ඉන්දියාව තෙවැනි තැනට ඇද දමමින් ශ්‍රී ලංකා සහය දුවන කණ්ඩායම් පෙරමුණට

Ritzbury Relay Championship 2025

6
Ritzbury Relay Championship 2025

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් සහය දිවීමේ ශූරතාවලිය ඊයේ (11) දිනයේ සාර්ථකව නිමාවට පත් වුනා.

තරගාවලියේ අවසන් දිනය තුළ උණුසුම් තරග රැසක් ක්‍රියාත්මක වූ අතර, ඊට අමතරව ජාත්‍යන්තර සහභාගිත්වය සහිත පිරිමි මීටර් 400 සහය දිවීමේ ඉසව්වක් ද ඊයේ ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

සහය දිවීමේ ඉසව් තුළ දී පාසල් කිහිපයක් ම කැපී පෙනෙන දක්ෂතා දක්වමින් සිය අභිමානය විදහා දැක්වීමට සමත් වූ අතර, මෙම ඉසව් අවසානයේ දී ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය සහ මාලදිවයින සහභාගී වූ පිරිමි මීටර් 400 ×4 තරග ඉසව්ව ක්‍රියාත්මක වුනා.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් ත්‍රිත්වයක් සහභාගී වීම විශේෂත්වයක්.

  • ශ්‍රී ලංකා A – අරුණ දර්ශන, සදෙව් රාජකරුණා,D.R.මදූශ, කාලිංග කුමාරගේ
  • ශ්‍රී ලංකා B – ඔමෙල් සිල්වා, ඉසුරු ලක්ශාන්, A.I.මදුරංග, ප්‍රදීප් කුමාර
  • ශ්‍රී ලංකා C – දිනුක දේශාන්, පබසර නිකූ, රජිත රාජකරුණා, ඉසුරු බාන්ස්

මෙහි දී ශ්‍රී ලංකා A කණ්ඩායම මිනිත්තු 03.05.58ක් කාලයක් වැය කරමින් පළමු ස්ථානය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා B කණ්ඩායම එහි දෙවැනි ස්ථානයට පත් වුනේ, ඉන්දියාව තෙවැනි තැනට ඇද දමමිනුයි.

මේ අතර නිමා වූ ශූරතාවලියේ එක් එක් වයස් කාණ්ඩ යටතේ ශූරතා ජයග්‍රහණය කළ පාසල් මෙසේයි;

  • 12න් පහළ කාන්තා – කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය
  • 12න් පහළ පිරිමි – කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • 14න් පහළ කාන්තා – කොතලාවල මහා විද්‍යාලය
  • 14න් පහළ පිරිමි – කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • 16න් පහළ කාන්තා – වලල එස්. රත්නායක විද්‍යාලය
  • 16න් පහළ පිරිමි – මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය
  • 18න් පහළ කාන්තා – වලල ඒ. රත්නායක විද්‍යාලය
  • 18න් පහළ පිරිමි – වෙන්නපුව ජෝසප් වාස් විද්‍යාලය
  • 20න් පහළ කාන්තා – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල්
  • 20න් පහළ පිරිමි – කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • සමස්ත කාන්තා ශූරතාව – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – ලකුණු 130
  • සමස්ත පිරිමි ශූරතාව – කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – ලකුණු 155

දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>