කොදෙව් – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැටුමට දින නියම වෙයි

West Indies Women’s tour of Sri Lanka 2024

105

එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජූනි මස දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජූනි මස 15 සිට 21 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

එම එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසු ජූනි මස 24 සිට 28 දක්වා විස්සයි විස්ස තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

තරගාවලි කාලසටහන,

  • ජූනි 15 වැනිදා – පළමු එක්දින තරගය (ගාල්ල)
  • ජූනි 18 වැනිදා – දෙවැනි එක්දින තරගය (ගාල්ල)
  • ජූනි 21 වැනිදා – තෙවැනි එක්දින තරගය (ගාල්ල)
  • ජූනි 24 වැනිදා – පළමු විස්සයි විස්ස තරගය (හම්බන්තොට)
  • ජූනි 26 වැනිදා – දෙවැනි විස්සයි විස්ස තරගය (හම්බන්තොට)
  • ජූනි 28 වැනිදා – තෙවැනි විස්ස විස්ස තරගය (හම්බන්තොට)

මෙම තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<