ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 143 වැනි නිල් මහා සටන අද (21) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
පළමු දිනය නිමා වන විට පළමු ඉනිම දියත් කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 207ක් ලබාගෙන සිටියා. කාසියේ දිනා ගත් රාජකීය නායක ගිශාන් බාලසූරිය පළමුව පන්දු යැවීමට තීරණය කළා.
නිල් මහා සංග්‍රාමයට ක්‍රීඩා කරන කණ්ඩායම්
- රාජකීය විද්‍යාලය – සන්විඳු සෙනරත්ආරච්චි, සිනෙත් ජයවර්ධන, සදීෂ රාජපක්ෂ, උවිඳු වීරසේකර, දසිස් මංචනායක, රමිරු පෙරේරා, නෙතින් පනාපිටිය (කඩුලු රකින්නා), සදේශ් රාමනායක, බුලාන් වීරතුංග, ගිශාන් බාලසූරිය (නායක), ඩෑන් පොඩ්ඩිවෙල.
- සාන්ත තෝමස් විද්‍යාලය – සේනාධි බුලන්කුලම, ජනිඳු අබේගුණවර්ධන, දිනෙත් ගුණවර්ධන, රයන් ප්‍රනාන්දු, සෙනේෂ් හෙට්ටිආරච්චි, මුයිස් නවුශාන්, මහිත් පෙරේරා, චාරුක පීරිස්, කැනිස්ටන් ගුණරත්නම්, අකාෂ් ප්‍රනාන්දු, කවිඳු ඩයස්.
රාජකීය විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට අවතීර්ණ වුනු සාන්ත තෝමස් ඉනිම ආරම්භ කරමින් සේනාධි සහ ජනිඳු පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා සෙමින් සීරුවේ පළමු කඩුල්ල වෙනුවෙන් ඉතාමත් හොඳ අර්ධ ශතක සබඳතාවයක් සිය කණ්ඩායම වෙනුවෙන් ගොඩනැංවූවා.
දිවා ආහාරය දක්වා ක්‍රියාත්මක වුනු සැසිය තුල කිසිවෙක් නොදැවී ලකුණු 53ක් ලබාගෙන සිටි සාන්ත තෝමස් විද්‍යාලය පළමු සැසියේ වැඩි ගෞරවය දිනා ගැනීමට සමත් වුනත්, දිවා ආහාරයෙන් පසුව තේ පානය දක්වා වුනු සැසිය තුල රාජකීයයන් නැවතත් තරගයට අවතීර්ණ වුනා. එහි දී රාජකීය ක්‍රීඩකයින් ලකුණු 80කට කඩුලු 5ක් දවාගෙන සාන්ත තෝමස් පිතිකරුවන් පාලනය කරන්නට සමත් වුනා.
පන්දු 93ක දී ලකුණු 28ක් ලබාගෙන සිටි ජනිඳු දිනයේ පළමු කඩුල්ල ලෙස දවා ගැනීමට 15 හැවිරිදි දකුණතින් පා දඟපන්දු යවන රමිරු සමත් වුනේ දක්ෂ පන්දු රැකීමක ද නිරත වෙමින්. සේනාධි ලකුණු 18යි.
සාන්ත තෝමස් නායක සහ ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා වන රයන්ගේ තීරණාත්මක කඩුල්ල ලකුණු 18කට සීමා කිරීමට රාජකීය නායක ගිශාන් සමත් වීම කැපී පෙනුණා.
- 143 වැනි ‘නිල් මහා සටන’ Dialog විසින් බලගන්වයි
- සදීෂ්ගේ ශතකයෙන් සාන්ත ජෝසප් ගෞරවය රැකෙයි
- 69 වසරකට පසු නාලන්දාවට සුලෝහිත සංග්‍රාමයක ජයක්
- ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පහළට
- ආසියානු කුසලානය ලංකාවෙන් පිටතට යන ලකුණු
ලකුණු 84කට කඩුලු 5ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ පිටියේ එක්වුණු කඩුලු රකින පිතිකරු සෙනේෂ් සහ සිය පළමු මහා තරගයට ක්‍රීඩා කරන චාරුක එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාවයක් ගොඩනැංවූවා.
පන්දු 218ක් තුල වාර්තා වුනු එම තීරණාත්මක සබඳතාවය ශතක සබඳතාවයකට පෙර බිඳහෙලීමට රමිරු සමත් වුනේ ලකුණු 55ක් ලබාගෙන සිටි සෙනේෂ්ගේ කඩුල්ල දවා ගෙනයි.
සිය දෙවැනි මහා තරගයට ක්‍රීඩා කරන සෙනේෂ්ගේ නිල් මහා සටන තුල ලබා ගත් පළමු අර්ධ ශතකය මෙය වන අතර ඔහුගේ මේ සටන්කාමී ඉනිමට 4 පහර 7ක් ඇතුළත් වුනා.
