වසරක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasanගේ තරග තහනම නිමා වී ඇති බැවින් Covid-19 පරීක්ෂණයෙන් අනතුරුව ඔහු ශාරීරික සුවතා පරීක්ෂණයට මුහුණ දී ඉන් සමත් වී තිබේ. ඒ අනුව නොවැම්බර් මස 20 වැනිදා ආරම්භ වන Bangabandhu කුසලානයට Shakib ක්‍රීඩා කරනු ඇත.
Fortune Barishal, Beximco Dhaka, Minister Group Rajshahi, Gemcon Khulna හා Gazi Group Chattogram මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් ලෙස සඳහන්. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයට අනුව ක්‍රීඩකයින් 113 දෙනෙකු නොවැම්බර් 9 වැනිදා හා 10 වැනිදා විශේෂ ශාරීරික සුවතා පරීක්ෂණයකට මුහුණ දෙන අතර ඉන් ලකුණු 11 බැගින් ලබා ගන්නා ක්‍රීඩකයින් Bangabandhu තරගාවලියේ ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීමට (draft) තෝරා ගනු ලැබේ.
තවත් ක්‍රිකට් පුවත්:
- කොළඹ Kings අඩුපාඩු මකන්න පාකිස්තානයෙන් සුපිරි ක්රීඩකයෙක්
- සනත් ජයසූරියගේ ක්‍රිකට් තහනම ඉවතට
- Jaffna Stallions කණ්ඩායමට තවත් විදෙස් ක්‍රීඩකයින් හතරක්
- කොදෙව්වන් නිරෝධායන නීති කඩයි
“Shakib ශාරීරික සුවතා පරීක්ෂණය සමත් වෙලා තියෙනවා. ඒක නිසා ඔහුට Bangabandhu කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තිබෙනවා” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී Minhajul Abedin පවසා සිටියි.
එසේම හිටපු ප්‍රවීණ බංග්ලාදේශ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද ශාරීරික සුවතා පරීක්ෂණයට සමත්ව ඇති අතර Mohammad Ashraful, Shahriar Nafees, Abdur Razzak, Ziaur Rahman, Farhad Reza හා Sohag Gazi වැනි ක්‍රීඩකයින් ද මෙවර තරගාවලියේ ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීම (draft) සඳහා එක්වීමට නියමිතයි.
කණ්ඩායම් 5ක් සහභාගී වන Bangabandhu විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීම (draft) අද (12) පැවැත්වේ.
cricbuzz ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<