අගෝස්තු මාසය අවසානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියා කුසලානයේ කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් අද (02) නිල වශයෙන් නිවේදනය කළා.
අගෝස්තු 27 වැනිදා අරම්භ වීමට නියමිත තරගාවලිය සැප්තැම්බර් 11 වැනිදා දක්වා ඩුබායි සහ සාජා කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලියේ සමාරම්භක තරගය සත්කාරක ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඩුබායි හිමි පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව සිය දෙවැනි තරගයේ දී බංග්ලාදේශ සමඟින් තරග වැදීමට නියමිතයි.
- ආසියා කුසලානය ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
- 2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී
- පාකිස්තානයට එරෙහි දඟයන්ගේ අරගලය
- දැවැන්ත ජයක් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි
- SLC ආරාධිත ලීගයේ කණ්ඩායම් සහ කාලසටහන නිකුත් කෙරේ
ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ B කාණ්ඩය සඳහා ඇතුළත්ව සිටින අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය එම කාණ්ඩායේ සිටින අනෙකුත් රටවල් වනවා.
ඉන්දියාව, පාකිස්තානය සහ සුදුසුකම් ලබා ගැනීම ඔස්සේ පිවිසෙන අනෙක් කණ්ඩායම (Qualifier) A කාණ්ඩය සඳහා ඇතුළත් වනවා.
එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් 4 “සුපිරි 4” වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු අනුව පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් සැප්තැම්බර් 11 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.
2022 ආසියා කුසලානයේ කාලසටහන
කණ්ඩායම් | දිනය | කාණ්ඩය | ස්ථානය |
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය | අගෝස්තු 27 | B | ඩුබායි |
ඉන්දියාව සහ පාකිස්තානය | අගෝස්තු 28 | A | ඩුබායි |
බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය | අගෝස්තු 30 | B | Sharjah |
ඉන්දියාව සහ සුදුසුකම් ලබන්නා කණ්ඩායම (Qualifier) | අගෝස්තු 31 | A | ඩුබායි |
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය | සැප්තැම්බර් 1 | B | ඩුබායි |
පාකිස්තානය සහ Qualifier | සැප්තැම්බර් 2 | A | සාජා |
B1 vs B2 | සැප්තැම්බර් 3 | Super 4 | සාජා |
A1 vs A2 | සැප්තැම්බර් 4 | Super 4 | ඩුබායි |
A1 vs B1 | සැප්තැම්බර් 6 | Super 4 | ඩුබායි |
A2 vs B2 | සැප්තැම්බර් 7 | Super 4 | ඩුබායි |
A1 vs B2 | සැප්තැම්බර් 8 | Super 4 | ඩුබායි |
B1 vs A2 | සැප්තැම්බර් 9 | Super 4 | ඩුබායි |
අවසන් මහා තරගය (1st Super 4 vs 2nd Super 4) | සැප්තැම්බර් 11 | – | ඩුබායි |
තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<