කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 144 වැනි වරටත් පැවැත්වෙන නිල් මහා සටනේ දෙවැනි දිනය අද (17) අවසන් වුනේ රාජකීය විද්‍යාලයට තරගයේ මේ වන තෙක් සම්පූර්ණ ගෞරවය දිනා දෙමින්.
අද දෙවැනි දිනයට තරගය ඇරඹෙද්දී සාන්ත තෝමස් ඇරයුමට අනුව තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 326ක් ලබා සිටියා. ඒ දසිස් මංචනායක (137) සහ රමිරු පෙරේරා (128) වාර්තා කළ ද්විත්ව ශතක සබඳතාවයේ උපකාරයෙනුයි.
අද උදෑසන තවදුරටත් පිතිකරණයේ යෙදෙන්නට උත්සාහ නොකෙරූ රාජකීය විද්‍යාලය උදෑසන හෝරාවක පමණ කාලය තුල තණතිල්ල පන්දු යවන්නන්ට දක්වන සහය ගැන විශ්වාසය තබා තෝමසුවන්ට පිතිකරණ අවස්ථාව ලබා දුන්නා.
සිතූ පරිදිම අද රාජකීයන්ට සාන්ත තෝමස් විද්‍යාලයේ වටිනා කඩුලු 3ක් වේලාසනින්ම දවා ගැනීමට හැකි වුනා. එහි දී ආරම්භක පිතිකරු තිශේන් ඇහැලියගොඩ ලකුණු 5කට සීමා වෙද්දී අංක 3 පිතිකරු දිනෙත් ගුණවර්ධනගේ ඉනිම ලකුණු 10කට සීමා වුනා.
සාන්ත තෝමස් නායක රොමේෂ් මෙන්ඩිස්ට පන්දු 9ක් තුල දී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 4ක් පමණයි. මේ මොහොතේ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සේනාධි බුලන්කුලම ලබා ගත් ලකුණු 40 ඔවුන්ට යම් ආශිර්වාදයක් වුනා. දැඩි පීඩනයක් මැද පන්දු 104කට මුහුණ දුන් ඔහු එහි දී හතරේ පහර 5ක් එල්ල කළා.
තුන් ඉරියව් ක්‍රීඩක නේතන් කල්දේරා පන්දු 25ක් තුල දී ලකුණු 20ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 3ක් සමඟයි. මහිත් පෙරේරා ලකුණු 30ක් රැස් කළා. රාජකීය විද්‍යාලයේ ආක්‍රමණශීලී පන්දු යැවීම ඉදිරියේ සාන්ත තෝමස් විද්‍යාලයට ප්‍රථම ඉනිමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 153ක් පමණයි.
- දසිස් – රමිරු ශතක මැද ආකාශ්ගෙන් කැපී පෙනෙන පන්දු යැවීමක්
- සාන්ත තෝමස් පන්දුවේ අභියෝගයට රාජකීය පිතිකරුවන් සූදානම්
- දෙවසරකට පසු රාජකීය-සාන්ත තෝමස් ක්‍රිකට් සටන ප්‍රේක්ෂකයන්ට විවර වෙයි
- සුලෝහිත සංග්‍රාමයේ වැඩි ගෞරවය නාලන්දාවට
- ත්‍රිත්ව, සාන්ත ජෝසප් සහ මහින්ද අවසන් හතරට
මේ අනුව විද්‍යාල දෙකේම පළමු ඉනිම අවසන් වන විට රාජකීය විද්‍යාලය ලකුණු 173ක් ඉදිරියෙන් සිටියේ තරගය තුල පැහැදිලි වාසියක් දිනා ගනිමිනුයි. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක බුලාන් වීරතුංග ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තා. මීට අමතරව රනුක මලවිආරච්චි, සන්දේශ් රාමනායක සහ සිනෙත් ජයවර්ධන අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
දෙවැනි ඉනිමේ දී රාජකීය විද්‍යාලය අද වේගයෙන් පිත්ත හැසිරුවේ මුල් ඉනිමේ පෙන්වූ සාර්ථකත්වය පූර්ණ තරග ජයග්‍රහණයකින් අවසන් කිරීමේ අදිටනින් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අද වේලාසනින්ම දැවී ගියත් රාජකීයන් තම ප්‍රහාරය නතර කළේ නැහැ.
මෙම සැලැස්ම සාර්ථක වූ බව පෙනෙන්නට තිබූ අතර අද දිනයේ අවසන් සැසියේ දී ඔවුන් පන්දුවාරයකට ලකුණු 6කට වැඩි වේගයක් පවත්වා ගනිමින් ලකුණු 168ක් රැස්කර ගත්තේ කඩුලු 4කටයි. එහි දී පළමු ඉනිමේ ශතකලාභී දසිස් මංචනායක දෙවැනි ඉනිමේ දී විශිෂ්ට අර්ධ ශතකයක් වාර්තා කළේ පන්දු 49කට පමණක් මුහුණ දෙමින්.
