ඉන්දීය තරුණ කඩුලු රකින පිතිකරු Rishabh Pant ඉන්දු – එංගලන්ත පළමු ටෙස්ට් තරගය සඳහා ලැබෙන සිය තරග මුදල ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රදේශයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ජීවිත අහිමි වූ සහ ඒ හේතුවෙන් අසරණ වූ පුද්ගලයින් හට ලබා දීමට ඊයේ (7) තීරණය කර තිබෙනවා.
ඊයේ දිනයේ දී ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රදේශයේ මේ ග්ලැසියරය කඩා වැටීමත් සමඟම ගංවතුර තත්ත්වයක් ද හට ගෙන තිබෙන අතර මේ සිදුවීමෙන් දැනට පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පුද්ගලයන් 160කට අධික පිරිසක් අතුරුදන් වූ සංඛ්‍යාව බව ඉන්දීය පොලීසිය පවසයි.
තවත් ක්‍රිකට් පුවත්:
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට COVID-19 එන්නත්
- මහීෂ් සහ ධනංජය ඇතුළු Northern Warriors T10 කිරුල දිනයි
- Shakib නැවතත් ආබාධයකට
“උත්තරාකන්ඩ් හි වුනු මේ සිදුවීම ගැන හරිම කනගාටුයි හරිම වේදනයි. මේ ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා මගේ තරග ගාස්තුව පරිත්‍යාග කිරීමට මම තීරණය කළා. මේ සඳහා පුළුවන් හැමෝම උදව් කරන්න” යැයි Rishabh Pant සිය නිල Twitter ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කර තිබුණා.
Deeply pained by the loss of life in Uttarakhand. Would like to donate my match fee for the rescue efforts and would urge more people to help out.
— Rishabh Pant (@RishabhPant17) February 7, 2021
හිම ග්ලැසියරය කඩා වැටීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට ද උත්තරාකන්ද් බලධාරීන් කටයුතු කළ අතර එහි විදුලි බලාගාරයක් ද විනාශ වී තිබෙන නිසා ඒ අවට විදුලි බලය පවා ඇනහිට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඊට අමතරව ඒ අවට නිවාස රැසකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය බලධාරීන් විසින් මේ සිදුවීම සිදුව තිබෙන ප්‍රදේශවලට සහන සේවා කණ්ඩායම් යවා අදාළ සේවා කටයුතු කරමින් සිටින අතර අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම සඳහා එරට හමුදාව විසින් විශේෂ මෙහෙයුම් ද ආරම්භ කර තිබෙනවා.
සංචාරක එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 578ක් ලබාගත් අතර ඉන්දීය පළමු ඉනිම සඳහා 4 පහර 9ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් පන්දු 88ක දී වේගවත් ලකුණු 91ක් ලබා ගැනීමට Rishab Paant සමත් වුනා. කෙසේ නමුත් මේ වන විට එම තරගයේ වැඩි වාසිය තමන් සතුකරගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<