RUN 2019

118

මහනුවර Rotaract සමාජය හා මහනුවර ගේට්වේ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන RUN 2019 වැඩසටහන ගැන ThePapare.com විසින් ඔබ වෙත ගෙන එන සටහනයි මේ.

මොකක්ද මේ RUN2019?

RUN 2019 සංවිධානය කරන්නේ මහනුවර Rotaract සමාජය සහ මහනුවර ගේට්වේ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින්. මේක scavenger hunt එකක්. කණ්ඩායම් තරගයක් විදිහට තමා පැවැත්වෙන්නේ. මේ තරගයට සහභාගී වෙන කණ්ඩායම්වලට සිද්ධ වෙනවා එක එක අභියෝගවලට මුහුණ දෙන්න. එවා සාර්ථකව නිමා කරමින් තරගය අවසාන කරන්න තමයි තියෙන්නේ.

කණ්ඩායම්වල ප්‍රගතිය බලන්න මහනුවර නගරය කේන්ද්‍ර කරගෙන checkpoints කීපයක් තියනවා. කණ්ඩායම්වලට පැවරෙන අභියෝග මේ checkpoints වලදී හෝ ඒවා අතරතුර කරන්න ඕන. මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම කණ්ඩායම් හැඟීම මත ගොඩනැගෙන්නක්.

මූලික තොරතුරු

  • දිනය: 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා
  • ස්ථානය: මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ප්‍රාථමික ක්‍රීඩාංගණය
  • වේලාව: පෙ.ව. 8.00 සිට

තරගයේ ආරම්භයේ හා අවසානයේ checkpoints දෙකකුත්, මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් checkpoints කීපයකුත් තියනවා. කණ්ඩායම් සම්පූර්ණ තරගය නිමා කරන්න ගන්න වෙලාවයි, ඒ කණ්ඩායම සම්පූර්ණ කරපු අභියෝග‍ ප්‍රමාණය මත ජයග්‍රහණය තීරණය වෙනවා.

කණ්ඩායම

එක් කණ්ඩායමකට තරගකරුවන් 4 දෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඔයාලගේ සමාගම්, ආයතනවලින් උනත් කණ්ඩායම් ඉදිරිපත් කරන්න පුළුවන්.

අරමුණ

කණ්ඩායම් එක් එක් checkpoints වලට ගිහින් ඒ ඒ checkpoints වල තියන අභියෝගවලට මුහුණ දෙන්න ඕන. ගොඩක් අභියෝග healthy living හෙවත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කියන තේමාව යටතේ තමයි තියෙන්නේ.

මොනවද මේ Checkpoints

Checkpoints මහනුවර නගරය පුරාම ව්‍යාප්ත වෙලා තියනවා. කණ්ඩායම ඒ checkpoint වලට ගිහින් එයාලට එල්ලවෙන අභියෝගයට මුහුණ දෙන්න ඕන. කණ්ඩායම් ඒවට මුහුණ දෙන විදිහ මත ලකුණු හිමිවෙනවා. ඊළඟ checkpoint එක ගැන යම් යම් තොරතුරු එහි දී කණ්ඩායම්වලට ලැබෙනවා. ඒවා හරියට හඳුනාගෙන තමන්ට හිමිවෙන ඊළඟ checkpoint එක හොයාගන්න ඕන.

Healthy living awareness – සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්

මේ වැඩසටහනේ නම RUN. මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණක් තමයි සමාජයට ව්‍යායාමවල වැදගත්කම පෙන්වලා දෙන එක. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍යම දෙයක් වෙන ව්‍යායාමවලට සමාජය යොමු කරන්න, ඒ ගැන සමාජයේ කතාබහක් ඇති කරන්න සංවිධානය වන වැඩසටහනක් තමයි RUN කියන්නේ. මේ වැඩසටහන පුරාවටම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන තොරතුරු අඩංගු වෙන අත්පත්‍රිකා බෙදාහරින්නත් කටයුතු සංවිධානය කරලා තියනවා.

ප්‍රතිලාභ

මේ වැඩසටහන සංවිධානය වෙන්නේ මහනුවර Rotaract සමාජයට අරමුදල් එක්‍ රැස්කිරීමේ අරමුණත් එක්ක. ඒ අරමුදල් වලින් මේ අවුරුද්ද පුරාවටම තවත් ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් සංවිධානය වෙන්න නියමිතයි.

ඒ අතරින්

  • Joy of Hearing – ශ්‍රවණාබාධ සහිත අයට අවශ්‍ය ශ්‍රවණාධාර උපකරණ පරිත්‍යාග කරන වැඩසටහනක්.
  • We care – අඩු ආදායම් ලාභී මවුවරුන්ට හා ගර්භණී කාන්තාවන්ට නොමිලේ සංවිධානය වන සෞඛ්‍ය වැඩසටහනක්.
  • දුෂ්කර පාසල්වලට පොත් බෙදා දීමේ වැඩසටහනක්
  • Vibes of Perahara – මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහරට සමගාමීව සංවිධානය වන දන්සලක්.

වගේ වැඩසටහන් ප්‍රධාන තැනක් ගන්නවා.

RUN 2019 වැඩසටහන ගැන තවත් තොරතුරු වගේම තරගය පිළිබඳව සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින්. රැඳී සිටින්න අප සමඟම.

>>තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට<<