පාසල් රග්බි පිටියේ නිවාඩුව අවසන්

372

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා, පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව දින නියමයක් නොමැතිව කල් ගිය “2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය”, ජුනි මස පළමු වැනිදා සිට ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ.

පාසල් රග්බි ලීගය අරඹන්න සූදානම්?

පසුගිය පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් ……..

අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් තරගාවලිය සඳහා අවසර ලබා දී ඇති අතර කොළඹ ප්‍රදේශයේ පාසල්වල රග්බි කණ්ඩායම් විසින් සත්කාරකත්වය දක්වන තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීත්, නුවර ප්‍රදේශයේ පාසල්වල රග්බි කණ්ඩායම් සත්කාරකත්වය දක්වන තරග නුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.

බ්‍රැඩ්බි පලිහ තරග රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී හා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. මෙම තරග සියල්ලක්ම දැඩි ආරක්ෂාව යටතේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සැලසුමට අනුව කුසලාන ශූරතාවයේ තරග හා පලඟ ශූරතාවයේ තරග සති අන්තයේ සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා පැවැත්වීමට නියමිත අතර බඳුන ශූරතාවයේ හා දෙවන කාණ්ඩයේ තරග බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා ඉහත සඳහන් වේලාවන්වල දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අද (02) ක්‍රීඩා අමාත්‍යාංශයේ …….

එසේම ජුනි 30 වැනිදායින් 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් වන අතර ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරතාවය ජූලි මස 6 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. එහි අවසන් පූර්ව තරග ජූලි මස 13 වැනිදා සහ අවසන් මහා තරගය ජූලි 20 වැනිදා පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත. එම තරග සියල්ලම සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පාසල් රග්බි පිටියේ තවත් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<