එළඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිත 75 වැනි බ්රැඩ්බි පලිහේ දෙවෙනි අදියරේ තරගය වෙනුවෙන් ශ්රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමය විසින් නව විනිසුවරුන් කිහිප දෙදෙනකු නම් කර ඇත.
ඒ අනුව බ්රැඩ්බි පලිහ දෙවෙනි අදියරේ ප්රධාන විනිසුරු වශයෙන් ඉශංක අබේකෝන් නම් කර ඇති අතර ඔහුගේ සහයට ප්රනීත් වෙරංග සහ දිලුම් දේශාන් නම් කර ඇත. රූපවාහිනී තෙවැනි විනිසුරු ලෙස ඉර්ශාඩ් කාදර් කටයුතු කරයි.
ThePapare ජනප්රියතම පාසල් රග්බි ක්රීඩකයා මෙවරත්
2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට සමගාමීව අඛණ්ඩව 6 වැනි වරටත් “ThePapare ජනප්රියතම පාසල් රග්බි ක්රීඩකයා” තරගය පැවැත්වීමට තීරණය කර ඇත. 2014
ඉශංක අබේකෝන් පාසල් මට්ටමේ නැගී එන විනිසුරුවන්ගෙන් එක් අයෙකු වන අතර මෙම තරගාවලියේ වඩාත් ස්ථාවර ලෙස දක්ෂතා පෙන්වා ඇති විනිසුරුවරයෙකි.
එසේම බ්රැඩ්බි පලිහ තරග ඉතිහාසයේ විනිසුරුකරණයේ යෙදුණු ළාබාලතම විනිසුරු වූ ආකිල් ජමාල්ඩීන් විනිසුරු ලෙස කටයුතු කළ පළමු අදියරේ දී ඉශංක සහය විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.
එදිනම පැවැත්වීමට නියමිත සාන්ත පීතර විදුහල හා ඉසිපතන විදුහල අතර තරගයේ විනිසුරු ලෙස විනිසුරු ඩින්කා පීරිස් නම් කර ඇත.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<