කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 143 වැනි නිල් මහා සටනේ දෙවැනි දිනය අද (22) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.
දිනයේ නිමාව සටහන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 136ක් ලබාගෙන සිටියා.
දිනය ආරම්භ වන විට සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 207ක් ලබාගෙන සිටි අතර දිනයේ පළමු සැසිය තුල සාන්ත තෝමස් කඩුලු 4ක් ලකුණු 35ක් තුල දවා ගැනීමට රාජකීය පන්දු යවන්නන් සමත් වුනා. පන්දු යැවීමේ දී රාජකීය නායක ගිශාන් ලකුණු 52කට කඩුලු 3ක් දවා ගත්තා.
නිල් මහා සංග්‍රාමයට ක්‍රීඩා කරන කණ්ඩායම්:
- රාජකීය විද්‍යාලය – සන්විඳු සෙනරත්ආරච්චි, සිනෙත් ජයවර්ධන, සදීෂ රාජපක්ෂ, උවිඳු වීරසේකර, දසිස් මංචනායක, රමිරු පෙරේරා, නෙතින් පනාපිටිය (කඩුලු රකින්නා), සදේශ් රාමනායක, බුලාන් වීරතුංග, ගිශාන් බාලසූරිය (නායක), ඩෑන් පොඩ්ඩිවෙල.
- සාන්ත තෝමස් විද්‍යාලය – සේනාධි බුලන්කුලම, ජනිඳු අබේගුණවර්ධන, දිනෙත් ගුණවර්ධන, රයන් ප්‍රනාන්දු, සෙනේෂ් හෙට්ටිආරච්චි, මුයිස් නවුශාන්, මහිත් පෙරේරා, චාරුක පීරිස්, කැනිස්ටන් ගුණරත්නම්, අකාෂ් ප්‍රනාන්දු, කවිඳු ඩයස්.
රාජකීය ක්‍රීඩකයින්ගේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් ක්‍රීඩකයින් ලබා ගත් ලකුණු 242ට පිළිතුරු දීම ආරම්භ කළ රාජකීයයේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 3කට සීමා කිරීමට දකුණතින් වේගපන්දු යවන 16 හැවිරිදි කවිඳු සමත් වුනා.
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක සදීෂගේ කඩුල්ල ද ලකුණු 5කට දවා ගත් කවිඳු රාජකීය මුල්පෙළ පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වුනා.
ලකුණු 16කට කඩුලු 2ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ උවිඳු සහ සිනෙත් පන්දු 50ක් තුල වේගවත් ලකුණු 58ක සබඳතාවයක් ගොඩනංවමින් රාජකීයයන්ගේ දෙසට නතු වෙමින් තිබුණු පීඩනය පෙරලා සිය ප්‍රතිවාදීන් වෙත යොමු කළා.
4 පහර 6ක් සමඟින් පන්දු 38ක දී ලකුණු 32ක් ලබා ගත් සිනෙත්ව දවා ගැනීමට ජනිඳු සමත් වීමත් සමඟම රාජකීයයන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් දුරට අඩාල කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින් හට හැකි වුනා.
- සෙනේෂ් සහ චාරුක නිල් මහා සටනේ පළමු දිනය හැඩගැන්වයි
- 143 වැනි ‘නිල් මහා සටන’ Dialog විසින් බලගන්වයි
- සදීෂ්ගේ ශතකයෙන් සාන්ත ජෝසප් ගෞරවය රැකෙයි
- 69 වසරකට පසු නාලන්දාවට සුලෝහිත සංග්‍රාමයක ජයක්
- ආසියානු කුසලානය ලංකාවෙන් පිටතට යන ලකුණු
ඉන් අනතුරුව දසිස් සහ උවිඳු එක්ව ලකුණු 32ක සබඳතාවයක් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එකතු කරමින් රාජකීය පළමු ඉනිම ස්ථාවර කිරීමට සහය වුනා. අයහපත් ආලෝක තත්වය නිසා තරගය නවතා දමන විට රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 136ක් ලබාගෙන සිටියේ සාන්ත තෝමස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 106ක් පසුපසින් සිටිමින්.
නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින උවිඳු සිය මංගල මහා තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කරගෙන අගනා ඉනිමක් දියත් කරමින් සිටින්නේ ලකුණු 62*ක් ලබා ගෙනයි. රමිරු නොදැවී ලකුණු 9*යි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Senadhi Bulankulama | lbw b Dasis Manchanayake | 18 | 85 | 1 | 0 | 21.18 |
Janidu Abegoonawardena | c & b Ramiru Perera | 28 | 93 | 2 | 0 | 30.11 |
Dineth Gunawardena | run out (Sadisha Rajapaksha) | 12 | 25 | 1 | 0 | 48.00 |
RAYAN FERNANDO | c Dasis Manchanayake b Gishan Balasuriya | 18 | 31 | 1 | 0 | 58.06 |
MUIZZ NAUSHAN | b Gishan Balasuriya | 1 | 7 | 0 | 0 | 14.29 |
Senesh Hettiarachchi | c & b Ramiru Perera | 55 | 118 | 7 | 0 | 46.61 |
Charuka Peiris | lbw b Sandesh Ramanayaka | 51 | 151 | 5 | 0 | 33.77 |
Mahith Perera | c Dasis Manchanayake b Gishan Balasuriya | 33 | 83 | 2 | 0 | 39.76 |
Gunaratnam Caniston | b Bulan Weerathunga | 3 | 15 | 0 | 0 | 20.00 |
Akash Fernando | c Sadisha Rajapaksha b Sandesh Ramanayaka | 6 | 22 | 0 | 0 | 27.27 |
Kavindu Dais | not out | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 7 , lb 6 , nb 0, w 4, pen 0) |
Total | 242/10 (106.2 Overs, RR: 2.28) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dan Poddiwela | 14 | 3 | 36 | 0 | 2.57 | |
Sandesh Ramanayaka | 12 | 6 | 16 | 2 | 1.33 | |
Gishan Balasuriya | 31.2 | 11 | 56 | 3 | 1.79 | |
Bulan Weerathunga | 12 | 1 | 29 | 1 | 2.42 | |
Sadisha Rajapaksha | 21 | 4 | 34 | 0 | 1.62 | |
Ramiru Perera | 9 | 1 | 36 | 2 | 4.00 | |
Dasis Manchanayake | 7 | 0 | 22 | 1 | 3.14 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sanvidu Senartharachchi | lbw b Kavindu Dais | 1 | 8 | 0 | 0 | 12.50 |
Sineth Jayawardena | c MUIZZ NAUSHAN b Janidu Abegoonawardena | 32 | 38 | 6 | 0 | 84.21 |
Sadisha Rajapaksha | c Senesh Hettiarachchi b Kavindu Dais | 5 | 12 | 1 | 0 | 41.67 |
Uvindu Weerasekara | c RAYAN FERNANDO b Kavindu Dais | 66 | 109 | 9 | 0 | 60.55 |
Dasis Manchanayake | lbw b Gunaratnam Caniston | 17 | 31 | 1 | 0 | 54.84 |
Ramiru Perera | b Akash Fernando | 34 | 114 | 3 | 0 | 29.82 |
Nethil Panapitiya | c Mahith Perera b Gunaratnam Caniston | 27 | 73 | 0 | 0 | 36.99 |
Sandesh Ramanayaka | c Charuka Peiris b Kavindu Dais | 21 | 34 | 3 | 0 | 61.76 |
Gishan Balasuriya | not out | 1 | 7 | 0 | 0 | 14.29 |
Extras | 15 (b 1 , lb 5 , nb 2, w 2, pen 5) |
Total | 219/8 (70.4 Overs, RR: 3.1) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Gunaratnam Caniston | 23 | 1 | 67 | 2 | 2.91 | |
Kavindu Dais | 17.4 | 2 | 65 | 4 | 3.74 | |
Akash Fernando | 9 | 1 | 33 | 1 | 3.67 | |
Janidu Abegoonawardena | 4 | 0 | 6 | 1 | 1.50 | |
Charuka Peiris | 6 | 0 | 22 | 0 | 3.67 | |
RAYAN FERNANDO | 11 | 5 | 15 | 0 | 1.36 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Senadhi Bulankulama | c Sineth Jayawardena b Dan Poddiwela | 2 | 10 | 0 | 0 | 20.00 |
Janidu Abegoonawardena | c Uvindu Weerasekara b Gishan Balasuriya | 7 | 38 | 1 | 0 | 18.42 |
Dineth Gunawardena | b Gishan Balasuriya | 1 | 43 | 0 | 0 | 2.33 |
RAYAN FERNANDO | c Sadisha Rajapaksha b Gishan Balasuriya | 74 | 117 | 10 | 0 | 63.25 |
MUIZZ NAUSHAN | lbw b Sadisha Rajapaksha | 11 | 71 | 0 | 0 | 15.49 |
Senesh Hettiarachchi | c Sandesh Ramanayaka b Sadisha Rajapaksha | 26 | 65 | 2 | 0 | 40.00 |
Mahith Perera | not out | 8 | 23 | 1 | 0 | 34.78 |
Gunaratnam Caniston | not out | 11 | 17 | 1 | 0 | 64.71 |
Extras | 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0) |
Total | 142/6 (64 Overs, RR: 2.22) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dan Poddiwela | 4 | 2 | 3 | 1 | 0.75 | |
Sandesh Ramanayaka | 3 | 3 | 0 | 0 | 0.00 | |
Bulan Weerathunga | 4 | 1 | 17 | 0 | 4.25 | |
Sadisha Rajapaksha | 18 | 7 | 30 | 2 | 1.67 | |
Gishan Balasuriya | 20 | 5 | 56 | 3 | 2.80 | |
Ramiru Perera | 13 | 2 | 32 | 0 | 2.46 | |
Dasis Manchanayake | 2 | 1 | 3 | 0 | 1.50 |
වර්ෂාවෙන් සහ අයහපත් ආලෝක තත්වය නිසාවෙන් අද දිනය තුල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පන්දුවාර 95න් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 47ක් පමණයි.
තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙට (23) උදෑසන 9.30 සිට සජීව ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<