බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන නිකුත් කරයි

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1640
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් සමන්විත තරගාවලියක් සඳහා බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

එක්දින තරගාවලිය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර විස්සයි විස්ස තරගාවලිය SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගවලට අමතරව ශ්‍රී ලංකා සභාපති කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග දෙකක් ද පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරයට ඇතුළත් එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවයට ඇතුළත් වන අතර මේ සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

තරග කාලසටහන

දිනය තරගය ක්‍රීඩාංගණය
අප්‍රේල් 27 Bangladesh vs SLC Board President’s XI CCC
අප්‍රේල් 29 1st ODI පී. සරා ඕවල්
මැයි 2 2nd  ODI පී. සරා ඕවල්
මැයි 4 3rd ODI පී. සරා ඕවල්
මැයි 7 Bangladesh vs SLC Board President’s XI CCC
මැයි 9 1st T20I SSC
මැයි 11 2nd T20I SSC
මැයි 12 3rd T20I SSC

තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<