කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 144 වැනි නිල් මහා සටන අද (16) කොළඹ SSC පිටියේ දී උත්සවාකාරයෙන් ආරම්භ වුනා.
ඒ විද්‍යාල දෙකේම විශාල ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේයි. එම උනන්දුව තවදුරටත් වර්ධනය වී තිබුණේ කොරෝනා වසංගතය නිසා පසුගිය වසර දෙකේම ප්‍රේක්ෂකයින්ට මෙම සුවිශේෂී තරගයේ මිහිර විඳින්නට අවස්ථාවක් නොලැබුනු නිසයි.
අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් නායක රොමේෂ් මෙන්ඩිස් තම වේගපන්දුවේ ජවය ගැන විශ්වාසය තබමින් මුලින් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව රාජකීය ඉනිම ඇරඹෙන්නේ රෙහාන් පීරිස් සහ සිනෙත් ජයවර්ධන අතිනුයි.
ඔවුන්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටින්නට තෝමසුවන් ඉඩ ලබා නොදුන් අතර ආකාශ් ප්‍රනාන්දු සහ නේතන් කල්දේරා එම කඩුලු දෙක තමන් අතරේ බෙදා ගත්තා. රෙහාන්, ආකාශ් ප්‍රනාන්දු යැවූ පන්දුවකට සෙනේශ් හෙට්ටිආරච්චි අතට උඩපන්දුවක් ලබා දී දැවී යද්දී නේතන් කල්දේරා ඇතුලට දෝලනය වුනු පන්දුවක් මගින් සිනෙත් ජයවර්ධනගේ කඩුල්ල බිඳ හෙලුවා.
කවිඳු ඩයස් තරගයේ යැවූ පළමු පන්දුවටම උවිඳු වීරසේකර එල්ල කළ පුල් පහර නේතන් කල්දේරා රැක ගත්තේ රාජකීය විද්‍යාලය කබලෙන් ලිපට ඇද දමමින්. මේ නිසා ඔවුන්ගේ කඩුලු 3ක් ලකුණු 20ක් තුල බිඳ වැටී අසරණ වෙද්දී සාන්ත තෝමස් කඳවුරේ ධජ ලෙලදෙනු දැකගන්නට ලැබුණා.
මේ අවස්ථාවේ ඔවින අඹන්පොල පන්දු 71කට මුහුණ දෙමින් ලබා ගත් ලකුණු 30 ගොඩ නැගුණු පීඩනයෙන් ගොඩ එන්නට රාජකීයන්ට දැඩි පිටිවහලක් වුනා. පසුව ආකාශ් ප්‍රනාන්දු කඩුලු රකින්නා කඩුල්ල ආසන්නට රැගෙන විත් යැවූ පන්දුවකට ඔවිනගේ කඩුල්ල බිඳී යාම විනිසුරුවන්ට පවා ප්‍රශ්නාර්ථයක් ගෙන දුන් අතර පසුව තෙවැනි විනිසුරු පුනරූපන මගින් පැහැදිලි වුනේ එය කෙලින්ම කඩුල්ලේ වදින පන්දුවක් බවයි.
අද විද්‍යාල දෙකේ ක්‍රීඩකයින් දිවා ආහාරය සඳහා තරගය තාවකාලිකව නතර කරන විට රාජකීය විද්‍යාලය ලකුණු 83කට කඩුලු 4ක් දැවී සිටියා. මේ මොහොතේ රාජකීය නායක දසිස් මංචනායක සහ රමිරු පෙරේරා අතරේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුනු ද්විත්ව ශතක සබඳතාවය තරගය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කිරීමට හේතු වුනා.
- සාන්ත තෝමස් පන්දුවේ අභියෝගයට රාජකීය පිතිකරුවන් සූදානම්
- දෙවසරකට පසු රාජකීය-සාන්ත තෝමස් ක්‍රිකට් සටන ප්‍රේක්ෂකයන්ට විවර වෙයි
- සුලෝහිත සංග්‍රාමයේ වැඩි ගෞරවය නාලන්දාවට
- ත්‍රිත්ව, සාන්ත ජෝසප් සහ මහින්ද අවසන් හතරට
- තර්ස්ටන් – ඉසිපතන සහෝදරයින් සතුටින් විසිර යයි
දිවා විවේකයේ සිට තේ පානය දක්වාම තෝමසුවන්ට එකදු කඩුල්ලක් හෝ ලබා නොදුන් ඔවුන් දෙදෙනා ඒ අතරේ ලකුණු 106ක් තම පළමු ඉනිමට එක් කළා. දිනයේ අවසන් සැසිය විද්‍යාල දෙකටම මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් අතර දසිස් මංචනායක පන්දු 120ක් තුල දී තම ශතකය සැමරුවා. ඔහු නිල් මහා ඉතිහාසයට එක්වුනේ 1996 වසරේ දී අනුෂ්ක පොලොනෝවිටගෙන් පසු ශතකයක් රැස්කළ පළමු රාජකීය නායකයා ලෙසයි.
