කොරෝනා නිසා නැවතුණු රග්බි තරගාවලි

169
Rugby tournaments affected by coronavirus

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට දැඩි බාධා එල්ල කරමින් තවමත් COVID-19 වයිරසය ලොව වටා පැතිර යනවා. ඒ නිසාම රග්බි ක්‍රීඩාවටත් එල්ල වී ඇති බාධා සුළුපටු නොවේ. ජාත්‍යන්තර රග්බි ආයතනයේ (Rugby union) තරගාවලි මෙන්ම දේශීය රග්බි තරගාවලි රැසක්ම මේ වන විට කල් දමා තිබෙනවා. මේ එවන් තරගාවලි කිහිපයක තොරතුරුයි.

නවසීලන්ත රග්බි වෙනුවෙන් All Blacks විරුවන් පෙරමුණ ගනියි

ඉදිරි කාලසීමාව තුල දී ආර්ථිකමය වශයෙන් අර්බුද රැසකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි අපේක්ෂා..

සික්ස් නේෂන්ස් රග්බි තරගාවලිය

සික්ස් නේෂන්ස් රග්බි තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිතව තිබුණු පිරිමි තරග හතරක්, කාන්තා තරග හයක් හා වයස අවුරුදු 20න් පහළ තරග තුනක් මේ වන විට කල් දමා තිබෙනවා.

ඉතාලි හා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම් අතර උතුරු ඉතාලියේ පැවැත්වීමට තිබුණු තරග පළමුවෙන්ම කල් දැමූ තරගවලින් එකක්. අයර්ලන්තය හා ඉතාලිය අතර තරග තුන මීළඟට කල් දැමුණු අතර ඉතාලිය හා එංගලන්තය අතර පැවැත්වීමට තිබුණු අවසන් සති අන්තයේ තරග තුන ද එලෙසම කල් දමන්නට සිදු වුනා. 

එලෙසම ප්‍රංශය හා අයර්ලන්තය අතර අවසන් සති අන්තයේ තරග ද, වේල්සය හා ස්කොට්ලන්තය අතර අවසන් සති අන්තයේ පිරිමි හා කාන්තා තරග ද කල් දැමුණා. නමුත් ස්කොට්ලන්තය හා වේල්සය අතර වයස අවුරුදු 20න් පහළ තරගය ප්‍රේක්ෂකයින් රහිතව ක්‍රීඩා කළ අතර එම තරගය ස්කොට්ලන්ත කණ්ඩායම ජය ගත්තා. 

තරග බොහොමයක් කල් දමන්නට සිදු වුනේ විශාල ප්‍රේක්ෂකයින් රැසක් එකට එකතු වීමේ දී ඇති වන සෞඛ්‍ය  ගැටලු නිසා වූ අතර ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමේ අවසන් තරග දෙක කල් දැමුණේ එක් ක්‍රීඩිකාවකට COVID-19 වයිරසය වැලඳී ඇති බවට තහවුරු වූ නිසයි. ඇය මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

වේල්සය හා ස්කොට්ලන්තය අතර, ඉතාලිය හා එංගලන්තය අතර හා ප්‍රංශය හා අයර්ලන්තය අතර තරග ඔක්තෝබර් මස 31 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වුනත් තවමත් එම පුවත නිල වශයෙන් තහවුරු කරගෙන නැහැ. තරග නැවත පවත්වන දිනය පැහැදිලි නැතත්, තරග සංවිධායකයින් තරගාවලි සම්පූර්ණයෙන් පවත්වා අවසන් කරන්නට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙනවා.

ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලිය

ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියේ හොංකොං හා සිංගප්පූරු අදියරයන් කොරෝනා වයිරසය නිසා බාධා එල්ල වුණු පළමු රග්බි තරගාවලියි. එම තරගාවලි අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුනත්, පවතින තත්වය මත තරගාවලිය ඔක්තෝබර් දක්වා කල් දමා තිබෙනවා.

එලෙසම ලන්ඩන් හා පැරිස් අදියරයන් ද කල් දමා තිබෙන්නේ එළඹෙන සැප්තැම්බර් මස නැවත පැවැත්වීමේ අපේක්ෂාවෙන්. ලැන්ග්ෆෝර්ඩ් හිදී පැවැත්වීමට නියමිතව තිබුණු කාන්තා අදියර ද අවසන් ලෝක ශූරතා අභියෝගතා තරගාවලිය මෙන්ම මේ වසර අවසානය දක්වා කල් යනු ඇතැයි වාර්තා වෙනවා. 

