අද (12) නිමා වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය. එසේම ගුරුකුල විද්‍යාලය හා සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවති තරගය ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දෙමින් අවසන් විය.
ඊට අමතරව අද ආරම්භ වූ අනෙකුත් තරගවල පළමු දිනය අවසානයේ වැඩි වාසිය ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස්, මලියදේව, වෙස්ලි හා ත්‍රිත්ව විද්‍යාල සමත් විය.
අශේන් බණ්ඩාරගෙන් ශතකයක්
සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ අශේන් බණ්ඩාර ඩී එස්. සේනානායක විද්‍යාලයට එදිරිව ලබාගත් ශතකයත්…
සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ මේ තරගයෙන් කඩුලු 10 ජයක් ලබා ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය.
ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම ලකුණු 112කට සීමා කර සාන්ත ඇලෝසියස් විද්‍යාල පන්දු යවන්නන් නැවතත් පන්දු යැවීමට තීරණය කරන ලදි. සිය දෙවන ඉනිමට ලකුණු 178ක් ලබාගත් ඩී. එස්. සේනානායක විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට චමත් යටවර හා පසිඳු අවිශ්ක සමත් වුවත් ඔවුන්ට පරාජයෙන් බේරීමට නොහැකි විය. කවිශ්ක ඩිල්ශාන් තරගය පුරාවට කඩුලු 9ක් දවා ගන්නා ලදි.
සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 283/7 d (81.1): අශේන් බණ්ඩාර 101, ගිම්හාන ආශිර්වාද 39, රවිඳු සංජන 28, පසිඳු ආධිත්‍යය 2/28, මුදිත ලක්ෂාන් 2/62.
ඩී. එස්. සේනානායක විද්‍යාලය – 112 (46.2): චමත් යටවර 24, කවිශ්ක ඩිල්ශාන් 5/27, නිලුෂ දුල්මිණ 3/16.
ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම (F/O) – 178 (47.4): චමත් යටවර 53, පසිඳු අවිශ්ක 47, හරින් බුද්ධිල 4/48, කවිශ්ක ඩිල්ශාන් 4/58.
සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම – 11/0 (2.1):
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය
කදිරාන පිටියේ දී B කාණ්ඩයේ තරගයක් ලෙස අවසන් වූ මෙම තරගයෙන් ලකුණු 90ක ජයක් ලබා ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය.
තරගයේ ඊයේ දිනය අවසන් වන විට සංචාරක වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටියේය. අද උදෑසනම ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 116කට සීමා විය.
අනතුරුව සිය දෙවන ඉනිම දියත් කළ මාරිස් වෙනුවෙන් ස්ටෙල්ලා විද්‍යාලය රොෂේන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 33*ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම ලකුණු 111ක් දක්වා රැගෙන ගියේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සවිඳු පීරිස් හා කෞමාල් නානායක්කාර පිළිවෙළින් කඩුලු 6ක් හා කඩුලු 4ක් දවා ගත්හ.
ලකුණු 168ක් ඉලක්කයක් හඹා ගිය වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම ලකුණු 77කට සීමා කිරීමට පසිඳු උෂෙට්ටි හා රවිඳු ප්‍රනාන්දු සමත් වූ අතර පසිඳු තරගය පුරාවට දවා ගත් කඩුලු ගණන 10ක්..
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 172 (56.1): මාර්ක් ප්‍රනාන්දු 41, කෙවින් පෙරේරා 38, කෞමාල් නානායක්කාර 4/43, මදුක ප්‍රනාන්දු 2/35, සවිඳු පීරිස් 2/58.
වේල්ස් කුමර විද්‍යාලය – 116 (40.1): සුවත් මෙන්ඩිස් 25, පසිඳු උෂෙට්ටි 5/34, නවීන් ප්‍රනාන්දු 3/30, මලින් ප්‍රනාන්දු 3/31.
මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම – 111 (36): රොෂේන් ප්‍රනාන්දු 33*, ලසිත් කෘස්පුල්ලේ 23, සවිඳු පීරිස් 6/57, කවුමාල් නානායක්කාර 4/35.
වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම – 77 (30): විශ්ව චතුරංග 30, පසිඳු උෂෙට්ටි 5/31, රවිඳු ප්‍රනාන්දු 5/25.
6 පහර 7ක් සමඟින් සංගා වැඩ පෙන්වයි
පෙබරවාරි මස 6 වැනිදා සිට 11 දක්වා පැවැත්වූ හොංකො “T20 බ්ලිට්ස්” ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) පැවති අවසන් මහා තරගයේ දී කුමාර් …
සාන්ත සර්වේසස් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටු මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එහි පළමු ඉනිම ජය ගැනීමට ගුරුකුල විද්‍යාලය සමත් විය.
සාන්ත සර්වේසස් විද්‍යාලය ලබාගත් ලකුණු 191කට පිළිතුරු ලෙස පෘථිවි රූසර ප්‍රමුඛ ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 212ක් ලබාගෙන පළමු ඉනිමේ ජය තහවුරු කර ගන්නා ලදි. තරගය අවසන් වන විට සාන්ත සර්වේසස් විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 155ක් ලබාගෙන තිබුණි.
කේසර නුවන්ත ලකුණු 43යි. ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ නුවන් චානක පිතිකරණයෙන් ලකුණු 33ක් හා දෙවන ඉනිමේ කඩුලු 3ක් දවා ගන්නා ලදි.
සාන්ත සර්වේසස් විද්‍යාලය – 191 (61.4): චේතක දෙනුවන් 42, පසිඳු මනුප්‍රිය 39, ඉසුරු උදයංග 37, තිලාන් ප්‍රශාන් 27, යුශාන් මලිත් 4/24.