රමිරු පෙරේරා පන්දු 168කින් ශතකය කරා යාමට සමත් වුනා. දෙදෙනා අතරේ ගොඩ නැගුණු ලකුණු 229ක දැවැන්ත ලකුණු සබඳතාවය වාර්තා අතරට එක් වන්නේ විද්‍යාල දෙකෙන්ම එදා මෙදාතුර වාර්තා වූ පස්වැනි කඩුල්ලේ ඉහළම සබඳතාවය ලෙසයි. මෙම සබඳතාවය බිඳ වැටීමෙන් පසුව රාජකීය විද්‍යාලයේ කඩුලු 3ක් බිඳ වැටුණු අතර ආලෝක තත්ත්වය අයහපත් වීමත් සමඟ තරගය හෙටට කල් තැබීමට විනිසුරුවරුන් තීරණය කළා.
මේ වන විට කොළඹ රාජකීය විද්‍යාල ඉනිම දැක්වෙන්නේ පන්දුවාර 74ක් අවසානයේ කඩුලු 8කට ලකුණු 326ක් ලෙසයි. තෝමසුවන් වෙනුවෙන් දවසේ කැපී පෙනෙන පන්දු යැවීම ලෙස ආකාශ් ප්‍රනාන්දුගේ ලකුණු 55ට කඩුලු 4ක් බිඳ හෙලීම දැක්විය හැකි අතර හෙට දිනයේ ඔහුට ඉනිමක කඩුලු 5ක් බිඳ හෙලීමේ අවස්ථාව ද ඉතිරිව පවතිනවා.
කවිඳු ඩයස් ලකුණු 58ට කඩුලු 3ක් දවා ගනිද්දී දිනයේ බිඳ වැටුණු ඉතිරි කඩුල්ල මෙවර පාසල් තරග වාරයේ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වන නේතන් කල්දේරාට හිමි වුනා. මේ අනුව දෙපිළේම දක්ෂතා මැනවින් විදහා දැක්වුනු පළමු දිනයක් ලෙස අද දිනය සැලකිය හැකියි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rehan Peris | c Senesh Hettiarachchi b Akash Fernando | 4 | 4 | 1 | 0 | 100.00 |
Sineth Jayawardena | b Nathan Caldera | 1 | 3 | 0 | 0 | 33.33 |
Ovina Ambanpola | b Akash Fernando | 30 | 71 | 1 | 0 | 42.25 |
Uvindu Weerasekara | c Nathan Caldera b Kavindu Dias | 3 | 13 | 0 | 0 | 23.08 |
Dasis Manchanayake | b Kavindu Dais | 137 | 150 | 17 | 0 | 91.33 |
Ramiru Perera | c Romesh Mendis b Kavindu Dais | 128 | 186 | 15 | 2 | 68.82 |
Sandesh Ramanayaka | lbw b Akash Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
Sanvidu Senartharachchi | not out | 8 | 8 | 0 | 0 | 100.00 |
Bulan Weerathunga | b Akash Fernando | 2 | 3 | 0 | 0 | 66.67 |
Nethwin Dharmarathne | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 8 , lb 0 , nb 3, w 2, pen 0) |
Total | 326/8 (74 Overs, RR: 4.41) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Akash Fernando | 13 | 1 | 55 | 4 | 4.23 | |
Nathan Caldera | 16 | 2 | 64 | 1 | 4.00 | |
Kavindu Dias | 13 | 2 | 58 | 3 | 4.46 | |
Dinura Gunawardena | 7 | 0 | 35 | 0 | 5.00 | |
Charuka Peiris | 13 | 0 | 55 | 0 | 4.23 | |
Abheeth J Paranawidana | 10 | 0 | 39 | 0 | 3.90 | |
Senadhi Bulankulama | 1 | 0 | 3 | 0 | 3.00 | |
Mahith Perera | 1 | 0 | 9 | 0 | 9.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Senadhi Bulankulama | c Sanvidu Senartharachchi b Ranuka Malaviarachchi | 40 | 104 | 5 | 0 | 38.46 |
Thishen Ehaliyagoda | c Sandesh Ramanayaka b Bulan Weerathunga | 5 | 7 | 1 | 0 | 71.43 |
Dineth Gunawardena | lbw b Sandesh Ramanayaka | 10 | 26 | 2 | 0 | 38.46 |
Romesh Mendis | c Sandesh Ramanayaka b | 4 | 9 | 1 | 0 | 44.44 |
Nathan Caldera | c Dasis Manchanayake b Ramiru Perera | 20 | 25 | 3 | 0 | 80.00 |
Charuka Peiris | c Sineth Jayawardena b Sandesh Ramanayaka | 17 | 66 | 2 | 0 | 25.76 |
Mahith Perera | c Sanvidu Senartharachchi b Bulan Weerathunga | 30 | 43 | 5 | 0 | 69.77 |
Senesh Hettiarachchi | c b Sineth Jayawardena | 9 | 33 | 1 | 0 | 27.27 |
Akash Fernando | not out | 1 | 9 | 0 | 0 | 11.11 |
