ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන 117 වැනි ආදරවන්තයින්ගේ මහා සටන අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන මහින්ද විද්‍යාලය රිච්මන්ඩ් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 106ක් පසුපසින් සිටිනවා. කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලයේ නායක කුෂාන් මදූෂ පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා.
තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්:
රිච්මන්ඩ් විද්‍යාලය – භානුක මනෝහර (නායක), විශාර ප්‍රනාන්දු, තරින්ද නිර්මාල්, තමිඳු ප්‍රදීප්ත, ජනෙත් කෞෂාල් (කඩුලු රකින්නා), මල්ෂ තරුපති, මහීෂ වෙත්මින්, නාලක ජයවර්ධන, හංසමාන ද සිල්වා, ශාරෝන් අභිෂේක්, කල්ප නෙත්සර.
මහින්ද විද්‍යාලය – කුෂාන් මදූශ (නායක), හරීන් අචින්ත (කඩුලු රකින්නා), ප්‍රමේෂ් මදුභාෂණ, දිනුර කළුපහන, හිරුන මන්දිල, රන්මිණ හෙට්ටිආරච්චි, තරුෂ ඩිල්ශාන්, චන්දුප ද සිල්වා, කවීන් රුක්ෂාන්, ශෙහාන් හසරංග, ධනුජ ඉඳුවර.
රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් ලෙස විශාර ප්‍රනාන්දු සහ තරින්ද නිර්මාල් යන වමත් – දකුණත් පිතිකරුවන් සුසංයෝගය පිටියට අවතීර්ණ වුනු අතර එම සබඳතාවය ලකුණු 20කට සීමා කරමින් ලකුණු 7ක් ලබාගෙන සිටි විශාරගේ කඩුල්ල දවා ගැනීමට ශෙහාන් හසරංග සමත් වුනා.
ලකුණු 33කට කඩුලු 2ක් බිඳ වැටී තිබූ රිච්මන්ඩ් පළමු ඉනිම ගොඩනැංවීමේ වගකීම සිය කරට ගත් නායක භානුක සහ තරින්ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 108ක් තුල ලකුණු 55ක සබඳතාවයක් ගොඩනංවමින් යම් සටන්කාමී ලකුණක් වෙත සිය කණ්ඩායම රැගෙන යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා.
පන්දු 64ක් තුල ගොඩනැංවුණු භානුකගේ ඉනිම 4 පහර 5කින් වර්ණවත් වුනු අතර ඔහු ලකුණු 34කට දවා ගැනීමට ශෙහාන් සමත් වුනා. ඉන්පසුව ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් බොහෝමයක් දෙනා යම්තාක් මට්ටමක ලකුණු ප්‍රමාණයන් වෙත අවතීර්ණ වුනු අතර ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සටන්කාමී පිතිකරණයක් දියත් කළ තරින්ද පන්දු 135ක් තුල 4 අහර 8ක් එල්ල කරමින් ලකුණු 67ක් ලබා ගත්තා.
රිච්මන්ඩ් පළමු ඉනිමේ ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙක් (විශාර, භානුක, තරින්ද) දවාගත් වේගපන්දු යවන ක්‍රීඩක ශෙහාන් ලකුණු 53කට කඩුලු 3ක් දවා ගන්නා විට, ධනුජ ඉඳුවර සහ දිනුර කළුපහන අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.
- පාකිස්තානයෙන් PSL වලට කනිෂ්ඨ ලීගයක්
- ධනංජය ද සිල්වා බංග්ලාදේශයට
- මෙන්ඩිස්ගේ ශතකයෙන් Mohammedan ක්‍රීඩා සමාජයට ජය
- ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සත්කාරකත්වය ගැන තීරණය IPL වලින් පසු
පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට අවතීර්ණ වුනු මහින්ද විද්‍යාලයේ ආරම්භක සබඳතාවය ද ඉක්මනින් අවසන් කිරීමට දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක හංසමාන ද සිල්වා සමත් වුනේ ලකුණු 3ක් ලබාගෙන සිටි හරීන්ගේ කඩුල්ල දවා ගෙනයි.
