සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට

සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

425

ටෙස්ට් තරග සංචාරයක් සඳහා සහභාගී වීමට සීෂෙල්ස් කාන්තා සහ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම් සහ ඔවුන්ගේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.  

ඔවුන් ජූලි 19 සිට 23 දක්වා තරග වැදීමට නියමිත අතර එම තරග රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය සහ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි. 

මෙම තරගාවලියේ දී සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, නාවික හමුදා කණ්ඩායම, යුද හමුදා කණ්ඩායම, ගුවන් හමුදා කණ්ඩායම සහ කෑගල්ල ඒකාබද්ධ කණ්ඩායම තරග වැදීමට නියමිතයි 

තරගාවලියේ කාලසටහන, 

  දිනය  තරගය පැවැත්වෙන ස්ථානය  සහභාගී වන කණ්ඩායම  තරග වේලාව 
01  2023 ජුලි 19  රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය  කෑගල්ල ඒකාබද්ධ කණ්ඩායම  කාන්තා – 1700hrs 
Men – 1900hrs 
02  2023 ජුලි 20  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය  ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම  කාන්තා – 1500hrs 
ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම  පිරිමි – 1700hrs 
03  2023 ජුලි 21  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය  ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම  කාන්තා – 1500hrs 
පිරිමි – 1700hrs 
04  2023 ජුලි 22  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය  ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම  කාන්තා – 1500hrs 
පිරිමි – 1700hrs 
05  2023 ජුලි 23  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය  ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම  කාන්තා – 1500hrs 
ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම  පිරිමි – 1700hrs 

 

මෙම තරගාවලියට සහභාගී වීමෙන් පසු සීෂෙල්ස් කණ්ඩායම් ජූලි 26 වැනිදා නැවතත් සිය මව් රට බලා පිටත් වීමට සැලසුම් කර තිබෙනවා.  

වොලිබෝල් පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<