අංක 7 පිතිකරුවා ලෙස පිටියට පැමිණි වයස අවුරුදු 18ක් වන චාරුක සාන්ත තෝමස් පළමු ඉනිමේ පසුපෙළ සවිමත් කරමින් අගනා ඉනිමක් දියත් කළ අතර දිනය නිමා වන විට ඔහු නොදැවී ලකුණු 51*ක් ලබාගෙන සිටියා. මහිත් පෙරේරා නොදැවී ලකුණු 11*යි. පන්දු යැවීමේ දී පළමු දිනය තුල කඩුලු 2ක බැගින් දවා ගැනීමට ගිශාන් සහ රමිරු සමත් වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Senadhi Bulankulama | lbw b Dasis Manchanayake | 18 | 85 | 1 | 0 | 21.18 |
Janidu Abegoonawardena | c & b Ramiru Perera | 28 | 93 | 2 | 0 | 30.11 |
Dineth Gunawardena | run out (Sadisha Rajapaksha) | 12 | 25 | 1 | 0 | 48.00 |
RAYAN FERNANDO | c Dasis Manchanayake b Gishan Balasuriya | 18 | 31 | 1 | 0 | 58.06 |
MUIZZ NAUSHAN | b Gishan Balasuriya | 1 | 7 | 0 | 0 | 14.29 |
Senesh Hettiarachchi | c & b Ramiru Perera | 55 | 118 | 7 | 0 | 46.61 |
Charuka Peiris | lbw b Sandesh Ramanayaka | 51 | 151 | 5 | 0 | 33.77 |
Mahith Perera | c Dasis Manchanayake b Gishan Balasuriya | 33 | 83 | 2 | 0 | 39.76 |
Gunaratnam Caniston | b Bulan Weerathunga | 3 | 15 | 0 | 0 | 20.00 |
Akash Fernando | c Sadisha Rajapaksha b Sandesh Ramanayaka | 6 | 22 | 0 | 0 | 27.27 |
Kavindu Dais | not out | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 7 , lb 6 , nb 0, w 4, pen 0) |
Total | 242/10 (106.2 Overs, RR: 2.28) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dan Poddiwela | 14 | 3 | 36 | 0 | 2.57 | |
Sandesh Ramanayaka | 12 | 6 | 16 | 2 | 1.33 | |
Gishan Balasuriya | 31.2 | 11 | 56 | 3 | 1.79 | |
Bulan Weerathunga | 12 | 1 | 29 | 1 | 2.42 | |
Sadisha Rajapaksha | 21 | 4 | 34 | 0 | 1.62 | |
Ramiru Perera | 9 | 1 | 36 | 2 | 4.00 | |
Dasis Manchanayake | 7 | 0 | 22 | 1 | 3.14 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sanvidu Senartharachchi | lbw b Kavindu Dais | 1 | 8 | 0 | 0 | 12.50 |
Sineth Jayawardena | c MUIZZ NAUSHAN b Janidu Abegoonawardena | 32 | 38 | 6 | 0 | 84.21 |
Sadisha Rajapaksha | c Senesh Hettiarachchi b Kavindu Dais | 5 | 12 | 1 | 0 | 41.67 |
Uvindu Weerasekara | c RAYAN FERNANDO b Kavindu Dais | 66 | 109 | 9 | 0 | 60.55 |
Dasis Manchanayake | lbw b Gunaratnam Caniston | 17 | 31 | 1 | 0 | 54.84 |
Ramiru Perera | b Akash Fernando | 34 | 114 | 3 | 0 | 29.82 |
Nethil Panapitiya | c Mahith Perera b Gunaratnam Caniston | 27 | 73 | 0 | 0 | 36.99 |
Sandesh Ramanayaka | c Charuka Peiris b Kavindu Dais | 21 | 34 | 3 | 0 | 61.76 |
Gishan Balasuriya | not out | 1 | 7 | 0 | 0 | 14.29 |
Extras | 15 (b 1 , lb 5 , nb 2, w 2, pen 5) |
Total | 219/8 (70.4 Overs, RR: 3.1) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Gunaratnam Caniston | 23 | 1 | 67 | 2 | 2.91 | |
Kavindu Dais | 17.4 | 2 | 65 | 4 | 3.74 | |
Akash Fernando | 9 | 1 | 33 | 1 | 3.67 | |
Janidu Abegoonawardena | 4 | 0 | 6 | 1 | 1.50 | |
Charuka Peiris | 6 | 0 | 22 | 0 | 3.67 | |
RAYAN FERNANDO | 11 | 5 | 15 | 0 | 1.36 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Senadhi Bulankulama | c Sineth Jayawardena b Dan Poddiwela | 2 | 10 | 0 | 0 | 20.00 |
Janidu Abegoonawardena | c Uvindu Weerasekara b Gishan Balasuriya | 7 | 38 | 1 | 0 | 18.42 |
Dineth Gunawardena | b Gishan Balasuriya | 1 | 43 | 0 | 0 | 2.33 |
RAYAN FERNANDO | c Sadisha Rajapaksha b Gishan Balasuriya | 74 | 117 | 10 | 0 | 63.25 |
MUIZZ NAUSHAN | lbw b Sadisha Rajapaksha | 11 | 71 | 0 | 0 | 15.49 |
Senesh Hettiarachchi | c Sandesh Ramanayaka b Sadisha Rajapaksha | 26 | 65 | 2 | 0 | 40.00 |
Mahith Perera | not out | 8 | 23 | 1 | 0 | 34.78 |
Gunaratnam Caniston | not out | 11 | 17 | 1 | 0 | 64.71 |
Extras | 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0) |
Total | 142/6 (64 Overs, RR: 2.22) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dan Poddiwela | 4 | 2 | 3 | 1 | 0.75 | |
Sandesh Ramanayaka | 3 | 3 | 0 | 0 | 0.00 | |
Bulan Weerathunga | 4 | 1 | 17 | 0 | 4.25 | |
Sadisha Rajapaksha | 18 | 7 | 30 | 2 | 1.67 | |
Gishan Balasuriya | 20 | 5 | 56 | 3 | 2.80 | |
Ramiru Perera | 13 | 2 | 32 | 0 | 2.46 | |
Dasis Manchanayake | 2 | 1 | 3 | 0 | 1.50 |
තෙදින තරගයක් වන මේ මහා තරගයේ දෙවැනි දිනය හෙට (22) උදෑසන 9.30 සිට සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<