දසුන් ශානකට ඇමරිකාවෙන් ඇරයුම්

Major League Cricket (MLC) 2023

936

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක දසුන් ශානක, පළමු වරට සංවිධානය කරන, Major League ක්‍රිකට් තරගාවලියේ Seattle Orcas කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා.

ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මෙම වරලත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (franchise-based T20 tournament) සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන 5 වැනි ක්‍රීඩකයා දසුන් වන අතර වනිඳු හසරංග (Washington Freedom), ශෙහාන් ජයසූරිය (Seattle Orcas), ඇන්ජලෝ පෙරේරා (Seattle Orcas) සහ ලහිරු මිලන්ත (Team Texas) මීට මාස දෙකකට පමණ පෙර පැවති ක්‍රීඩක කෙටුම්පත්කරණයේ දී ඒ ඒ කණ්ඩායම් වෙනුවෙන් තෝරාගෙන තිබුණා.

Washington Freedom විසින් වනිඳු හසරංගව විදෙස් ක්‍රීඩකයෙකු ලෙස සිය කණ්ඩායම වෙනුවෙන් තෝරා ගනිද්දී, ජයසූරිය, ඇන්ජෙලෝ සහ මිලන්ත යන තිදෙනා දේශීය ක්‍රීඩකයින් ලෙස ඒ ඒ කණ්ඩායම් විසින් තෝරා ගැනුණේ ඔවුන් මේ වන විටත් ඇමරිකාවේ වාසය කරන ක්‍රීඩකයින් නිසාවෙනුයි.

ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය එළඹෙන ජූලි 13 වැනිදායින් ආරම්භ වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් 6ක සහභාගීත්වයක් සහිතවයි. එම කණ්ඩායම් Team Texas, Los Angeles Knight Riders, MI New York, San Francisco Unicorns, Seattle Orcas සහ Washington Freedom ලෙස නම් කර ඇති අතර තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔබට ThePapare.com ඔස්සේ දැන ගැනීමට හැකි. රැඳෙන්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<