ශ්‍රී ලංකා හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සජිත් ප්‍රනාන්දු මහතා ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ තරුණ පිරිමි ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා තෝරා පත්කර ඇත.
ඒ බව ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර සිටියේ මාධ්‍ය නිවේදනයක් හරහා වන අතර එම කමිටුව සඳහා සජිත් ප්‍රනාන්දු මහතාට අමතරව තවත් සිව්දෙනෙක් ඇතුළත්ය. ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ තරුණ පිරිමි ක්‍රිකට් තේරීම් කමිටුවේ රාජකාරී කටයුතු වලට අමතරව ඇමරිකාවේ බටහිර කලාපයේ ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරන්නේ ඔහුයි.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- යුද හමුදාවේ අපරාජිත බව නැති වෙද්දී ටැමිල් යුනියන්ට දැවැන්ත ජයක්
- LPL ක්‍රීඩක වෙන්දේසිය ආයිත් පස්සට
- සුපිරි ක්‍රිකට් තරු දෙකක් LPL එන්න බැහැ කියයි
- යුද හමුදා ක්‍රිකට් ලීගයේ මුල් දිනයේම සුපිරි පන්දුවාරයක්
- Youth පිටිය හෙල්ලූ නිපුන්ලා
“අද දිනයේ පත්වීම් ලබාගත් අපේ සියලුම නිලධාරීන් ඔවුන්ගේ වගකීම හරියටම වගේම හැකි උපරිමයෙන්ම ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔවුන්ට අපි සුබ පතනවා.” යැයි ඇමරිකානු ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී රිචර්ඩ් ඩන් මහතා පැවසුවේය.
ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුළ තරග 193ක් ක්‍රීඩා කර තිබෙන අතර ඔහු කලක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද තේරීම් කමිටු සමාජිකයෙකු ලෙස වැඩ කටයුතු සිදුකළේය. එසේම ඔහුට ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ද අත්දැකීම් තිබේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<