Home Sinhala රාජකීය පන්දු යවන්නන් හමුවේ සාන්ත තෝමස් මුල්පෙළ අසරණ වෙයි

රාජකීය පන්දු යවන්නන් හමුවේ සාන්ත තෝමස් මුල්පෙළ අසරණ වෙයි

රාජකීය - සාන්ත තෝමස් නිල් මහා සංග්‍රාමය 2021

451

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 142 වැනි නිල් මහා සටනේ දෙවැනි දිනය අද (29) කොළඹ SSC පිටියේ දී ක්‍රියාත්මක වුනා.

තරගයේ දෙවැනි දිනය අයහපත් ආලෝක තත්වය මත නවතා දමන විට, සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 87ක් ලබාගෙන සිටියා.

පළමු දිනය පුරාවට එකදු පන්දුවක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ මේ තරගයේ දෙවැනි දිනයේ උදෑසන වරුව ද අයහපත් කාලගුණ තත්වය නිසා ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

කෙසේ නමුත් දහවල් 12.30ට පමණ ඉහළ දැමුණු කාසියේ වාසිය දිනා ගත් රාජකීය නායක අහන් වික්‍රමසිංහ, පළමුව පන්දු යැවීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • රාජකීය විද්‍යාලය – සිනෙත් ජයවර්ධන, ඉසිවර දිසානායක, සදීෂ රාජපක්ෂ, අහන් වික්‍රමසිංහ (නායක), දසිස් මංචනායක, කවිඳු පතිරත්න, සෙහාන් හේරත්, සොනාල් අමරසේකර, ගිශාන් බාලසූරිය, ප්‍රශාන් කල්හාර, ඩෑන් පොඩ්ඩිවෙල
  • සාන්ත තෝමස් විද්‍යාලය – අනුක් පලිහවඩන, රොමේෂ් මෙන්ඩිස්, ශලින් ද මෙල් (නායක), රයන් ප්‍රනාන්දු, සෙනේෂ් හෙට්ටිආරච්චි, තේනුක ලියනගේ, යසිරු රොද්‍රිගෝ, නේතන් කල්දේරා, කැනිස්ටන් ගුණරත්නම්, මහිත් පෙරේරා, රජිඳු තිලකරත්න.

සාන්ත තෝමස් ඉනිම ආරම්භ කරමින් අනුක් පලිහවඩන සහ කඩුලු රකින පිතිකරු රොමේෂ් මෙන්ඩිස් පිටියට පිවිසි අතර සාන්ත තෝමස් පළමු කඩුලු 3ම ඉතාමත් ඉක්මනින් දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන සොනාල් අමරසේකර සමත් වුනා.

සාන්ත තෝමස් මුල්පෙළ පිතිකරුවන් හට රාජකීය පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ලකුණු රැස් කිරීම ඉතාමත් අසීරු කාර්යයක් වුනු අතර ඒ සඳහා තණතීරුවෙන් ද ඉතාමත් හොඳ සහයක් ලැබුණා.

සොනාල් එක් අන්තයකින් සාන්ත තෝමස් පිතිකරුවන් අසරණ කරන විට, අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ කවිඳු පතිරත්න සහ ගීශාන් බාලසූරිය විසින් රයන් ප්‍රනාන්දු, ශලින් ද මෙල් ඇතුළු ප්‍රබල සාන්ත තෝමස් පිතිකරුවන් ඉතාමත් අවම ලකුණකට දවා ගන්නට සමත් වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස සාන්ත තෝමස් පළමු කඩුලු 8 ලකුණු 35ක් තුල දැවී ගියා. නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වුණු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන යසිරු සහ මහිත් පෙරේරා එක්ව ලකුණු 38ක සබඳතාවයක් ගොඩනැගුවා. නමුත් ගීශාන් කඩුල්ල වෙත දඟ කැවෙන ලෙස යොමු කළ පන්දුවක් හමුවේ මහිත්ගේ ඉනිම ලකුණු 22කට සීමා වුනා.

මේ තරගයේ දී රාජකීය පන්දු රැකීම යම් දුර්වල මට්ටමක තිබුණු අතර ඔවුන් අතින් රැක ගැනීමට හැකියාවක් තිබුණු උඩපන්දු දෙකක් සහ දවා ගැනීමට හැකියාව තිබූ දුවද්දී දැවී යාමක් මඟ හැරී ගියා.

දෙවැනි දිනය තුල පන්දුවාර 63ක් ක්‍රියාත්මක කිරීමට තිබූ නමුත් අයහපත් ආලෝක තත්වය නිසා තරගයේ දෙවැනි දිනය නවතා දැමීමට පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල තීරණය කළා.

