ත්‍රිත්ව, රාජකීය ගැටුමේ ජය ත්‍රිත්වයින්ට

3916
Royal College vs Trinity College

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර පවත්වන 72 වැනි ‘බ‍්‍රැඩ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ දෙවන අදියර ඊයේ (14) මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

පැවැති දෙවන අදියර තරගයෙන් ත්‍රිත්ව විදුහල් ක්‍රිඩකයින් ජයග්‍රහණය කලද බ්‍රැඩ්බි පළිහ විද්‍යාල දෙක අතර සමව බෙදී යන ලදි. ඒ ඔවින් අස්කි රාජකීය විද්‍යාලය වෙනුවෙන් අවසන් මොහොතේ එල්ල කල දඩුවම් පහරත් සමඟයි.

පාසල් රග්බි පිටිය උණුසුම් කළ තරග හයක් – 5වැනි සතිය

මෙම තරඟාවලියේ පළමු අදියර රාජකීය විද්‍යාලය ලකුණු 22 17 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්විය.

තරඟය මුල සිටම තියුණු මුහුණුවරක් ගත් අතර පළමුව ලකුණු පුවරුවේ ආරම්භය ගැනීමට රාජකීය ක්‍රීඩකයෝ සමත් විය. ඒ 10 වන මිනිත්තුවේදී එල්ල කල දඩුවම් පහරත් සමඟයි.

තරඟයේ පළමු අර්ධය නිමාවට පත්වූයේ ලකුණු 10 – 05 ක් ලෙස රාජකීය විද්‍යාලය පෙරමුණේ සිටිමිනි.

තරඟයේ දෙවන අර්ධයේ දී ත්‍රිත්ව විද්‍යාලය තම ආධිපත්‍යය පැතිරවීමට සමත් වූ අතර තරඟය අවසන් වූයේ ලකුණු 13 18 ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලයට ජයග්‍රහණය හිමි කර දෙමිනි.

නමුත් තරඟාවලියේ සම්‍ප්‍රදාය අනුව තරඟ දෙකේදීම ඒ ඒ විදුහල් රැස් කරගත් ලකුණු අනුව බ්‍රැඩ්බි පළිහ ප්‍රධානය කිරීම සිදු කරන අතර අවසන් මෙහොතේදී රාජකීය ක්‍රිඩක ඔවින් අස්කි එල්ල කල දඩුවම් පහරත් සමඟ තරඟය නිමා වූ අතර වර්ෂ 1992 න් පසු තරඟාවලියේ මුළු ලකුණු සම වු අවස්ථාවක් ලෙස මෙම තරඟාවලිය ද නිමා විය. ඒ ලකුණු 35 – 35 ක් ලෙසිනි.

රාජකීය විද්‍යාලය ,

උත්සාහක දිනුම් – 01
ප්රවර්ථන -01
දඩුවම් පහර -02

ත්‍රිත්ව විද්‍යාලය ,

උත්සාහක දිනුම් -02
ප්‍රවර්ථන -01
දඩුවම් පහර -02

තරඟාවලියේ කුසලානය ලබා දෙන මෙහොතේදී විද්‍යාලයේ ක්‍රිඩකයින් අතර තරමක උණුසුම්කාරී තත්වයක් ද ඇති විය.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න