ගුරුකුල විද්‍යාලය – 212 (73.1): පෘථිවි රූසර 40, කෙමිර නයනතර 36, නුවන් චානක 33, ලසිඳු අරෝෂ් 31, සහාසික දුල්ශාන් 3/58.
සාන්ත සර්වේසස් විද්‍යාල දෙවන ඉනිම – 155/9 (56.3): කේසර නුවන්ත 43, නුවන් චානක 3/39.
පළමු දිනයට පැවැත්වූ තරග
සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස හා ලුම්බිණි විද්‍යාලය
D කාණ්ඩයේ තරගයක් වූ මෙහි පළමු දිනය නිමා වන විට සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණ 126යි.
කාසියේ වාසිය දිනාගත් සාන්ත තෝමස් විද්‍යාලය ලුම්බිණි පළමු ඉනිම ලකුණු 179කට සීමා කළේය. කෙවින් කෙමිත හා ලකිඳු උපේන්ද්‍ර පිළිවෙළින් ලකුණු 43ක් හා ලකුණු 38යි. ශැනොන් ප්‍රනාන්දු කඩුලු 6යි. සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් මන්තිල විජේරත්න හා දුලිප් ගුණරත්න නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටියි.
ලුම්බිණි විද්‍යාලය – 179 (67.3): කෙවින් කෙමිත 43, ලකිඳු උපේන්ද්‍ර 38, ශැනොන් ප්‍රනාන්දු 6/33.
සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 126/3 (27): මන්තිල විජේරත්න 49*, දුලිප් ගුණරත්න 46*.
ත්‍රිත්ව විද්‍යාලය හා ධර්මාසෝක විද්‍යාලය
කාසියේ වාසිය දිනාගත් ධර්මාසෝක විද්‍යාලය A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයේ පළමුව පන්දු රකින ලදි.
ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ට්‍රේවොන් පර්සිවේල් ලකුණු 63ක් ලබාගෙන ඔවුන්ගේ ලකුණු පුවරුව යම් මට්ටමක ඔසවා තබන ලදි. දිනුක ඩිල්ශාන් කඩුලු 5යි. මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට ධර්මාසෝක විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 150ක් ලබාගෙන පළමු ඉනිමේ පරාජයක් අභියස සිටියි.
ත්‍රිත්ව විද්‍යාලය – 181 (41.4): ට්‍රේවොන් පර්සිවේල් 63, හසින්ත ජයසූරිය 33, දිනුක ඩිල්ශාන් 5/27, අකිල මෙන්ඩිස් 3/09.
ධර්මාසෝක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 150/9 (50): රවිඳු රශාන්ත 40, ඉසුරින්ද මෙන්ඩිස් 36, රශ්මික නිමේශාන් 3/25, කවිෂ්කා සේනාධීර 3/27.
ධර්මපාල විද්‍යාලය හා මලියදේව විද්‍යාලය
කුරුණෑගල වෙලගෙදර පිටියේ පළමු දිනට ක්‍රියාත්මක වූ මේ තරගයේ පළමු දිනයේ වැඩි වාසිය ලබා ගැනීමට මලියදේව විද්‍යාලයට හැකි විය. කාසියේ වාසිය දිනාගත් ධර්මපාල විද්‍යාලය පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වෙලගෙදර තණතීරුව මත සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 293ක් ලබා ගන්නා ලදි. එම ඉනිම ශතකයකින් වර්ණවත් කළ අවිශ්ක හසරින්ද ලකුණු 101යි. පළමු දිනය අවසන් වන විට මලියදේව විද්‍යාල ලකුණු සටහනට නොදැවුණු අර්ධ ශතක දෙකක් එක කිරීමට සුපුන් සුමනරත්න හා මුදිත ප්‍රේමදාස සමත් විය.
ධර්මපාල විද්‍යාලය – 293 (62): අවිශ්ක හසරින්ද 101, මලිත් සඳකැලුම් 69, අශේන් එගොඩගේ 40, කවීන් බණ්ඩාර 4/66.
මලියදේව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 164/1 (33): සුපුන් සුමනරත්න 82*, මුදිත ප්‍රේමදාස 51*, චලුක අතපත්තු 21.
සයිමන් විලිස් ඉල්ලා අස්වෙයි
තුන් අවුරුදු ගිවිසුමකට එළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා වර්ධන කළමනාකරු ලෙස කටයුතු…
වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය
මොවින් සුභසිංහ හා හසිත් ගීසරගේ පිතිකරණයෙන් හැඩගැන්වුණු මේ තරගයේ පළමු දිනය තුල කාසියේ වාසිය දිනූ වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් ලකුණු 273ක අගනා ලකුණු පුවරුවක් වෙත යාමට හැකි විය. මොවින් ලකුණු 82යි. පන්දු යැවීමේ දී ජෝසප් වාස් විද්‍යාලය හට සහනයක් වූ නිපුන් දනංජය පළමු ඉනිමේ කඩුලු 6ක් දවාලන ලදි.
මෙම තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස කැම්බල් පිටියේ දී පැවැත්විය.
වෙස්ලි විද්‍යාලය – 273 (76.1): මොවින් සුභසිංහ 82, හසිත් ගීසර 47, සකුන්ත ලියනගේ 33, තිසුරක අක්මීමන 30, බුද්ධිම විජේසුන්දර 28, නිපුන් දනංජය 6/74, අවිඳු ශෙහාර 3/66.
ජෝසප් වාස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 34/2 (16):
පළමු දිනයට පැවැත්වූ තරග සියල්ල හෙටත් (13) පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<