ඉන් අනතුරුව ප්‍රමේෂ් මදුභාෂණ සමඟ පිටියේ එක්වුණු දිනුර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 28ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එය මහින්ද පළමු ඉනිමේ මෙතෙක් ගොඩනැංවී තිබෙන හොඳම සබඳතාවයයි.
දඟපන්දු යවන නාලක ජයවර්ධනගේ පන්දුවක් හමුවේ 4 පහර 2ක් සමඟ ලකුණු 22ක් ලබාගෙන සිටි ප්‍රමේෂ් දැවී යාමට පසුව මහින්ද පළමු ඉනිමේ මැදපෙළ තවත් කඩුලු 3ක් ලකුණු 16ක් තුල දවා ගැනීමට නාලක සහ ශාරෝන් අභිශේක් සමත් වුනේ දිනයේ වැඩි වාසිය රිච්මන්ඩ් විද්‍යාලය සතු කරමින්.
පළමු දිනය නිමා වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දිනුර 4 පහර 3ක් සමඟ ලකුණු 25*ක් ලබාගෙන සිටින අතර අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරන හිරුණ ලකුණු 12*ක් ලබාගෙන සිටිනවා.
මහින්ද පළමු ඉනිම අසරණ කළ රිච්මන්ඩ් ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා වන නාලක සහ ශාරෝන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.
රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 174 (60.4): තරින්ද නිර්මාල් 67, භානුක මනෝහර 37, ශෙහාන් හසරංග 3/53, ධනුජ ඉඳුවර 2/23, දිනුර කළුපහන 2/27.
මහින්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 68/5 (30): දිනුර කළුපහන 25*, ප්‍රමේෂ් මදුභාෂණ 22, නාලක ජයවර්ධන 2/09, ශාරෝන් අභිශේක් 2/18.
මේ තරගය හෙට (18) උදෑසන 9.30 සිට දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වන අතර Richmond Live නිෂ්පාදනයක් සහිතව රැගෙන එන සජීව විකාශය ThePapare.com, ඩයලොග් ටීවී නාලිකා අංක 140 සහ ඩයලොග් Viu හරහා නැරඹීමට ඔබට අවස්ථාව තිබෙනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Vishara Fernando | c Danuja Induwara b Shehan Hasaranga | 7 | 17 | 0 | 0 | 41.18 |
Tharindu Nirmal | c Chandupa De Silva b Shehan Hasaranga | 67 | 135 | 0 | 0 | 49.63 |
Thamindu Pradeeptha | c Tharusha Dilshan b Dinura Kalupahana | 1 | 17 | 0 | 0 | 5.88 |
Bhanuka Manohara | c Chandupa De Silva b Shehan Hasaranga | 34 | 64 | 0 | 0 | 53.12 |
Janeth Kaushal | lbw b Dinura Kalupahana | 10 | 25 | 0 | 0 | 40.00 |
Malsha Tharupathi | c Kushan Madusha b Danuja Induwara | 14 | 24 | 0 | 0 | 58.33 |
Maheesha Vethmin | run out (Pramesh Madubashana) | 5 | 14 | 0 | 0 | 35.71 |
Hansamana De Silva | run out (Dinura Kalupahana) | 15 | 27 | 0 | 0 | 55.56 |
Kalpa Nethsara | lbw b Kushan Madusha | 0 | 5 | 0 | 0 | 0.00 |
Sharon Abhishek | not out | 12 | 34 | 0 | 0 | 35.29 |
Nalaka Jayawardana | c Hiruna Mandila b Danuja Induwara | 1 | 2 | 0 | 0 | 50.00 |
Extras | 8 (b 1 , lb 2 , nb 0, w 5, pen 0) |
Total | 174/10 (60.4 Overs, RR: 2.87) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dinura Kalupahana | 11.2 | 2 | 27 | 2 | 2.41 | |
Shehan Hasaranga | 16.4 | 0 | 53 | 3.23 | ||
Danuja Induwara | 7.5 | 1 | 23 | 2 | 3.07 | |
Tharusha Dilshan | 3.5 | 1 | 12 | 0 | 3.43 | |
Kaveen Rukshan | 7 | 2 | 21 | 0 | 3.00 | |
Hiruna Mandila | 2 | 0 | 10 | 0 | 5.00 | |
Kushan Madusha | 11 | 4 | 25 | 1 | 2.27 | |
