සමිත දුලාන්ට පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවයේ දී රිදී පදක්කමක්!

World Para Athletic Championship 2024

127
World Para Athletic Championship 2024

ජපානයේ Kobe හිදි පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් විසින් සමත් වුනා.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු පදක්කම හිමි කර දීමට ඊයේ (20) නුවන් ඉන්දික විසින් සමත් වූ අතර, අද දිනයේ දී සමිත දුලාන් විසින් F64 පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වුනේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් සමඟයි.

මෙහි දී ඔහු විසින් F44 කාණ්ඩයේ මෙතෙක් පැවති ලෝක වාර්තාව වූ මීටර් 66.29ක දුර අබිබවා යමින් මීටර් 66.49ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වෙමින් නව ලෝක වාර්තාවක් ද සමඟ ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කළා.

මෙම පදක්කමත් සමඟින් මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට එක් රිදී පදක්කමක් සහ එක් ලෝකඩ පදක්කමක් සමඟින් සමස්ත පදක්කම් දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, පදක්කම් සටහනේ 37 වැනි ස්ථානයේ මේ වන විට ශ්‍රී ලංකා නාමය රැඳී පවතිනවා.

තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ ව උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<