Ritzbury පාසල් සහය දිවීමේ ශූරතාවලිය ආරම්භ වෙයි

Sri Lanka Inter Schools Ritzbury Relay Championship 2025

45
Sri Lanka Inter Schools Ritzbury Relay Championship 2025

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් සහය දිවීමේ ශූරතාවලියේ පළමු දිනය අද (09) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

පාසල් 100කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික ප්‍රමාණයක් මෙවර ශූරතාවලියට සහභාගී වීමට නියමිත අතර, ඔවුන් අතරින් බොහෝ පිරිසක් අද දිනයේ දී තරග බිමට ද පිවිසුණා.

මෙහි දී කාන්තා 12න් පහළ මීටර් 100 සහය දිවීමේ ඉසව්ව ජය ගැනීමට කොළඹ යහපත් එඬේරාගේ කන්‍යාරාමයට හැකියාව ලැබුණා. මෙහි පිරිමි ඉසව්ව ජය ගැනීමට මීගමුව මාරිස් ස්ටෙලා ක්‍රීඩකයින් විසින් සමත් වුනා.

20න් පහළ පිරිමි මීටර් 200 සහය දිවීමේ ඉසව්ව ජය ගැනීමට ද මීගමුව මාරිස් ස්ටෙලා ක්‍රීඩකයින් සමත් වූ අතර, එහි කාන්තා ඉසව්ව ජය ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වුනා.

18න් පහළ මීටර් 200 කාන්තා සහය දිවීමේ ඉසව්ව ජය ගැනීමට ද වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩිකාවන් විසින් සමත් වූ අතර, එහි පිරිමි ඉසව්ව ජය ගැනීමට කොළඹ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් සමත් වුනා.

16න් පහළ පිරිමි මීටර් 200 ඉසව්ව ජය ගැනීමට මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට හැකි වූ අතර, එහි පිරිමි ඉසව්ව ජය ගැනීමට වලල ඒ. රත්නායක විද්‍යාලයට හැකි වුනා.

මේ අතර කාන්තා 18න් පහළ මීටර් 200 සහය ඉසව්ව ජය ගැනීමට වත්තල ලයිසියම් විද්‍යාලයට හැකි වූ අතර, එහි පිරිමි ඉසව්ව ජය ගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට හැකි වුනා.

මෙම තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<