වයස අවුරුදු 20න් පහළ ශුරතාවලිය

උතුරු ඉතාලියේ ජුනි හා ජූලි මාසවල දී පැවැත්වීමට නියමිතව තිබුණු වයස අවුරුදු 20න් පහළ රග්බි ශුරතාවලිය අවලංගු කර දමා තිබෙනවා.

ඔලිම්පික් තරගාවලිය

ටෝකියෝ හිදී ජූලි හා අගෝස්තු මාසවල දී පැවැත්වීමට නියමිතව තිබුණු 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 වසර දක්වා කල් දමන්නට සංවිධායකයින්ට සිදු වුනා. අලුත් යුගයේ ඔලිම්පික් ක්‍රීඩා මාලාවේ කල් දැමුණු පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙයයි. 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පැවැත්වීමට නියමිතව තිබුණු පිරිමි හා කාන්තා සත් සාමාජික තරගාවලිය ඒ අනුව කල් දැමුණු අතර ඒ අනුව රග්බි ප්‍රේක්ෂකයින්ට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රග්බි තරග නරඹන්නට තවත් වසරක් බලා ඉන්නට සිදු වනු ඇත. 

“මම තරගාවලිය වසරක් කල් දමන්නට යෝජනා කළා හා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් මහතා එම යෝජනාව අනුමත කළා” යැයි ජපන් අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ මහතා පවසා සිටියා.

සුපර් රග්බි තරගාවලිය

ආර්ජෙන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ජපානය, නවසීලන්තය හා  දකුණු අප්‍රිකාව සහභාගී වන දකුණු අර්ධ ගෝල තරගාවලිය, ලෝක ප්‍රසිද්ධ සුපර් රග්බි තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. 

මේ තීරණය ගෙන ලැබුවේ නවසිලන්ත රජය විසින් එරටට ඇතුළු වන සියලු දෙනා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් විය යුතු බව පවසා සිටි නිසයි.

SANZAR ප්‍රධාන විධායක ඇන්ඩි මැරිනොස් පවසා සිටියේ, “අපි අපේ කනගාටුව පළ කරනවා, ක්‍රීඩකයින්ට, අපේ රග්බි ප්‍රේක්ෂකයින්ට, විකාශන ආයතනවලට හා අපේ අනුග්‍රාහකයින්ට, අපේ තරගාවලිය පැවැත්වෙන ආකාරය, අපේ තරග පැවැත්වෙන භූගෝල විද්‍යාත්මක පිහිටීම නිසා අපිට ගන්නට වෙන තීරණයක් නැහැ. අපි විශ්වාස කරනවා මේක තමයි හොඳම අවස්ථාව පිටරටවල ඉන්න ක්‍රීඩකයින්ටත් තමන්ගේ නිවෙස් කරා ගිහින් ඔවුන්ගේ පවුල් සමඟ ඉන්න.”

ThePapare එදාමෙදා තුර හොඳම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම

ශ්‍රී ලංකා හිටපු රග්බි ක්‍රීඩකයින්, වත්මන් රග්බි ක්‍රීඩකයින්, රග්බි විශේෂඥයින්, ශ්‍රී ලංකා…

දකුණු අප්‍රිකානු රග්බි පාලක මණ්ඩලය ජාතික කණ්ඩායම් පුහුණුවීම් මෙන්ම සියලුම සංචාර ද නවතා දමා සිටිනවා. දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත සුපර් ස්පෝර්ට්ස් චැලේන්ජ් තරගාවලිය ද අප්‍රේල් 24-25 දිනවල ආරම්භ වීමට නියමිතව තිබුනත්, එම තරගාවලියත් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මැයි මාසයේ පළමු සතිය වන තුරු ඕස්ට්‍රේලියා රග්බි ආයතනය සියලුම ආකාරයේ රග්බි තරග හා පුහුණුවීම් නවතා දමා තිබෙනවා.

සුපර් රග්බි කණ්ඩායම් හතරක් හා Western Force කණ්ඩායම ඇතුලත් කර ගනිමින් නව අකාරයේ දේශීය තරගාවලියක් ක්‍රීඩා කරන්නට ඕස්ට්‍රේලියා රග්බි ආයතනය සැලසුම් කර තිබුණා. 

අප්‍රේල් 3 වැනිදා ආරම්භ කරන්නට තීරණය කර තිබුණු එම තරගාවලිය ප්‍රේක්ෂකයින් නොමැතිව පවත්වන්නට මුලදී සැලසුම් කර තිබුනත්, පසුව මැයි මස 1 වැනිදා දක්වා එම තරගාවලිය කල් දැමුණා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු රජය තවමත් ඔවුන් පැනවූ දැඩි නීති රීති ලිහිල් කරන්නට කටයුතු කර නැහැ.  

