Ritzbury පාසල් සහය දිවීමේ ශූරතාවලියේ දෙවැනි දිනයේ තතු විත්ති

Sri Lanka Inter Schools Ritzbury Relay Championship 2025

15
Sri Lanka Inter Schools Ritzbury Relay Championship 2025

 ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් සහය දිවීමේ ශූරතාවලියේ දෙවැනි දිනය අද (10) ක්‍රියාත්මක වුනා.

ශූරතාවලියේ දෙවැනි දිනය තුළ ද තරග ඉසව් කිහිපයක ම අවසන් තරග ඉසව් පැවැත්වුණා.

16න් පහළ කාන්තා මීටර් 800 සහය දිවීමේ ඉසව්ව ජය ගැනීමට වලල ඒ. රත්නායක විද්‍යාලය සමත් වූ අතර, එහි පිරිමි ඉසව්ව ජය ගැනීමට රඹුක්කන සුජාතාක කනිටු විදුහල සමත් වුනා.

මේ අතර මීටර් 800 සහය දිවීමේ කාන්තා සහ පිරිමි ඉසව් ද්විත්වයම ජය ගැනීමට වලල ඒ. රත්නායක විද්‍යාලය සමත් වූ අතර, එහි 20න් පහළ කාන්තා ඉසව්ව ජය ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වන අතරේ පිරිමි ඉසව්ව ජය ගැනීමට කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් වුනා.

මේ අතර 16න් පහළ මීටර් 100 කාන්තා සහය දිවීමේ ඉසව්වේ ජය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ජයග්‍රහණය කරද්දී, එහි පිරිමි ඉසව්වේ ජය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සතු වුනා.

තරගාවලියේ දෙවැනි දිනය මෙසේ සාර්ථකව අවසන් වන අතරේ, ශූරතාවලියේ තෙවන සහ අවසන් දිනය හෙට (11) ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<