Shakib නැවතත් ආබාධයකට

346

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතරතුර දී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan නැවත වරක් ආබාධයකට ලක් වී පිටියෙන් ඉවතට යනු දක්නට ලැබුණි.

දෙපිල අතර පසුගිය මස පැවති එක්දින තරගාවලිය අතරතුර දී Shakib Al Hasan මුල්ම වරට ආබාධයකට ලක් වූ නමුත් පළමු ටෙස්ට් තරගය ආරම්භයට පෙර එම ආබාධ තත්වය සුව අතට හැරුණු නිසාවෙන් ඔහු හට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි විය.

පළමු ටෙස්ට් තරගයේ සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඉනිමේ දී ලකුණු 68ක් ලබා ගැනීමට Shakib සමත් වූ නමුත් ඔහු පිතිකරණයේ යෙදීමේ දී යම් අපහසුවකින් ක්‍රීඩා කරන බවක් දක්නට ලැබූ අතර පන්දු යැවීමේ දී පන්දුවාර හයක් පමණක් යැවීමෙන් අනතුරුව පිටියෙන් ඉවත් වීමට ඔහු තීරණය කරන ලදි.

තවත් ක්‍රිකට් පුවත්:

Shakib ඇති වූ ආබාධ තත්වය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ එය පෙර ආබාධය හා සම්බන්ධ එකක් නොවන බවත් එය ඔහුගේ වම් කලව ප්‍රදේශයෙ ඇති වූ ආබාධයක් බවයි.

“පෙර ආබාධයක සුව වීමෙන් පසු ඔහු ප්‍රථම ඉනිමේ දී ඉතාමත් සාර්ථකව පිතිකරණයේ නිරත වුනා ඒ වගේම පන්දුවාර හයක් ඔහු යොමු කළා, ඒත් දෙවන දිනයේ පන්දු රැකීමේ දී ඔහුගේ කලවයේ ස්ථානයක ආබාධයක් හටගෙන තියෙනවා.

ඔහුගේ ආබාධය අද උදෑසන කළ පරීක්ෂණයෙන් තහවුරු වෙලා තියෙනවා. බංග්ලාදේශ ක්‍රිකට් වෛද්‍ය කණ්ඩායම ඔහුට ප්‍රතිකාර කරමින් සිටින අතරවාරයේ ඔහුගේ ප්‍රගතිය පිළිබඳව පරීක්ෂා කරනු ඇත.”

බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පළමු ටෙස්ට් තරගය පසුගිය 3 වැනිදා ආරම්භ වූ අතර සිය අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වූ Shakib Al Hasanගේ අහිමි වීම බංග්ලාදේශ කණ්ඩායමට බලවත් පාඩුවක් වනු ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<