ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ‘2022 ආණ්ඩුකාර කුසලාන’ (Governor’s Trophy) ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මැලේ, ලියෝ, ආදී ධර්මපාල සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජ සමත් වී තිබෙනවා.
කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණු මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 24ක් සහභාගී වූ අතර එහි මූලික වටය අවසානයේ දී A කාණ්ඩයේ පෙරමුණ දිනා ගත්තේ අපරාජිත මැලේ ක්‍රිකට් සමාජයයි.
ඔවුන් තරග 11කට සහභාගී වෙමින් ඉන් තරග 10ක ජය තහවුරු කර ගත් අතර තවත් එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනා. ජයග්‍රහණ 8ක් සමඟ ප්‍රසාද ලකුණු 42ක් දිනා ගත් යුනයිටඩ් සදර්න් එහි දෙවැනි ස්ථානය දිනා ගත්තා.
මූලික වටය අවසානයේ දී B කාණ්ඩයේ පෙරමුණ දිනා ගත් ආදී ධර්මපාල ක්‍රීඩා සමාජය තරග 11ක් ක්‍රීඩා කරමින් තරග 9ක් ජයගෙන ගියවර අනුශූරතාවයේ අභිමානය රැක ගන්නට සමත් වුනා..
ක්‍රීඩා කළ තරග 11න් තරග 9ක් ජයගෙන ප්‍රසාද ලකුණු 41ක් දිනා ගත් ලියෝ ක්‍රිකට් සමාජය එහි දෙවැනි තැන දිනා ගත්තා. එසේම ගියවර මේ තරගාවලියේ ශූරතාවය දිනා ගත් මොරටුව ක්‍රීඩා සමාජය A කාණ්ඩයේ සිව්වැනි ස්ථානය දිනාගෙන මෙවර තරගාවලිය අවසන් කළා.
- නිශාන් මධුශ්ක උපන්දිනය ශතකයකින් සමරයි
- නුවනිඳු පිට පිට සිව්වැනි ශතකයත් වාර්තා කරයි
- පුලින තරංගගෙන් කඩුලු ත්රිත්වයක්
- නිපුන් සහ නුවනිඳු ලකුණු 1000 සමාජයට
- දිනුක, තරිඳු සහ දුශාන් දක්ෂතා දක්වයි
ඒ අනුව මෙහි පළමු අවසන් පූර්ව තරගය A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත් මැලේ ක්‍රිකට් සමාජය සහ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් ලියෝ ක්‍රිකට් සමාජය කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගය මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.
මෙහි දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ B කාණ්ඩයේ පෙරමුණ දිනා ගත් ආදී ධර්මපාල ක්‍රීඩා සමාජය සහ A කාණ්ඩයේ දෙවැනි තැන දිනා ගත් යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය අතරයි. එම තරගය මේ මස 26 වැනිදා ම දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.
එසේම මෙහි මූලික වටය අවසානයේ දී A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ අවසන් ස්ථාන දිනා ගත් නාරම්මල ක්‍රීඩා සමාජය සහ Crusaders ක්‍රීඩා සමාජය එළඹෙන තරග සමයේ දී අන්තර් පළාත් තරගාවලිය (Intra-Province Tournament) දක්වා පහත හෙළීම (relegated) සිදු වෙනවා.
Group A – Points Table
Team | M | W | L | N/R | PT | NRR | |
1 | MALAY CC | 11 | 10 | 0 | 1 | 48 | 1.322 |
2 | UNITED SOUTHERN SC | 11 | 8 | 1 | 2 | 42 | 1.303 |
3 | RIO SC | 11 | 6 | 3 | 2 | 32 | 0.987 |
4 | MORATUWA SC | 11 | 6 | 4 | 1 | 32 | 0.419 |
5 | ANTONIAN SC | 11 | 5 | 3 | 3 | 30 | 0.901 |
6 | KURUNEGALA SC | 11 | 5 | 4 | 2 | 29 | -0.437 |
7 | OLD SERVATUS SC | 11 | 5 | 6 | 0 | 24 | -0.149 |
8 | HETTIPOLA SC | 11 | 4 | 6 | 1 | 21 | -0.400 |
9 | OLD ZAHIRIAN CC | 11 | 3 | 6 | 2 | 19 | -0.561 |
10 | SADALANKA CC | 11 | 3 | 7 | 1 | 16 | -0.577 |
11 | KANDY YCC | 11 | 1 | 7 | 3 | 11 | -0.992 |
12 | NARAMMALA SC | 11 | 0 | 9 | 2 | 4 | -2.477 |
Group B – Points Table
Team | M | W | L | N/R | PT | NRR | |
1 | OLD DHARMAPALIAN SC | 11 | 9 | 1 | 1 | 44 | 0.889 |
2 | LEO CC | 11 | 8 | 2 | 1 | 41 | 0.832 |
3 | KANDY CC | 11 | 6 | 4 | 1 | 29 | 0.528 |
4 | AMBEPUSSA SINGHA SC | 11 | 6 | 4 | 1 | 28 | 0.027 |
5 | UNICHELA SC | 11 | 5 | 4 | 2 | 26 | 0.333 |
6 | AMBALANGODA SINGHA SC | 11 | 5 | 6 | 0 | 24 | 0.114 |
7 | GESTO CC | 11 | 4 | 6 | 1 | 22 | -0.309 |
8 | KANDUKARA SC | 11 | 4 | 6 | 1 | 20 | 0.206 |
9 | DIGAMADULLA CC | 11 | 3 | 5 | 3 | 19 | -0.550 |
10 | RATHNAPURA SC | 11 | 4 | 7 | 0 | 17 | -1.026 |
11 | RAJARATA SC | 11 | 3 | 7 | 1 | 15 | -0.538 |
12 | CRUSEDERS SC | 11 | 2 | 7 | 2 | 13 | -0.527 |
තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<