1992 වසරේ ශ්‍රී සුමංගල විද්‍යාලයට හඳුන්වා දෙන රග්බි ක්‍රීඩාව මුල් අවදියේ දී දැඩි බාධක රැසක් මතින් ගොඩනැගුණි. එම වසරේ පටන් දෙවැනි කාණ්ඩයේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ සුමංගල විද්‍යාලය 1997 වසරේ දී පළමු කාණ්ඩය දක්වා ඉහළට පැමිණීමට සමත් වූයේ වත්මන් රග්බි සභාපති සිදත් චන්ද්‍රරත්න මහතා නායකත්වය දරන සමයේ වීම විශේෂත්වයකි.
වසර 3කට පසු 2000 වසරේ දී නැවතත් දෙවැනි කාණ්ඩය දක්වා පසුබැසීමට සුමංගල විද්‍යාලයට සිදු වූ අතර 2016 දක්වා ඔවුන් එම කාණ්ඩයේ ක්‍රීඩා කළේය.
රග්බි ක්‍රීඩාව ආරම්භ කළ අවදියේ එතරම් සාර්ථක නොවූ සුමංගල විද්‍යාලයට රග්බි වසන්තය උදා වන්නේ 2016 වසරේ දී ය. එම වසරේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ දෙවන කාණ්ඩයේ ක්‍රීඩා කළ සුමංගල විද්‍යාලය එහි ශූරතාව දිනා ගැනීමත් සමඟම එම කාණ්ඩයේ ඉහළටම පැමිණියේය.
මුහුද අසබඩ රග්බි බලකාය 2020 කුසලානයට අවි සූදානම් කරයි
පාසල් රග්බි පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය 2020 වසරේ අන්තර් පාසල්….
2016 වසරේ සිට 2019 දක්වා තමන් ක්‍රීඩා කළ කාණ්ඩ සියල්ලකම ශූරතාව දිනා ගත් ඔවුන් 2019 වසරේ පළමු කාණ්ඩයේ B කණ්ඩායම් අතරට එක්වන්නේ ඔවුන් ලබා ගත් ඉහළම ජයග්‍රහණය වාර්තා කරමිනි.
මේ දක්වා ඔවුන් පැමිණි ගමන එතරම් සුවදායක නොවූ අතර කණ්ඩායමට අවශ්‍ය සියලු දේ තමන්ට හැකි අයුරින් සපයා දීමට විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා දෙමාපියන් ක්‍රියා කලේ කණ්ඩායම පිළිබඳව ඇති විශ්වාසය නිසාවෙනි.
පසුගිය වසරේ දී බලාපොරොත්තු රැසක් සමඟින් තරගාවලියට පිවිසි සුමංගල විද්‍යාලය ඔවුන් ක්‍රීඩා කල තරග 5න් 4 ක්ම ජයග්‍රහණය කිරීමට සමත් විය. ඔවුන් පරාජය වී තිබුණේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට පමණි.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 86-06ක් ලෙස දැවැන්ත පරාජයකට ලක් කළ ඔවුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කලේ ලකුණු 38-17ක් ලෙසිනි. කොළඹ ලුම්බිණි විද්‍යාලය ලකුණු 19-14ක් ලෙසත්, කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 34-18ක් ලෙසත් පරාජය කරමින් පලඟ ශූරතාව සඳහා සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත් විය.
පලඟ ශූරතාව සඳහා වූ තරගාවලියේ දී එතරම් සාර්ථක වීමට සුමංගල විද්‍යාලයට හැකි වූයේ නැත. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හමුවේ ලකුණු 58-18ක් ලෙසත්, කුරුණෑගල මලියදේව විද්‍යාලය හමුවේ ලකුණු 17-26ක් ලෙසත්, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හමුවේ ලකුණු 29-03ක් ලෙසත් පරාජය වීමට සුමංගල විද්‍යාලයට සිදු විය.
පලඟ ශූරතාවයේ අවසන් තරගයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලය සුමංගල කණ්ඩායම ලකුණු 14-21ක් ලෙස පරාජය කරමින් A කාණ්ඩයට පිවිසීමට සමත් විය.
ශ්‍රී සුමංගල විද්‍යාලය මෙවර තරගාවලියේ IIB කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන අතර එයට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ඇතුළත් වේ.
2020 ශූරතාවයට බම්බලපිටියේ සාන්තුවරුන්ගේ සූදානම
2018, 2019 වසර දිවිත්වයම පාසල් ඉතිහාසයේ රන් අකුරින් ලියමින් මයිලෝ ජනාධිපති කුසලානය අඛණ්ඩව දෙවරක්…
මෙවර සුමංගල කණ්ඩායමේ නායකත්වය අංක 8 ක්‍රීඩක මිලාන් මන්ත්‍රීගම හට හිමිව ඇත. ප්‍රොප් ක්‍රීඩක මොහොමඩ් මනාස් උපනායකත්වය දරනු ඇත.
සුමංගල කණ්ඩායම නවක හා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වන අතර ශක්තිමත් ඉදිරිපෙළක් හා වේගවත් පසුපෙළක් සමඟින් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.
මෙවර තරගාවලිය සඳහා සහභාගි වන සුමංගල විද්‍යාලයයීය රග්බි කණ්ඩායම
මොහොමඩ් මනාස්, සුපුන් ලක්ශාන්, භානුක ඉමේශ්, දේවින්ද කුමාර, කවිඳු ඩිලංක, ක්‍රිශාන් ආදිත්‍ය, චමුදිත තිලකරත්න, මිලාන් මන්ත්‍රීගම, මනූශ කාවින්ද, සදීප දසුන්, සහන් ප්‍රභාත්, තරූශ සමුදිත, සංදීප ලක්ශාන්, නිපුන් ජයතිලක, ඉශාන් ශ්‍රීනාත්, පියුමික ටෙශාන්, ගයාන් චතුරංග, සජිත වැලිගම, හසිත ශානුක, පසිදු නේත්‍රාංජන, ජනිත අබේධීර, කවිඳු රශ්මික, ජනිත් පෙරේරා, චානක බංඩාර, අංජන පැතුම්
සුමංගල විද්‍යාලයේ මෙවර තරග කාලසටහන
- මාර්තු 07 – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී
- මාර්තු 15 – තර්ස්ටන් විද්‍යාලය – පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී
- මාර්තු 21 – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී
- මාර්තු 28 – ආනන්ද විද්‍යාලය
- අප්‍රේල් 06 – ඩී. එස්. සේනානායක විද්‍යාලය – කොළඹ CR&FC
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<