Master Blaster යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයෙකු වන සනත් ජයසූරිය මහතා, ඕස්ට්‍රේලියාවේ තිබෙන ක්‍රිකට් සමාජයක් වන “Mulgrave Cricket Club” හි ජ්‍යේෂ්ඨ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා. ඒ ඔවුන්ගේ 2021/22 තරග වාරය වෙනුවෙනුයි.
අපි ඉතාමත් සතුටට පත්වෙනවා සනත් අපේ කණ්ඩායමට පුහුණුකරුවෙකු ලෙස එකතු කරගන්නට ලැබෙන එක සම්බන්ධයෙන් සහ අපේ කණ්ඩායම සමඟ එකට වැඩ කරමින් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ කනිෂ්ඨ ක්‍රීඩකයින්ගේ අත්දැකීම්වලින් සවිශක්තිමත් කරන්නට ලැබීම සම්බන්ධයෙන් යැයි Mulgrave Cricket Club විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා.
- ශම්මි සිල්වාගේ වගකීම් අතරට තවත් වගකීමක්
- ශ්‍රී ලංකා ක්‍රිකට් Fitness ගැන මාලිංගගෙන් හෙළිදරව්වක්
- “Bumrah සහ මාලිංග අතර පැහැදිලි වෙනසක් තියෙනවා”
- විනිවිදභාවයක් නැති නම් අත්සන් කරන්න බැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ
- චමීර හා කුසල් ජනිත් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
තවත් හිටපු ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන ටී. එම්. ඩිල්ෂාන් ද 2021/22 තරග වාරයේ දී Mulgrave Cricket Club කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග ද මෙවර තරග වාරයේ දී Mulgrave Cricket Club කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
Mulgrave Cricket Club යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සමාජයක් වන අතර ඔවුන් Victoria’s Eastern Cricket Association හි තෙවැනි කාණ්ඩයේ සිටින කණ්ඩායමකි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<