කාන්තා දුර පැනීමේ ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු ශූරිය වන සාරංගි ද සිල්වා මෙම සති අන්තයේ ජපානයේ දී පැවැත්වෙන Seiko Golden Grand Prix 2023 මලල ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ලෝක මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන මහද්වීපික සංචාරය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රේණිගත කිරීමට අනුව රන් කාණ්ඩයේ තරගාවලියක් වෙනවා.
- ගයන්තිකා ජපානයේ දී නැවතත් පළමු තැනට
- අයෝමාල්ගෙන් ලක් මාතාවට ලෝකඩ පදක්කම්
- අරුණගෙන් ජපානයේ දී තවත් සුපිරි ධාවනයක්
- අයෝමාල්ගෙන් ලක් මාතාවට ලෝකඩ පදක්කම්
- ගයන්තිකා සහ අරුණ ජපානයේ දී වැඩ පෙන්වයි
රන් කාණ්ඩයේ තරගාවලි සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට හිමි වන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වැඩි නිසා ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගාවලිය සාරංගි සිල්වාට ඉතා වැදගත්.
ජපානයේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළෙහි ගෝන් ප්‍රී තරගාවලියක් වන මෙය සඳහා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය වැනි රටවල් කිහිපයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
වර්තමානයේ දුර පැනීම ඉසව්වෙහි ඉහළ දස්කම් දක්වන සාරංගි සිල්වා සිය හොඳම දක්ෂතාව ලෙස මීටර් 6.65ක දුර වාර්තා කර තිබෙන අතර එය කාන්තා දුර පැනීම ඉසව්වේ ශ්‍රී ලංකාව වාර්තාව ද වෙනවා.
එමෙන්ම සාරංගි 2022 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට දුර පැනීම ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රේණිගත කිරීම් තුළින් සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සූදානම් වීම ඉලක්ක කර ඇය එම තරගාවලිය සඳහා සහභාගී වූයේ නැහැ.
Seiko Golden Grand Prix 2023 තරගාවලිය ඉරිදා (21) පැවැත්වීමට නියමිතව ඇති අතර තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<