රාජකීයයන් වෙනුවෙන් වමතින් දඟපන්දු යවන ගීශාන් කඩුලු 4ක් දවා ගන්නා විට, සොනාල් කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු සාරාංශය,

  • සාන්ත තෝමස් විද්‍යාලය – 87/9 (47): යසිරු රොද්‍රිගෝ 30*, ගීශාන් බාලසූරිය 4/47, සොනල් අමරසේකර 3/06.

මේ තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙට (30) පැවැත්වෙන අතර එහි සජීව තරග විකාශය, ඡායාරූප, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result

Match drawn

Royal College
112/4 (21.5)

S. Thomas’ College
89/10 (48.5) & 32/1 (13)

Batsmen R B 4s 6s SR
Anuk Palihawadana lbw b Dan Poddiwela 7 37 0 0 18.92
Romesh Mendis lbw b Sonal Amarasekara 0 4 0 0 0.00
Shalin De Mel lbw b Sonal Amarasekara 1 8 0 0 12.50
Ryan Fernando c Sadisha Rajapaksha b Sonal Amarasekara 0 3 0 0 0.00
Shenesh Hettiarachchi lbw b Kavindu Pathirathna 1 3 0 0 33.33
Caniston Gunathan c Ahan Wickramasinghe b Gishan Balasuriya 12 29 0 0 41.38
Nathan Caldera c Kavindu Pathirathna b Gishan Balasuriya 9 19 1 0 47.37
Thenuka Liyanagae c Sineth Jayawardena b Gishan Balasuriya 0 7 0 0 0.00
Yasiru Rodrigo not out 30 95 2 0 31.58
Mahith Perera b Gishan Balasuriya 22 64 1 0 34.38
Rajindo Thilakarathna c Dasis Manchanayake b Kavindu Pathirathna 0 19 0 0 0.00


Extras 7 (b 4 , lb 0 , nb 1, w 2, pen 0)
Total 89/10 (48.5 Overs, RR: 1.82)
Fall of Wickets 1-4 (1.4) Romesh Mendis, 2-6 (3.4) Shalin De Mel, 3-8 (5.1) Ryan Fernando, 4-9 (6.1) Shenesh Hettiarachchi, 5-21 (11.4) Anuk Palihawadana, 6-31 (16.4) Caniston Gunathan, 7-32 (18.1) Nathan Caldera, 8-35 (19) Thenuka Liyanagae, 9-73 (40.1) Mahith Perera,

Bowling O M R W Econ
Kavindu Pathirathna 9.5 1 17 2 1.79
Sonal Amarasekara 10 6 8 3 0.80
Dan Poddiwela 5 1 12 1 2.40
Gishan Balasuriya 16 4 39 4 2.44
Prashan Silva 7 2 9 0 1.29
Dasis Manchanayake 1 1 0 0 0.00
Batsmen R B 4s 6s SR
Sineth Jayawardena c Thenuka Liyanagae b Nathan Caldera 18 32 0 0 56.25
Isiwara Dissanayake b Rajindo Thilakarathna 47 65 3 0 72.31
Ahan Wickramasinghe b Yasiru Rodrigo 26 30 2 0 86.67
Sadisha Rajapaksha lbw b Yasiru Rodrigo 7 4 0 0 175.00
Kavindu Pathirathna not out 3 5 0 0 60.00
Sonal Amarasekara not out 1 1 0 0 100.00


Extras 10 (b 0 , lb 2 , nb 6, w 2, pen 0)
Total 112/4 (21.5 Overs, RR: 5.13)
Fall of Wickets 1-40 (10.3) Sineth Jayawardena,

Bowling O M R W Econ
Yasiru Rodrigo 7.5 0 32 2 4.27
Caniston Gunathan 4 0 26 0 6.50
Anuk Palihawadana 4 0 8 0 2.00
Nathan Caldera 3 0 21 1 7.00
Shalin De Mel 1 0 9 0 9.00
Rajindo Thilakarathna 2 0 14 1 7.00


Batsmen R B 4s 6s SR
Anuk Palihawadana not out 12 43 1 0 27.91
Romesh Mendis b Sonal Amarasekara 0 6 0 0 0.00
Shalin De Mel not out 20 29 1 1 68.97


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 32/1 (13 Overs, RR: 2.46)
Bowling O M R W Econ
Kavindu Pathirathna 3 2 3 0 1.00
Sonal Amarasekara 5 1 15 1 3.00
Gishan Balasuriya 4 2 11 0 2.75
Dan Poddiwela 1 0 3 0 3.00