රාජකීය විද්‍යාලයේ නායක දසිස් මංචනායකගේ ලකුණු 57ට හතරේ පහර 6ක් ඇතුළත් වුනා. විශේෂයෙන්ම ඔහු පසු පාදයේ ඉතාමත් දැකුම්කළු පහරවල් කිහිපයක් ක්‍රීඩා කළේ අනාගත තරුවක ලක්ෂණ පෙන්නුම් කරමින්. රාජකීය විද්‍යාලය වෙනුවෙන් ලකුණු අතර සිටින අනෙක් පිතිකරුවා වන රමිරු පෙරේරා මේ වනවිට නොදැවී ලකුණු 46ක් ලබා සිටිනවා.
අද රාජකීය දෙවැනි ඉනිම අතරේ බිඳ වැටුණු කඩුලු 4ම දවා ගත්තේ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ආකාශ් ප්රනාන්දුයි. හොඳ එල්ලයක්, ප්‍රමාණවත් තරම් දෝලනයක් සහ වයසට වඩා මුහුකුරා ගිය වේගයක් සහිත මෙම යොවුන් ක්‍රීඩකයා මේ දක්වා රාජකීයන්ගේ කඩුලු 8කටම වගකියා අවසන්.
සම්පූර්ණයෙන්ම රාජකීයන්ට නතු වූ අද දිනයේ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන එකම ක්‍රීඩකයා වූයේ ඔහුයි. මේ අනුව දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 6ක් අතැතිව දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කොළඹ රාජකීය විද්‍යාලය මේ වන විට ලකුණු 341ක් ඉදිරියෙන් සිටින්නේ හෙට දිනයේ පූර්ණ තරග ජයග්‍රහණයක් ගැන සුබ සිහින දකිමින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rehan Peris | c Senesh Hettiarachchi b Akash Fernando | 4 | 4 | 1 | 0 | 100.00 |
Sineth Jayawardena | b Nathan Caldera | 1 | 3 | 0 | 0 | 33.33 |
Ovina Ambanpola | b Akash Fernando | 30 | 71 | 1 | 0 | 42.25 |
Uvindu Weerasekara | c Nathan Caldera b Kavindu Dias | 3 | 13 | 0 | 0 | 23.08 |
Dasis Manchanayake | b Kavindu Dais | 137 | 150 | 17 | 0 | 91.33 |
Ramiru Perera | c Romesh Mendis b Kavindu Dais | 128 | 186 | 15 | 2 | 68.82 |
Sandesh Ramanayaka | lbw b Akash Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
Sanvidu Senartharachchi | not out | 8 | 8 | 0 | 0 | 100.00 |
Bulan Weerathunga | b Akash Fernando | 2 | 3 | 0 | 0 | 66.67 |
Nethwin Dharmarathne | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 8 , lb 0 , nb 3, w 2, pen 0) |
Total | 326/8 (74 Overs, RR: 4.41) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Akash Fernando | 13 | 1 | 55 | 4 | 4.23 | |
Nathan Caldera | 16 | 2 | 64 | 1 | 4.00 | |
Kavindu Dias | 13 | 2 | 58 | 3 | 4.46 | |
Dinura Gunawardena | 7 | 0 | 35 | 0 | 5.00 | |
Charuka Peiris | 13 | 0 | 55 | 0 | 4.23 | |
Abheeth J Paranawidana | 10 | 0 | 39 | 0 | 3.90 | |
Senadhi Bulankulama | 1 | 0 | 3 | 0 | 3.00 | |
Mahith Perera | 1 | 0 | 9 | 0 | 9.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Senadhi Bulankulama | c Sanvidu Senartharachchi b Ranuka Malaviarachchi | 40 | 104 | 5 | 0 | 38.46 |
Thishen Ehaliyagoda | c Sandesh Ramanayaka b Bulan Weerathunga | 5 | 7 | 1 | 0 | 71.43 |
Dineth Gunawardena | lbw b Sandesh Ramanayaka | 10 | 26 | 2 | 0 | 38.46 |
Romesh Mendis | c Sandesh Ramanayaka b | 4 | 9 | 1 | 0 | 44.44 |
Nathan Caldera | c Dasis Manchanayake b Ramiru Perera | 20 | 25 | 3 | 0 | 80.00 |
Charuka Peiris | c Sineth Jayawardena b Sandesh Ramanayaka | 17 | 66 | 2 | 0 | 25.76 |
Mahith Perera | c Sanvidu Senartharachchi b Bulan Weerathunga | 30 | 43 | 5 | 0 | 69.77 |
Senesh Hettiarachchi | c b Sineth Jayawardena | 9 | 33 | 1 | 0 | 27.27 |
Akash Fernando | not out | 1 | 9 | 0 | 0 | 11.11 |
Kavindu Dais | st Sanvidu Senartharachchi b Sineth Jayawardena | 0 | 6 | 0 | 0 | 0.00 |
Abheeth J Paranawidana | b Bulan Weerathunga | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 6 , lb 0 , nb 2, w 9, pen 0) |
Total | 153/10 (55 Overs, RR: 2.78) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ranuka Malaviarachchi | 12 | 1 | 39 | 2 | 3.25 | |
Bulan Weerathunga | 14 | 6 | 26 | 3 | 1.86 | |
Sandesh Ramanayaka | 10 | 0 | 36 | 2 | 3.60 | |
Dasis Manchanayake | 2 | 0 | 11 | 0 | 5.50 | |
Sineth Jayawardena | 7 | 3 | 9 | 2 | 1.29 | |
Ramiru Perera | 10 | 1 | 29 | 1 | 2.90 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sineth Jayawardena | lbw b Akash Fernando | 4 | 5 | 1 | 0 | 80.00 |
Ovina Ambanpola | c Romesh Mendis b Akash Fernando | 5 | 11 | 0 | 0 | 45.45 |
Uvindu Weerasekara | b Akash Fernando | 28 | 43 | 2 | 1 | 65.12 |
Dasis Manchanayake | b Akash Fernando | 57 | 49 | 6 | 0 | 116.33 |
Ramiru Perera | not out | 46 | 34 | 3 | 2 | 135.29 |
Sanvidu Senartharachchi | not out | 11 | 16 | 0 | 0 | 68.75 |
Extras | 17 (b 11 , lb 0 , nb 2, w 4, pen 0) |
Total | 168/4 (26 Overs, RR: 6.46) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nathan Caldera | 7 | 0 | 28 | 0 | 4.00 | |
Akash Fernando | 9 | 0 | 59 | 4 | 6.56 | |
Kavindu Dias | 6 | 0 | 39 | 0 | 6.50 | |
Dinura Gunawardena | 3 | 0 | 16 | 0 | 5.33 | |
Charuka Peiris | 1 | 0 | 15 | 0 | 15.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Thishen Ehaliyagoda | lbw b Ranuka Malaviarachchi | 0 | 3 | 0 | 0 | 0.00 |
Dineth Gunawardena | c Uvindu Weerasekara b Sandesh Ramanayaka | 15 | 44 | 1 | 0 | 34.09 |
Romesh Mendis | lbw b Bulan Weerathunga | 12 | 20 | 2 | 0 | 60.00 |
Senadhi Bulankulama | c b Nethwin Dharmarathne | 13 | 39 | 2 | 0 | 33.33 |
Nathan Caldera | b Nethwin Dharmarathne | 18 | 40 | 1 | 0 | 45.00 |
Mahith Perera | lbw b Dasis Manchanayake | 7 | 8 | 1 | 0 | 87.50 |
Senesh Hettiarachchi | c Dasis Manchanayake b Sineth Jayawardena | 46 | 87 | 7 | 0 | 52.87 |
Charuka Peiris | b Ramiru Perera | 22 | 86 | 3 | 0 | 25.58 |
Akash Fernando | c Uvindu Weerasekara b Ramiru Perera | 0 | 1 | 0 | 0 | 0.00 |
Kavindu Dais | lbw b Sineth Jayawardena | 14 | 19 | 3 | 0 | 73.68 |
Abheeth J Paranawidana | not out | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 14 (b 8 , lb 4 , nb 2, w 0, pen 0) |
Total | 161/10 (58.5 Overs, RR: 2.74) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ranuka Malaviarachchi | 10 | 2 | 34 | 1 | 3.40 | |
Bulan Weerathunga | 9 | 4 | 18 | 1 | 2.00 | |
Sandesh Ramanayaka | 7 | 1 | 24 | 1 | 3.43 | |
Sineth Jayawardena | 9.5 | 3 | 14 | 2 | 1.47 | |
Dasis Manchanayake | 4 | 0 | 9 | 1 | 2.25 | |
Nethwin Dharmarathne | 10 | 2 | 27 | 2 | 2.70 | |
Ramiru Perera | 9 | 2 | 25 | 2 | 2.78 |
මෙම තරගය ඔබට හෙට උදෑසන 09.00 සිට ThePapare.com වෙබ් පිටුවෙන් හෝ ThePapare Cricket ෆේස්බුක් පිටුව හරහා සජීවීව නැරඹීමේ අවස්ථාව ද උදාකර තිබෙනවා. නිල් මහා සටනේ තෙවැනි සහ අවසන් දිනයේ උද්වේගය සමඟ රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<