ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය මෙම වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන Dambulla Aura කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව ඔහුට එම කණ්ඩායමේ පුහුණුකරුවන් පත් කිරීම, ක්‍රීඩක වෙන්දේසිය සඳහා සැලසුම් සකස් කිරීම, දක්ෂ ක්‍රීඩකයින් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ දස්කම් දියුණු කිරීම වැනි කටයුතුවල වගකීම් පැවරෙනවා.
සනත් ජයසූරිය එම තනතුර සඳහා පත් කළ බව කණ්ඩායමේ හිමිකාරිත්වය දරන Aura Lanka Group හී හිමිකරු සහ Aura Lanka Sports හී සභාපති වෛද්‍ය විරාජ් තාඹුගල මහතා නිවේදනය කළා.
- Ace Capital සහ Colts අවසන් පූර්ව වටයට
- මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි
- ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දිනය තීන්දුයි
- ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව තාක්ෂණික කමිටුවක්
ඔහු 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර කණ්ඩායමේ විශේෂ තනතුරක් දැරූ අතර එම කණ්ඩායම මූලික වටයේ තරග 8න් 7ක් ජයග්‍රහණය කරමින් මූලික වටය අවසන් කළේ පළමුවෙනි ස්ථානය දිනා ගනිමිනුයි.
පසුගිය තරගාවලියේ දී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දිනා ගත් Dambulla Aura කණ්ඩායම මෙම වසරේ දී තරගාවලිය සඳහා සුවිශේෂී සූදානමකින් පසු වන බව දැන ගැනීමට ලැබෙනවා.
ඔවුන් මෙම වසරේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රබල පිතිකරු කුසල් මෙන්ඩිස් සහ ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන අවිශ්ක ප්‍රනාන්දු සිය කණ්ඩායමට එක් කර ගැනීමට ද කටයුතු කර තිබෙනවා.
“ක්‍රිකට් පිටියේ විශිෂ්ටයෙක් වන සනත් ජයසූරිය මහතා අපගේ කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස එක් කර ගන්නට ලැබීම විශාල ගෞරවයක්. ඔහුගේ ප්‍රවීණත්වය සහ ක්‍රීඩාවට තිබෙන ආශාව අපගේ කණ්ඩායම ඉහළට ගෙනයි කියලා විශ්වාස කරනවා. ජයසූරිය ඉදිරියෙන් සිටීම සමඟ අපගේ කණ්ඩායම පෙරට වඩා උඩින් තියෙයි කියලා අපි විශ්වාස කරනවා,” යැයි තාඹුගල මහතා ප්‍රකාශ කළා.
LPL තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<