Kavindu Dais | st Sanvidu Senartharachchi b Sineth Jayawardena | 0 | 6 | 0 | 0 | 0.00 |
Abheeth J Paranawidana | b Bulan Weerathunga | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 6 , lb 0 , nb 2, w 9, pen 0) |
Total | 153/10 (55 Overs, RR: 2.78) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ranuka Malaviarachchi | 12 | 1 | 39 | 2 | 3.25 | |
Bulan Weerathunga | 14 | 6 | 26 | 3 | 1.86 | |
Sandesh Ramanayaka | 10 | 0 | 36 | 2 | 3.60 | |
Dasis Manchanayake | 2 | 0 | 11 | 0 | 5.50 | |
Sineth Jayawardena | 7 | 3 | 9 | 2 | 1.29 | |
Ramiru Perera | 10 | 1 | 29 | 1 | 2.90 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sineth Jayawardena | lbw b Akash Fernando | 4 | 5 | 1 | 0 | 80.00 |
Ovina Ambanpola | c Romesh Mendis b Akash Fernando | 5 | 11 | 0 | 0 | 45.45 |
Uvindu Weerasekara | b Akash Fernando | 28 | 43 | 2 | 1 | 65.12 |
Dasis Manchanayake | b Akash Fernando | 57 | 49 | 6 | 0 | 116.33 |
Ramiru Perera | not out | 46 | 34 | 3 | 2 | 135.29 |
Sanvidu Senartharachchi | not out | 11 | 16 | 0 | 0 | 68.75 |
Extras | 17 (b 11 , lb 0 , nb 2, w 4, pen 0) |
Total | 168/4 (26 Overs, RR: 6.46) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nathan Caldera | 7 | 0 | 28 | 0 | 4.00 | |
Akash Fernando | 9 | 0 | 59 | 4 | 6.56 | |
Kavindu Dias | 6 | 0 | 39 | 0 | 6.50 | |
Dinura Gunawardena | 3 | 0 | 16 | 0 | 5.33 | |
Charuka Peiris | 1 | 0 | 15 | 0 | 15.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Thishen Ehaliyagoda | lbw b Ranuka Malaviarachchi | 0 | 3 | 0 | 0 | 0.00 |
Dineth Gunawardena | c Uvindu Weerasekara b Sandesh Ramanayaka | 15 | 44 | 1 | 0 | 34.09 |
Romesh Mendis | lbw b Bulan Weerathunga | 12 | 20 | 2 | 0 | 60.00 |
Senadhi Bulankulama | c b Nethwin Dharmarathne | 13 | 39 | 2 | 0 | 33.33 |
Nathan Caldera | b Nethwin Dharmarathne | 18 | 40 | 1 | 0 | 45.00 |
Mahith Perera | lbw b Dasis Manchanayake | 7 | 8 | 1 | 0 | 87.50 |
Senesh Hettiarachchi | c Dasis Manchanayake b Sineth Jayawardena | 46 | 87 | 7 | 0 | 52.87 |
Charuka Peiris | b Ramiru Perera | 22 | 86 | 3 | 0 | 25.58 |
Akash Fernando | c Uvindu Weerasekara b Ramiru Perera | 0 | 1 | 0 | 0 | 0.00 |
Kavindu Dais | lbw b Sineth Jayawardena | 14 | 19 | 3 | 0 | 73.68 |
Abheeth J Paranawidana | not out | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 14 (b 8 , lb 4 , nb 2, w 0, pen 0) |
Total | 161/10 (58.5 Overs, RR: 2.74) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ranuka Malaviarachchi | 10 | 2 | 34 | 1 | 3.40 | |
Bulan Weerathunga | 9 | 4 | 18 | 1 | 2.00 | |
Sandesh Ramanayaka | 7 | 1 | 24 | 1 | 3.43 | |
Sineth Jayawardena | 9.5 | 3 | 14 | 2 | 1.47 | |
Dasis Manchanayake | 4 | 0 | 9 | 1 | 2.25 | |
Nethwin Dharmarathne | 10 | 2 | 27 | 2 | 2.70 | |
Ramiru Perera | 9 | 2 | 25 | 2 | 2.78 |
නිල් මහා සටනේ දෙවැනි දිනය හෙට උදෑසන 10.00 සිට ඇරඹෙන අතර එය ThePapare.com වෙබ් අඩවිය සහ ThePapare Cricket ෆේස්බුක් පිටුව හරහා සජීවීව නැරඹිය හැකියි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<