ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායක රෝහිත් ශර්මා හට ඉන්දීය ක්‍රීඩකයෙකුට හිමි වන ඉහළම සම්මානය වන රජීව් ගාන්ධි Khel Ratna සම්මානය හිමිව තිබෙනවා. මේ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සිකුරාදා (21) නිවේදනය කළා.
රෝහිත් ශර්මා මෙම සම්මානය දිනා ගත් සිව්වැනි ක්‍රිකට් ක්‍රීඩකයායි. මෙම සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන අගෝස්තු 29 වැනිදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිතයි.
රෝහිත් ශර්මා 2019 වසරේ එක්දින තරගවල දී සාමාන්‍ය 57.30ක් ලෙස පවත්වා ගනිමින් ලකුණු 1490ක් රැස් කළා. නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වුනේ ශතක පහක් වාර්තා කරමින්. ගෙවුණු වසර පහේ ටෙස්ට් තරග පහක දී ඔහු ලකුණු 556ක් ද රැස් කිරීම විශේෂත්වයක්.
සචින් ටෙන්ඩුල්කාර් (1997-98), M. S දෝනි (2007) හා විරාත් කෝලි (2018) මීට පෙර මෙම සම්මානය දිනා ගත්තා.
තවත් ක්‍රිකට් පුවත්:
- මාලිංගට IPL මුල් තරග මගහැරේ
- ඉසුරු උදාන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
- ප්‍රබල රටවල් දෙකක් සමඟින් ඇෆ්ගනිස්තානය T20 ගැටුමකට සැරසේ
- දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා
- බංග්ලාදේශය ශ්‍රී ලංකාව එරෙහිව වැඩ පටන්ගනී
මේ අතර ටෙස්ට් වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ශර්මා හා ක්‍රිකට් ක්‍රීඩිකා දීප්ති ශර්මා හට ‘Arjuna’ සම්මානය හිමි ව තිබෙනවා. ඉෂාන්ත් ගෙවුණු වසරේ දී ටෙස්ට් තරග හයක දී කඩුලු 25ක් බිඳ හෙලුවා. දීප්ති ශර්මා පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් මහා තරගයට ඉන්දීය කණ්ඩායම රැගෙන යන්නට ඉමහත් සේවයක් ඉටු කළ අතර ඇය විස්සයි විස්ස තරග 15ක දී කඩුලු 19ක් දවා ගන්නට සමත් වුනා.
Cricbuzz ඇසුරින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <