උදාවූ 2019 වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සහ වයස අවුරුදු 23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.
ඒ අනුව ජාතික පිරිමි වොලිබෝල් සංචිතයන් සඳහා ක්‍රීඩකයන් තේරීමේ මූලික පරීක්ෂණ මෙම මස (ජනවාරි) 14 සහ 15 පෙ.ව. 8.30 සිට කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ජාතික පුහුණුකරුවන් සඳහා අයදුම්පත් කැඳවයි
එළඹෙන 2019 වසරේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් සහ කනිෂ්ඨ කාන්තා..
මේ වසරේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි අංශයේ වොලිබෝල් තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි ජාතික වොලිබෝල් සංචිතය සඳහා ක්‍රීඩකයන් තේරීමේ මූලික පරීක්ෂණය මෙම මස 14 වැනිදා පෙ.ව. 8.30 සිට කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
එමෙන්ම මෙම වසරේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය සඳහා ද ක්‍රීඩකයන් තේරීමේ මූලික පරීක්ෂණය මෙම මස 15 වැනිදා පෙ.ව. 8.30 සිට කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.
ඉහත සංචිතයන් තේරීමේ මූලික පරීක්ෂණ සඳහා සහභාගී වන ක්‍රීඩකයින් එම එක් එක් දිනයන් වලදී පෙ.ව. 8.00 පෙර කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටියි.
විදුලි බලය විසන්ධි කළ වරාය ක්‍රීඩකයෝ සුපර් ලීග් ශූරතාවට හිමිකම් කියති
මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අවසන් මහා තරගය ඊයේ (16) මහරගම..
පසුගිය වසරේ දී (2018) පැවති පළමු ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ජාතික වොලිබෝල් කණ්ඩායම 2016 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. 2017 වසරේ දී පැවති වයස අවුරුදු 23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලියේ දී 10 වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.
>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <