ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළඹෙන මැයි මාසයේ දී ටෙස්ට් තරග දෙකක් සඳහා බංග්ලාදේශයට සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දන්වා සිටිනවා.
ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් මෙම තරග දෙක ක්‍රීඩා කිරීමට සඳහා ශ්‍රී ලංකා සංචිතය මැයි 8 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.
- දිමුත් එංගලන්තයට
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ඉතිහාසගත තරගාවලියක්
- දැවැන්ත තරගාවලියකට ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට
- RCB මංගල ජය තහවුරු කළ වනිඳු වීරයා වෙයි
- චමීරගේ දස්කම් අපතේ යවමින් Gujarat Titans පෙරට
තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා සිට 19 වැනිදා Chattogram හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ ඩකා හිදී. ඒ් මැයි 23 වැනිදා සිට 27 වැනිදා දිනවල දීයි.
නිල ටෙස්ට් තරග දෙකට පෙර ශ්‍රී ලංකාව දෙදින පුහුණු තරගයක් සඳහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරගාවලියේ කාලසටහන
- දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
- පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
- දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka
තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<