සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12 දෙනකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
පත් කරන ලද එම සම්බන්ධිකාරකවරුන්ගේ ප්‍රධාන වගකීම බවට පත්ව තිබෙන්නේ දිස්ත්‍රික් හා පළාත් ආවරණය වන පරිදි සියලුම වයස් කාණ්ඩ යටතේ වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත සොයා දීමයි.
ඒ අනුව ඔවුන් දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් සංගම්, පාසල් පුහුණුකරුවන්, ක්‍රිකට් භාර ආචාර්යවරුන් සහ විදුහල්පතිවරුන් සමඟ කටයුතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සැඟවී තිබෙන දක්ෂතා හඳුනා ගනිමින් තරුණ මට්ටමේ වැඩසටහන් හරහා ජාතික තලය දක්වා රැගෙන එනු ඇත.
තවත් ක්‍රිකට් පුවත්:
- 96 ලෝක ක්‍රිකට් ශූරයින් යාපනයට
- අලුත් T20 නායකයාගේ කොදෙව් ගමනට බාධා
- Video – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටව යයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් Casual Clothing අනුග්‍රාහකත්වය යලි අලුත් වෙයි
සම්බන්ධීකාරකවරුන් සිව් දෙනෙකුගෙන් 2017/2018 වසරේ දී ආරම්භ වුණු මෙම වැඩසටහන යටතේ 2020 වන විට සම්බන්ධීකාරකවරුන් ගණන 6ක් දක්වා ඉහළ දැමූ අතර අනතුරුව දිවයිනේ සියලුම කලාප ආවරණය වන පරිදි වූ සෙවීම් පුළුල් කිරීමේ පරමාර්ථයෙන් එම සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.
එම සම්බන්ධීකාරකවරුන්ගේ පත්වීම් සහතික පිරිනැමීම ඉකුත් දා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා සහ එහි ලේකම් කමල් ඉන්ද්‍රජිත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
නව පත්වීම් ලබා ගත් පළාත් සම්බන්ධීකාරවරුන්,
- මලික් කීර්ති ප්‍රනාන්දු – බස්නාහිර (පිටත)
- සමන් හෙට්ටිආරච්චි – බස්නාහිර (උතුර)
- කණිෂ්ක පෙරේරා – බස්නාහිර (මධ්‍යම)
- ඩී. එම්. රාජරත්න – බස්නාහිර (දකුණ)
- සුරාජ් සංජීව – බස්නාහිර (දකුණ පිටත)
- ලීලානන්ද කුමාරසිරි – දකුණ
- සිසිර වීරසිංහ – ඌව
- ඉන්දික හෙට්ටිආරච්චි – නැගෙනහිර
- නුවන් සමරනායක – මධ්‍යම
- කීර්ති ගුණරත්න – උතුරු මැද
- ඒ. එම්. ඒ. පී. අතපත්තු – වයඹ
- වී. හජීපන් – උතුර
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<