ඉන්දියාව වෙනුවෙන් ලකුණු 1000 සීමාව පසුකර ගිය හත්වන ඉන්දීය කඩුලු රකින්නා බවට පත්වීමට Rishabh Pant අද (19) දිනයේ අසමත් වුනා. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති සිව්වන ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී ඔහු ලකුණු 1000 සීමාව පසුකළා. ජයග්‍රහණය සඳහා ලකුණු 328ක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් Pant නොදැවී ලකුණු 89ක් රැස්කළා. තරගය ආරම්භ වන විට ඔහු ටෙස්ට් ලකුණු 976ක් රැස්කර ගෙන සිටි අතර පළමු ඉනිමේ දී ඔහු ලකුණු 23කට දැවී ගියා.
දෙවන ඉනිමේ දී ඉතිරි ලකුණු රැස්කරමින් Pant ලකුණු 1000ට ළඟා වුනේ MS Dhoni විසින් තබා තිබූ ඉන්දියාව වෙනුවෙන් කඩුලු රකින්නෙකු රැස්කළ වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 වාර්තාව බිඳ දමමින්.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- තාත්තාගේ හීනය සැබෑ කළ ඉන්දියාවේ වීරයා
- දිමුත්, මෙන්ඩිස් ඇතුළු පස්දෙනෙක් ගෙදර යවයි
- “ලක්මාල්, කුමාර සුවෙන්, දිමුත් ගැන විශ්වාසයක් නැහැ” – ප්‍රධාන පුහුණුකරු
Pant ඉනිම් 26ක දී එම දක්ෂතාවය දැක්වූ අතර MS Dhoni ලකුණු 1000ක් රැස්කරන්නට ටෙස්ට් ඉනිම් 32ක් වැය කර තිබුනා. එම ලැයිස්තුවේ සිටින අනෙක් ක්‍රීඩකයින් වන්නේ Farokh Engineer (ඉනිම් 36), Wriddhiman Saha (ඉනිම් 37), Nayan Mongia (ඉනිම් 39), Syed Kirmani (ඉනිම් 45), හා Kiran More (ඉනිම් 50).
මේ අතර Shubman Gillට අවාසනාවන්ත ලෙස ශතකය මඟ හැරුනු අතර ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන්ගේ වේගවත් පන්දු මැද Cheteshwar Pujara ඉතා ඉවසීමෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ ඉන්දියාව ජය ටැඹ කරා රැගෙන යමිනුයි. පස්වන දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 145ක් අවශ්‍යව තිබුනු අතර ඔවුන් සතුව කඩුලු හතක් තිබුනා.
ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක Nathan Lyonගේ පන්දුවක් හමුවේ Shubman Gill ලකුණු 91කට දැවී ගිය අතර නායක Ajinkya Rahane ලකුණු 24කට දැවී ගියා.
HindustanTimes ඇසුරින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<