2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ 2022 ලෝක කුසලාන තරගාවලිය ඇතුළු සියලුම අන්තර්ජාතික ක්‍රීඩාවලින් රුසියාව තහනම් කිරීමට ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය (WADA) තීරණය කර තිබෙනවා.
SAG පිටිය බැබළවූ “දිගන පොඩි නංගි” – ඩිල්ෂි
නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා…
පසුගිය වසරේ දී රුසියාවට ඔවුන්ගේ මාත්‍රන පරීක්ෂණ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය විසින් කළ ඉල්ලීමක දී ඒ සඳහා ඔවුන්ට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලය ලබා දී තිබුණු නමුත්, ඔවුන් ඊට මත්තෙන් අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් මස ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ නිලධාරීන් පිරිසක් රුසියාවේ මොස්කව් නුවර ඇති රසායනාගාරයට ගියේ අවශ්‍ය දත්ත ලබා ගැනීම සඳහා ය.
තවත් වාර්තාවක් බිඳ වැටේ; පිහිනුම්වලින් නව පදක්කම් 6ක්
නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම්..
එහි දී කළ විමර්ශනවල දී හෙළි වූයේ රුසියාව පරීක්ෂණ සඳහා ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කර ඇති බවත්, තහනම් උත්තේජක භාවිතය හඳුනා ගැනීමට උපකාරී විය හැකි මාත්‍රන පරීක්ෂණවලට සම්බන්ධ ලිපිගොනු මකා දැමීමක් කර ඇති බවත් සාක්ෂි සහිත ඔප්පු වී ඇති හේතුවෙන් රුසියාව වෙත සිව් අවුරුදු තහනමක් පැනවීමට ලෝක මත්ද්‍රව්‍ය නාශක විරෝධී ඒකකය ක්‍රියාමාර්ග ගෙන ඇත.
නමුත් ඉහත පැමිණිලි සඳහා වැරදිකරුවන් නොවූ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මධ්‍යස්ථ ධජයක් යටතේ ස්වාධීනව තරග කිරීමට තවමත් අවස්ථාව හිමි වනු ඇත.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<