Ritzbury සහය දිවීමේ සැණකෙළිය සාර්ථකව අවසන් වෙයි

Ritzbury All Island Relay Carnival 2024

45

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී දින තුනක් පුරාවට පැවැත්වුණු Ritzbury සහය දිවීමේ සැණකෙළිය පසුගිය 04 වැනි දා සාර්ථකව නිමාවට පත් වුනා. 

තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනයේ දී පැවැත්වුණු වයස අවුරුදු 18න් පහළ කාන්තා මීටර් 100×4 ඉසව්ව තත්පර 50.6ක තරග නිමි කාලයක් සමඟ ජයග්‍රහණය කිරීමට වත්තල ලයිසියම් විද්‍යාලය සමත් වූ අතර, එම වයස් කාණ්ඩයේ ම පිරිමි ඉසව්ව තත්පර 44.2ක තරග නිමි කාලයක් සමඟ ජයග්‍රහණය කිරීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට හැකියාව ලැබුණා. 

මේ අතර වයස අවුරුදු 20න් පහළ පිරිමි මීටර් 100×4 ඉසව්ව ජයග්‍රහණය කිරීමට මාතර රාහුල විද්‍යාලය විසින් සමත් වුනේ තත්පර 43.1කින් තරගය නිමා කරමිනුයි. 

18න් පහළ කාන්තා මීටර් 400×4 ඉසව්ව වළල ඒ රත්නායක ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණය කරනා අතරේ, පිරිමි මීටර් 400×4 ඉසව්ව සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

වයස අවුරුදු 20න් පහළ කාන්තා මීටර් 400×4 ඉසව්ව මිනිත්තු 4.05.7ක කාලයකින් ජයග්‍රහණය කිරීමට වත්තල ලයිසියම් විද්‍යාලයට හැකි වූ අතර, එහි පිරිමි ඉසව්ව මිනිත්තු 3.28.3ක කාලයකින් තරගය නිමා කළ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය ජයග්‍රහණය කළා. 

විවිධ වයස් කාණ්ඩවල ජයග්‍රහණ ලැබූ පාසල් මෙසේයි; 

පිරිමි 

  • 12න් පහළ කොළඹ තර්ස්ටන් විද්‍යාලය  
  • 14න් පහළ – මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය  
  • 16න් පහළ – වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය  
  • 18න් පහළ – කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  
  • 20න් පහළ – මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය  

කාන්තා  

  • 12න් පහළ – කොළඹ කාන්තා විද්‍යාලය 
  • 14න් පහළ – මීගමුව ආවේ මරියා විද්‍යාලය  
  • 16න් පහළ – වත්තල ලයිසියම් විද්‍යාලය  
  • 18න් පහළ – වළල ඒ රත්නායක විද්‍යාලය  
  • 20න් පහළ – වත්තල ලයිසියම් විද්‍යාලය  

>> තරගාවලියේ මේ දක්වා තරග ප්‍රතිඵල <<

  • තරගාවලියේ කාන්තා ශූරතාව වත්තල ලයිසියම් විද්‍යාලය ලකුණු 120 
  • තරගාවලියේ පිරිමි ශූරතාව මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය ලකුණු 87 

දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<