පාකිස්තානු හිටපු ක්‍රිකට් නායක ශහීඩ් අෆ්රිඩි හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව ඔහු සිය නිල Twitter ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.
පාකිස්තානු හිටපු ආරම්භක පිතිකරුවෙක්ට කොරෝනා වැළඳෙයි
2000 වසර ආරම්භයේ දී පාකිස්තානය සතුව සිටි දක්ෂ ආරම්භක පිතිකරුවෙක් වූ තෞෆික් උමාර් හට Covid-19 වයිරසය…
“මට පසුගිය බ්‍රහස්පතින්දා ඉඳන් ටිකක් ඇඟට අමාරු ගතියක් දැනුණා. මම ඊට පස්සේ මගේ රෝගී තත්වය පරීක්ෂා කළා. එහි දී මට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා ද නැද්ද කියලා බලන්න පරීක්ෂණයකුත් කළා. ඒ පරීක්ෂණයෙන් මම කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගියෙක් බව තහවුරු වුනා. ඉක්මන් සුවය සඳහා මට ඔබේ ආශීර්වාදය ඕනේ!” යැයි අෆ්රිඩි සිය නිල twitter ගිණුම හරහා ප්‍රකාශයක් සිදුකර තිබුණි.
I’ve been feeling unwell since Thursday; my body had been aching badly. I’ve been tested and unfortunately I’m covid positive. Need prayers for a speedy recovery, InshaAllah #COVID19 #pandemic #hopenotout #staysafe #stayhome
— Shahid Afridi (@SAfridiOfficial) June 13, 2020
පාකිස්තානය තුල දී කොරෝනා වයිරසය බවට තහවුරු වූ තුන්වැනි ක්‍රිකට් ක්‍රීඩකයා අෆ්රිඩි වන අතර මීට පෙර තෞෆික් උමාර් සහ සෆාර් සෆ්රාස් යන ක්‍රීඩකයින් දෙදෙනා හට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඉන් සුවය ලබා ඇත. මේ ක්‍රීඩකයින් තිදෙනාට අමතරව ස්කොට්ලන්ත ක්‍රිකට් ක්‍රීඩක මජීඩ් හක් සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක සොලෝ නක්වෙනි යන ක්‍රිකට් ක්‍රීඩකයින් හට ද කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන අනෙක් රටවල්වල වෙසෙන ක්‍රීඩකයින් වේ.
එංගලන්ත සංචාරයට යන පාකිස්තාන සංචිතය නිකුත් වෙයි
එළඹෙන එංගලන්ත තරග සංචාරය සඳහා තරග වැදීමට නියමිත ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් පාකිස්තානු…
පාකිස්තානයේ මේ වන විට Covid-19 ආසාදිත පුද්ගලයින් ගණන 132,000 ඉක්මවා තිබෙන අතර ඉන් සුවය ලබා තිබෙන පුද්ගලයින් ගණන 50,000 ඉක්මවා තිබේ. එසේම පාකිස්තානය තුල 2550කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
Covdi-19 වයිරසයට ගොදුරු වී සිටින අෆ්රිඩි ඇතුළු සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදිමින් ආරක්ෂිතව සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<