කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් Marylebone ක්‍රිකට් සමාජය මේ දිනවල පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා එක්ව සිටී. එහි දී ඔවුන් එක්දින හා විස්සයි විස්ස තරගාවලියක් සඳහා ක්‍රීඩා කරමින් සිටී.
IASC ආරම්භයේ දී ශෙලින්ඩාගෙන් මල්වෙඩි
ශ්‍රී ලංකාවේ දසත ව්‍යාප්තව පවතින ජාත්‍යන්තර ……..
පාකිස්තානය තුල ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීම මඟින් පාකිස්තානය වෙත නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ගෙන ඒම සඳහා මෙම තරගාවලිය සංවිධානය වී ඇත. Marylebone ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලිය සඳහා කුමාර් සංගක්කාර, රවී බොපාරා, මිචෙල් ලීස්ක් වැනි ක්‍රීඩකයන් ද එක් කර තිබිණි.
මෙම විස්සයි විස්ස තරගාවලියේ තුන්වැනි තරගය ඊයේ (19) ලාහෝර් හිදී මුල්තාන් සුල්තාන් කණ්ඩායම සමඟින් පැවැත්විය. එම තරගයේ දී ලකුණු 72ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Marylebone ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කුමාර් සංගක්කාර පළමුව පන්දුවට පහර දීම තෝරාගත්තේය. පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 20කට සීමා විය. ආරම්භක පිතිකරුවන් වූ ආරොන් ලිලී හා මිචෙල් බර්ගස් ලකුණු 19ක් හා 18ක් වාර්තා කිරීමට සමත් විය.
Marylebone කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වූ අතර විටක ඔවුන් කඩුලු 3කට ලකුණු 53ක් ලබා අසීරු අවස්ථාවක පසු විය. කෙසේ වෙතත් සිව්වැනි කඩුල්ල සඳහා පිටියට පැමිණි කුමාර් සංගක්කාර වේගවත් ඉනිමක් දියත් කිරීමට සමත් විය.
පන්දු 35ක් තුල හතරේ පහර 3ක් හා හයේ පහර 3කින් වර්ණවත් වූ සංගක්කාරගේ ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය 148.5ක් විය. ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස සංගක්කාර දැවී යන විට ඔහු ලකුණු 53ක් වාර්තා කර තිබිණි. ඒ වන විට Marylebone කණ්ඩායම ලකුණු 142ක් වාර්තා කර තිබුණි.
සංගක්කාර දැවී යාමෙන් අනතුරුව පිටියෙහි එක්වූ රවී බොපාරා හා සමිත් පටේල් Marylebone කණ්ඩායම ප්‍රබල ලකුණු 184ක් දක්වා ගෙන යාමට සමත් විය. රවී බොපාරා පන්දු 37ක් තුල වේගවත් ලකුණු 70ක් වාර්තා කිරීමට සමත් විය.
එදා ලාහෝර්වල සිදුවීම මට ගොඩක් දේවල් ඉගැන්වුවා – සංගක්කාර
පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ඉස්මතු වීම සෙමෙන් නමුත් ක්රමයන් සිදුවෙමින් පවතී. මෑත වසරවල දී, පාකිස්තාන……
ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුල්තාන් සුල්තාන් කණ්ඩායමට සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් Marylebone පන්දු යවන්නන් ලබා දුන්නේ නැත. ඉම්රාන් ක්වායූම් කඩුලු 4ක් හා ෆ්‍රෙඩ් ක්ලාසේන්, සමිත් පටේල් කඩුලු දෙක බැගින් දවා ගනිමින් මුල්තාන් සුල්තාන් ඉනිම ලකුණු 112කට සීමා කිරීමට සමත් විය.
මුල්තාන් සුල්තාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට පන්දු 26කින් ලකුණු 45ක් වාර්තා කළ කුශ්ඩිල් ශාහ් සමත් විය. ඔහුගේ කඩුල්ල දවා ගැනීමට කුමාර් සංගක්කාර සමත්වූයේ ෆ්‍රෙඩ් ක්ලාසේන් එවූ පන්දුවකට කුශ්ඩිල් ලබා දුන් උඩපන්දුවක් රැකගැනීමෙනි.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය Marylebone ක්‍රිකට් කණ්ඩායම සතුවූයේ ලකුණු 72 කිනි.
Marylebone ක්‍රිකට් කණ්ඩායම – 184/4 (පන්දුවාර 20): රවී බොපාරා 70* (37), කුමාර් සංගක්කාර 53 (35), අලී ශෆීක් 2/21
මුල්තාන් සුල්තාන් කණ්ඩායම 112/10 (පන්දුවාර 17.4): කුශ්ඩිල් ශාහ් 45 (26), සීශාන් අශ්රෆ් 20 (21), ඉම්රාන් ක්වායූම් 4/9
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<