මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක සහ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරනු ලබන රෝහිත් ශර්මා තවත් වාර්තාවක් එකතු කර ගැනීමට ඊයේ (1) සමත් විය. ඒ IPL තරගාවලි ඉතිහාසයේ ලකුණු 5000 සීමාව පසුකර යමින්.
මීට පෙර එම කඩඉම පසුකර ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායක විරාත් කෝලි සහ චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩක සුරේෂ් රයිනා පමණි.
තවත් කියවන්න
- RCB ජර්සිය උපහාර වැකියකින් වර්ණවත් වෙයි
- කෝලිට වැඩ වරදියි: දඩය ලක්ෂ 12ක්
- යුද හමුදාවේ අපරාජිත බව නැති වෙද්දී ටැමිල් යූනියන්ට දැවැන්ත ජයක්
- තවත් IPL ක්රීඩකයෙකුට දඩයක්!
ඊයේ (1) අබුඩාබි හිදී පැවති මුම්බායි ඉන්දියන්ස් – කිංග්ස් ඉලෙවන් පංජාබ් තරගයේ දී පංජාබ් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා ගත්තේය. එහි දී ශර්මා 4 පහර 8ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් පන්දු 45ක් තුල ලකුණු 70ක් වාර්තා කරගත්තේ සිය IPL ක්‍රිකට් දිවියේ ලබා ගත් 38 වැනි අර්ධ ශතකය වාර්තා කරගනිමිනි.
ශර්මා මේ වන විට IPL තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර තුන්වැනි ස්ථානයේ (ලකුණු 5068) සිටින අතර සුරේෂ් රයිනා (ලකුණු 5368) එහි දෙවැනි ස්ථානය දිනා ගෙන සිටියි. එහි පළමු ස්ථානය දිනාගෙන සිටින්නේ දැනට ලකුණු 5430ක් ලබාගෙන තිබෙන විරාත් කෝලි විසිනි.
ඊයේ පැවති එම තීරණාත්මක සහ වැදගත් තරගය ලකුණු 48කින් ජය ගැනීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත් මුම්බායි කණ්ඩායම සමත් වීමත් සමඟම දැනට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීමට ඔවුන්ට හැකි විය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<