Revocare Solutions දශක සැමරුම වෙනුවෙන් T10 තරගාවලියක්

41

Revocare Solutions ආයතනයට වසර දහයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් Revocare Primer League T10 නමින් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පසුගිය දා නිල වශයෙන් දැනුම් දුන්නා. 

Gap HQ හිදි පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවක දී මේ පිළිබඳ දැනුම් දීම සිදු කළ අතර, තරගාවලිය පෙබරවාරි මස 15 වැනි දා සිට සති අන්ත තුනක දී (මාර්තු මස 02 දා දක්වා) තරගාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

තරගාවලිය පිළිබඳ දැනුම් දීම සඳහා පැවැත්වුණු නිල වැඩසටහනේ දී තරගාවලියට අදාළ නිල පන්දුව සහ කුසලානය ද එළි දැක්වුණු අතර, තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පටන් පැවැත්වීමට නියමිත තරග ThePapare හරහා සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට උදා වනු ඇති. 

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව Thepapare හරහා දේශීය ක්‍රීඩාවේ සජීවී උණුසුම විඳ ගැනීමේ අවස්ථාව ඔබට නිරන්තරයෙන් හිමි වනවා.  ThePapare 1 ( නාලික අංක 62) & ThePapare 1 HD ( නාලිකා අංක 126) මෙන්ම ThePapare වෙබ් අඩවිය සමඟ නිරන්තරයෙන් රැඳී සිටින්න. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<