබන්න වාසනාව ලැබෙනවා. විමුක්ති සොයිසා සර් එක්ක තමයි මම අවසානයට පුහුණුවීම් කරන්නේ. ”
“මම මතක් කරන්න ඕන ආර්. අයි. ටී අලස් සර්. සර් තමයි මට ක්‍රීඩාව හා ඉගෙනීම දෙකම බැලන්ස් කරන්න කියලා දුන්නේ. මට වචනෙකින් හරි උදව් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. හැම කතාවකම අවසානයක් තිබෙනවා. නමුත් මේක අවසානයක් නොවේ. මේක ආරම්භයක්. ඉදිරියේ දී මම ක්‍රීඩාවේ පරිපාලනයට හරි එකතු වෙලා ක්‍රීඩාවට උදව් කරනවා.”
ශ්‍රී ලංකාව වෙනුවෙන් ධාවන පථයේ සුපිරි දස්කම් පෙන්වූ විරුවාණෙනි. ඔබේ ඉදිරි ගමනට ThePapare.com අපෙන් උණුසුම් සුබ පැතුම්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<