Ranmina Hettiarachchi | 1 | 1 | 0 | 0 | 0.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hareen Achintha | b Hansamana De Silva | 3 | 10 | 0 | 0 | 30.00 |
Pramesh Madubashana | c Janeth Kaushal b Nalaka Jayawardana | 22 | 45 | 0 | 0 | 48.89 |
Dinura Kalupahana | lbw b Malsha Tharupathi | 37 | 97 | 0 | 0 | 38.14 |
Danuja Induwara | c Hansamana De Silva b Nalaka Jayawardana | 3 | 13 | 0 | 0 | 23.08 |
Chandupa De Silva | c Hansamana De Silva b Sharon Abhishek | 1 | 15 | 0 | 0 | 6.67 |
Tharusha Dilshan | c & b Sharon Abhishek | 0 | 3 | 0 | 0 | 0.00 |
Hiruna Mandila | c Bhanuka Manohara b Nalaka Jayawardana | 39 | 96 | 0 | 0 | 40.62 |
Ranmina Hettiarachchi | c Hansamana De Silva b Sharon Abhishek | 0 | 6 | 0 | 0 | 0.00 |
Shehan Hasaranga | lbw b | 9 | 22 | 0 | 0 | 40.91 |
Kushan Madusha | run out () | 1 | 4 | 0 | 0 | 25.00 |
Extras | 13 (b 5 , lb 1 , nb 7, w 0, pen 0) |
Total | 128/10 (51.1 Overs, RR: 2.5) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kalpa Nethsara | 5 | 1 | 7 | 0 | 1.40 | |
Hansamana De Silva | 5 | 1 | 15 | 1 | 3.00 | |
Tharindu Nirmal | 4 | 0 | 19 | 0 | 4.75 | |
Nalaka Jayawardana | 18.1 | 7 | 19 | 4 | 1.05 | |
Sharon Abhishek | 14 | 0 | 38 | 3 | 2.71 | |
Malsha Tharupathi | 5 | 0 | 24 | 1 | 4.80 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Vishara Fernando | c Pramesh Madubashana b Danuja Induwara | 5 | 8 | 0 | 0 | 62.50 |
Tharindu Nirmal | c Chandupa De Silva b Kushan Madusha | 13 | 21 | 0 | 0 | 61.90 |
Thamindu Pradeeptha | c Hareen Achintha b Tharusha Dilshan | 8 | 25 | 0 | 0 | 32.00 |
Bhanuka Manohara | lbw b Hiruna Mandila | 27 | 35 | 0 | 0 | 77.14 |
Janeth Kaushal | c Hareen Achintha b Hiruna Mandila | 11 | 42 | 0 | 0 | 26.19 |
Maheesha Vethmin | not out | 30 | 41 | 0 | 0 | 73.17 |
Malsha Tharupathi | c Tharusha Dilshan b Hiruna Mandila | 1 | 4 | 0 | 0 | 25.00 |
Hansamana De Silva | lbw b Hiruna Mandila | 10 | 28 | 0 | 0 | 35.71 |
Sharon Abhishek | not out | 3 | 21 | 0 | 0 | 14.29 |
Extras | 9 (b 4 , lb 3 , nb 0, w 2, pen 0) |
Total | 117/7 (37.3 Overs, RR: 3.12) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shehan Hasaranga | 14 | 4 | 22 | 0 | 1.57 | |
Dinura Kalupahana | 5 | 0 | 17 | 0 | 3.40 | |
Danuja Induwara | 1 | 0 | 9 | 1 | 9.00 | |
Kushan Madusha | 9 | 0 | 39 | 1 | 4.33 | |
Tharusha Dilshan | 1 | 0 | 2 | 1 | 2.00 | |
Hiruna Mandila | 7.3 | 2 | 21 | 4 | 2.88 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Danuja Induwara | not out | 9 | 32 | 0 | 0 | 28.12 |
Pramesh Madubashana | not out | 3 | 37 | 0 | 0 | 8.11 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 12/0 (11.3 Overs, RR: 1.04) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tharindu Nirmal | 5 | 2 | 4 | 0 | 0.80 | |
Nalaka Jayawardana | 5.3 | 4 | 4 | 0 | 0.75 | |
Malsha Tharupathi | 1 | 0 | 4 | 0 | 4.00 |