ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ක්‍රීඩා සංගම් නියෝජිතයන් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගී විය.
සියලු දිස්ත්‍රික්කවල පාසල්වල ක්‍රීඩා පිටි නඩත්තුව සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා අදාළ හමුවේ දී නිලධාරීන්ට උපදෙස් දුන් අතර දිවයිනේ සියලු ක්‍රීඩා පිටි තෙමසක් ඇතුළත පවිත්‍ර කරන්නැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
තවත් ක්‍රිකට් පුවත්:
- IPL 2020 කාලසටහන නිකුත් කෙරේ
- ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ඇහුම්කන් දෙයි
- IPL ප්‍රතික්ෂේප කළ ධර්මසේනට කිසිදා නොලැබෙන අවස්ථාවක්
- ඕස්ට්‍රේලියානු තරග සංචාරයට ඉන්දියාවෙන් යෝධ සංචිතයක්
සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර මහතා, එක් එක් ක්‍රීඩා ශ්‍රේණිගත කර අන්තර්ජාතික තරග සඳහා යොමු කළ හැකි පිරිසක් පුහුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිතුමා ඇතුළු කමිටුවේ අවධානයට යොමු කරන ලදි.
එමෙන්ම කොළඹ ටොරින්ටන් මාවතේ පිහිටි ජාතික ක්‍රීඩා විද්‍යායතනය දියගම ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රය සමඟ බද්ධ කොට අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<