මීටර් 800 සහය දිවීමේ වැඩි ගෞරව වළල ඒ රත්නායක විද්‍යාලයට

32
Ritzbury All Island Relay Carnival 2024

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන Ritzbury සහය දිවීමේ සැණකෙළියේ දෙවැනි දිනයේ තරග ඊයේ (03) සාර්ථකව නිමාවට පත් වුණා.

දෙවැනි දිනයේ උදෑසන වරුව උණුසුම් කරමින් මීටර් 4X800 සහය දිවීමේ තරග පැවති අතර ප්‍රථමයෙන් පැවති අවුරුදු 16න් පහළ බාලිකා තරගය ජයග්‍රහණය කළේ මිනිත්තු 10:20:8 වංගියකුඹුර ජාතික පාසල් කණ්ඩායමටයි.

එම වයස් කාණ්ඩයේ බාලක තරගය සිය සුපුරුදු ආධිපත්‍ය රඳවා තබා ගෙන ජයග්‍රහණය කිරීමට වළල ඒ රත්නායක විද්‍යාල ක්‍රීඩකයින් සමත් වුනේ මිනිත්තු 8:34.4ක කාලයකින්  තරගය අවසන් කරලයි.

මිනිත්තු 8:22.3ක කාලයකින් තරගය අවසන් කරමින් අවුරුදු 18න් පහළ බාලක මීටර් 4X800 සහය දිවීමේ තරගය ජයග්‍රහණය කිරීමට වළල ඒ රත්නායක ක්‍රීඩකයින් සමත් වෙද්දී, එම තරගයේ අවුරුදු 20න් පහළ පිරිමි තරගය මිනිත්තු 8:13.5ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට වළල ක්‍රීඩකයින්ට හැකි වුනා.

මෙම තරගයන්ට අමතරව ඊයේ දිනයේ දී අවුරුදු 20න් පහළ කාන්තා මීටර් 4X100 අවසන් තරගය ද පැවති අතර තත්පර 49.9ක කාලයකින් ඉසව්ව අවසන් කළ වත්තල ලයිසියම් විද්‍යාලීය ක්‍රීඩිකාවන් එහි ජයග්‍රහණය ලැබුවා.

>> තරගාවලියේ මේ දක්වා තරග ප්‍රතිඵල <<

තරගාවලියේ අවසන් දිනය වන අද (04) තවත් ඉසව් රැසක අවසන් තරග පැවැත්වීමට නියමිත අතර එම තරග ඇතුළු තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන Thepapare සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<