නවසීලන්තයේ සුපර් රග්බි කණ්ඩායම් පහට එරට දී සංචාරක හා සත්කාරක අදියරයන් යටතේ සරල තරගාවලියක් ක්‍රීඩා කරන්නට සැලසුම් කර තිබුනත්, එරට රජය විසින් සියලුම ආකාරයේ ක්‍රීඩා උත්සව තහනම් කළ නිසා එම තරගාවලියත් ආරම්භ වන දිනය තවමත් තීරණය කර නැහැ.

යුරෝපීය කුසලාන තරගාවලි

ශූරතා හා අභියෝග ශූරතා තරගාවලිවල පිළිමළුන් පිටුදැකීමේ අදියර හා Marseille හි මැයි 22-23 පැවැත්වීමට නියමිතව තිබුණු අවසන් මහා තරග ද කල් දමා තිබෙනවා. 

තරගාවලි සංවිධායකයින් පවසා තිබුණේ, “EPCR ආයතනය ලීග් හා සාමාජික සංගම් සමඟ සාකච්ඡා කරනවා තරගය නැවත සැලසුම් කරන දිනය පිළිබඳව. Heineken Champions Cup තරගාවලිය හා European Rugby Challenge Cup යන තරගාවලි දෙකම පැවැත්වෙන දිනයන් පවතින තත්වය අනුව තීරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

Gallagher Premiership

එංගලන්තයේ ප්‍රමුඛතම තරගාවලිය වන Gallagher Premiership තරගාවලිය සති පහක් සඳහා කල් දමා තිබෙනවා. අප්‍රේල් මාසයේ අවසානයේ දී එම තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙන අතර අදියර හතරක් යටතේ එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

Guinness Pro14

අයර්ලන්තය, ඉතාලිය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව හා වේල්සයෙන් සහභාගී වන කණ්ඩායම් අතර පැවැත්වෙන Guinness Pro14 තරගාවලියත් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන්නේ ඉතාලියේ වයිරසය නිසා දරුණු තත්වයක් ඇතිව තිබෙන නිසයි.

Top 14

ප්‍රංශයේ Top 14 තරගාවලිය හා ProD2 වෘත්තීය ලීග් තරගාවලිය අප්‍රේල් මස 15 වැනිදා දක්වා කල් දමා තිබුණා. කෙසේ වෙතත් ප්‍රංශ පාපන්දු සංගමය වයිරස තත්වය පහව යන තුරු සියලුම ආකාරයේ රග්බි තරගාවලි නවතා දමා තිබෙනවා.

එංගලන්තයේ හා අයර්ලන්තයේ සමාජීය රග්බි තරගාවලි

අයර්ලන්ත රග්බි පාපන්දු සම්මේලනය කොරෝනා වයිරසය නිසා සියලුම ආකාරයේ රග්බි තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත් මාර්තු 19 වැනිදා ඔවුන් ප්‍රකාශයට පත් කළේ 2019-20 දේශීය රග්බි තරග වාරය ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන බවයි.

Energia All-Ireland League තරගාවලියේ කිසිදු කණ්ඩායමක් පහළට වැටීම හෝ ඉහළට පැමිණීම සිදු නොවන අතර කුසලාන ශූරතාවයේ අවසන් ස්ථානයන්ට පැමිණි කණ්ඩායම් දෙක ජයග්‍රහණය සම සේ බෙදා ගනු ඇත. ස්කොට්ලන්ත රග්බි පාපන්දු සංගමය හා වේල්ස් රග්බි පාපන්දු සංගමය ස්කොට්ලන්තයේ හා වේල්ස් හි සියලු රග්බි තරග හා පුහුණුවීම් අවලංගු කර හෝ කල් දමා තිබුණා.

ස්කොට්ලන්ත රග්බි ආයතනය යුරෝ ලක්ෂ 500,000ක පදනමක් පිහිටුවා තිබුණේ මේ අපහසු අවස්ථාවේ රග්බි ක්‍රීඩා සමාජවලට උදව් කිරීමේ අරමුණින්. වේල්ස් රග්බි ආයතනය යුරෝ 1000 බැගින් ක්‍රීඩා සමාජවලට ලබා දී තිබුණේ ගංවතුර ආධාර ලෙස යුරෝ 100,000ක මුදලක් ලබා දීමට අමතරවයි. වේල්ස් රග්බි ආයතනය ඔවුන්ගේ 2019-20 තරග වාරය ද අතර මග නතර කර දැමුවා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<