භූතානයේ පැවැත්වෙන දකුණු ආසියානු වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවයට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම අද (21) සිය පළමු තරගයට සහභාගී වුනා.
තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරන ශ්රී ලංකාව සහ සත්කාරක භූතානය අද තරග බිමට පිවිසුණු අතර, එම තරගයේ දී භූතානය විසින් ගෝල 5-1ක් ලෙස පහසු ජයග්රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මෙහි දී ශ්රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය Mohamed Zaid Mohamed Ifham විසින් වාර්තා කළා.
ශ්රී ලංකාව මෙම තරගාවලියේ මූලික වටයේ දී තවත් තරග ද්විත්වයක් ක්රීඩා කිරීමට නියමිත අතර, මෙහි දී එළඹෙන 23 වැනි දා ශ්රී ලංකාව සහ නේපාලයත්, එළඹෙන 25 වැනි දා ශ්රී ලංකාව සහ පාකිස්තානයත් තරග වැදීමට නියමිතයි.
තරගාවලියේ අවසන් පූර්ව තරග එළඹෙන 28 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.