ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ශාහීඩ් අෆ්රිඩි, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඉයන් මොර්ගන් හා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ශෙවාග් යන ක්‍රීඩකයින්ගේ සහභාගීත්වවෙන් පැවැත්වෙන T10 ක්‍රිකට් තරගාවලියක් මේ වසරේ අගදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.
තිරිමාන්න ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ සටනක
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් උපනායක ලහිරු තිරිමාන්න අද (06) ඩුබායි හීදී ආරම්භ වන පාකිස්තානය සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සිය ශාරීරික යෝග්‍යතාව ….
2003 වර්ෂයේ දී එංගලන්තය විසින් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් නමුත්, එහි පළමු ජාත්‍යන්තර තරගය පැවැත්වූයේ 2005 ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.
එම ක්‍රිකට් ආකෘතිය හරහා ක්‍රිකට් පිටියට නව තරගාවලි රැසක්ම දායාද වූ අතර, ඒ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය, බිග් බැශ් තරගාවලිය පෙරමුණේ පසුවෙයි.
මෙම T10 ක්‍රිකට් තරගාවලියේ සභාපති සල්මාන් ඉක්බාල් මහතා පැවසූවේ මෙවැනි අකාරයකට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි තුළින් ක්‍රීඩකයින්ගේ තියුණු ප්‍රහාරයන්ගේ අසිරිය දැකගන්නට ක්‍රීඩාලෝලීන්ට හැකි වන බවයි. එයින් ඉතාමත් හොඳ ආස්වාදයක් ද ලබා ගැනීමට හැකි වෙනු ඇතැයි ඒ මහතා පවසන ලදි.
“මම මේ තරගාවලිය පිළිබඳව මුලින්ම අදහස් ප්‍රකාශ කරන විට, එය ඉතාමත් උණුසුම්කාරී තරගාවලියක් වෙනු ඇතැයි මට සිතුණා, එ්ක නිසා මෙවන් ආකාරයේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ඉල්ලීමක් කළා යැයි.”
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක අෆ්රිඩි මහතා ප්‍රකාශ කර සිටියේය.
දිමුත්ගේ ශතකයෙන් හැඩවුණු ඉනිම පාකිස්තානුවන් හඹායාම අරඹයි!
පාකිස්තානු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනය (07) නිමා වෙද්දී තරගය තුල සුරක්ෂිත වන්නට ශ්‍රී ලංකා පිළ සමත් වී සිටියි. ඒ අනුව මෙම තරගය …
“මෙවන් අකාරයක තරගාවලියක් පිළිබඳව ඇසීම තුළින් මා පුදුම වුනා.“ යැයි එංගලන්ත විස්සයි විස්ස හා එක්දින ක්‍රිකට් කණ්ඩායම්වල වර්තමාන නායක මොර්ගන් මහතා පවසන ලදි.
මෙම මාසය අවසන් වීමට පෙර මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 4ක් තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව එහි සංවිධායක කමිටුව විසින් ප්‍රකාශ කර ඇති අතර, මේ වසරේ දී ටෙස්ට් පිටියට සමුදුන් පකිස්තානු ක්‍රීඩක මිස්බා මහතා ප්‍රකාශ කළේ, මෙය ඉතාමත් අපූරු ආකාරයක ක්‍රිකට් තරගාවලියක් වනු ඇති බවයි. ඔහු ද මෙවන් ආකාරයක තරගයක් ක්‍රීඩා කිරීමට දැඩි කැමැත්තෙන් පසුවන බව මිස්බා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පරිවර්තනය කරන ලද ලිපියකි: Sangakkara to feature in ‘T10’ league
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න