Don Bradmanගේ වාර්තාවක් ඉන්දීය ක්‍රීඩකයා සම කරයි

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

2904

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ajinkya Rahane සමඟ එක්ව ලකුණු 109ක වටිනා සම්බන්ධතාවක් ගොඩ නැගීමට Shardul Thakurට හැකි වුනා.

කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ ඔහු පන්දු 109කට මුහුණ දෙමින් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ ඔහු ඕවල් ක්‍රීඩාංගණයේ නොකඩවා වාර්තා කළ තෙවැනි අර්ධ ශතකයි.

ඒ සමඟ ඕවල් ක්‍රීඩාංගණයේ නොකඩවා අර්ධ ශතක තුනක් වාර්තා කරමින් සුපිරි පිතිකරු Don Bradman සහ Allan Border තබා තිබෙන වාර්තාව සම කිරීමට ද ඔහුට හැකි වීම විශේෂත්වයක්.

Shardul Thakur සහ Ajinkya Rahane පිහිට වූ වටිනා සම්බන්ධතාව නිසා ඉන්දීය ක්‍රීඩකයින් තරමක් තරගයට අවතීර්ණ වූවත් පළමු ඉනිමේ ලකුණු 173ක පෙරමුණක් හිමි වුනේ ඕස්ට්‍රේලියාවටයි.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 294ක් ලබා ගැනීමට සමත් වූ අතර කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ Rahane පන්දු 129කට මුහුණ දෙමින් ලකුණු 89ක් ලබා ගත්තා.

තරගයේ තෙවැනි දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 123ක් ලබා ගනිමින් ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 296ක් ඉදිරියෙන් සිටිනවා.

ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<