2017 පළමු පෙළ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය සඳහා කණ්ඩායම් 6ක් තේරී ඇති අතර ඔවුන් ලබන වසරේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියට උසස් වීමක් ලබා ගැනීමේ අරමුණින් ඉදිරියේ දී තරග වදිනු ඇත.
පළමු පෙළ පාපන්දු තරගාවලිය තුළ කණ්ඩායම් 18ක් සිටින අතර ඔවුන් කණ්ඩායම් 9 බැගින් කාණ්ඩ දෙකකට වර්ග කරනු ලැබේ. ඒ එක් එක් කාණ්ඩ අතුරෙන් පළමු ස්ථාන 3 දිනා ගන්නා කණ්ඩායම් 6, සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇත.
පාපන්දු සටනේ අවසන් දිනය වෙනස් වෙයි
රිනවුන් ක්‍රීඩා සමාජය හා කොළඹ පාපන්දු සමාජය අතර පැවැත්වෙන 2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරග දිනය යළිත් වෙනස් වී ඇත. 2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 2018 ජනවාරි මස කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව …
එම කණ්ඩායම් 6 අතර සෑම කාණ්ඩයකටම තරග 5 බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන අතර අවසානයේ නව ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ සිටින කණ්ඩායම් දෙක ලබන වසරේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත.
A කාණ්ඩය
තිහාරිය යූත්, කොම්රේඩ්ස් ක්‍රීඩා සමාජය, රෙඩ් සන් ක්‍රීඩා සමාජය මෙම කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගෙන ඇත.
කණ්ඩායම | P | W | D | L | GF | GA | GD | ප්‍රසාද ලකුණු |
තිහාරිය යූත් | 8 | 6 | 1 | 1 | 26 | 8 | 18 | 19 |
කොම්රේඩ්ස් ක්‍රීඩා සමාජය | 8 | 6 | 0 | 2 | 19 | 7 | 12 | 18 |
රෙඩ් සන් ක්‍රීඩා සමාජය | 8 | 5 | 2 | 1 | 20 | 8 | 12 | 17 |
කුරේ ක්‍රීඩා සමාජය | 8 | 4 | 1 | 3 | 10 | 14 | -4 | 13 |
ගෙලිඔය පාපන්දු සමාජය | 8 | 3 | 2 | 3 | 16 | 18 | -2 | 11 |
නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය | 8 | 3 | 2 | 3 | 14 | 13 | 1 | 11 |
ග්‍රීරීන් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය | 8 | 1 | 2 | 5 | 10 | 24 | -14 | 5 |
ඕල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජය | 8 | 0 | 3 | 5 | 5 | 16 | -11 | 3 |
ජුපීටර් ක්‍රීඩා සමාජය | 8 | 0 | 3 | 5 | 3 | 15 | -12 | 3 |
තිහාරිය යූත් කණ්ඩායම මූලික වටයේ තරග 8න් තරග 6ක් ජයග්‍රහණය කළේ එක් තරගයක් පමණක් පරාජය වෙමිනි. තවද ඔවුන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කරගත්තේය. එසේම ඔවුන් ගෝල 26ක් ලබාගෙන ඇති අතර ඔවුන්ට එදිරිව ලබගෙන ඇති ගෝල ගණන 8කි.
කොම්රේඩ්ස් ක්‍රීඩා සමාජය හා රෙඩ් සන් ක්‍රීඩා සමාජය මෙම කාණ්ඩයෙන් මීළඟ වටයට සුදුසුකම් ලබාගෙන ඇති අනෙක් කණ්ඩායම් දෙකයි. ඔවුන් ද මූලික වටය අවසානයේ හොඳ ගෝල පරතරයක් ලබා ගන්නා ලදි.
මෙම කාණ්ඩයේ අවසන් ස්ථානයේ සිටින ජුපීටර් ක්‍රීඩා සමාජය හා 8 වන ස්ථානයේ සිටින ඕල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජය අතර එක ගෝලයක වෙනසක් තිබෙන නිසා ජුපීටර් ක්‍රීඩා සමාජයට දෙවන පෙළ දක්වා පසු බැසීමට සිදුවනු ඇත.
A කාණ්ඩයේ තරග ප්‍රතිඵල | ||
1 වටය | 2 වටය | 3 වටය |
තිහාරිය යූත් 6 – 1 ග්‍රීරීන් ෆීල්ඩ්
ගෙලිඔය පා.ස 3 – 3 රෙඩ් සන් ඕල්ඩ් බෙන්ස් 2 – 2 නිව් ස්ටාර් ජුපිටර් 0 – 1 කුරේ |
කොම්රේඩ්ස් 3 – 0 තිහාරිය යූත්
ග්‍රීරීන් ෆීල්ඩ් 2 – 1 ඕල්ඩ් බෙන්ස් රෙඩ් සන් 4 – 0 කුරේ නිව් ස්ටාර් 2 – 0 ජුපිටර් |
කොම්රේඩ්ස් 2 – 0 ඕල්ඩ් බෙන්ස්
ගෙලිඔය පා.ස 0 – 1 කුරේ තිහාරිය යූත් 0 – 0 ජුපිටර් ග්‍රීරීන් ෆීල්ඩ් 1 – 5 රෙඩ් සන් |
4 වටය | 5 වටය | 6 වටය |
කොම්රේඩ්ස් 1 – 0 ජුපිටර්
කුරේ 3 – 1 නිව් ස්ටාර් ඕල්ඩ් බෙන්ස් 0 – 1 රෙඩ් සන් ගෙලිඔය පා.ස 2 – 0 ග්‍රීරීන් ෆීල්ඩ් |
කුරේ 1 – 4 කොම්රේඩ්ස්
ජුපිටර් 0 – 0 ඕල්ඩ් බෙන්ස් නිව් ස්ටාර් 2 – 3 ගෙලිඔය පා.ස රෙඩ් සන් 2 – 3 තිහාරිය යූත් |
රෙඩ් සන් 1 – 0 කොම්රේඩ්ස්
නිව් ස්ටාර් 2 – 1 ග්‍රීරීන් ෆීල්ඩ් කුරේ 0 – 3 තිහාරිය යූත් ඕල්ඩ් බෙන්ස් 2 – 2 ගෙලිඔය පා.ස |
7 වටය | 8 වටය | 9 වටය |
ග්‍රීරීන් ෆීල්ඩ් 2 – 5 කොම්රේඩ්ස්
තිහාරිය යූත් 4 – 2 නිව් ස්ටාර් ගෙලිඔය පා.ස 6 – 1 ජුපිටර් කුරේ 2 – 0 ඕල්ඩ් බෙන්ස් |
කොම්රේඩ්ස් 4 – 0 ගෙලිඔය පා.ස
ඕල්ඩ් බෙන්ස් 0 – 5 තිහාරිය යූත් ජුපිටර් 1 – 1 ග්‍රීරීන් ෆීල්ඩ් රෙඩ් සන් 0 – 0 නිව් ස්ටාර් |
නිව් ස්ටාර් 3 – 0 කොම්රේඩ්ස්
ජුපිටර් 1 – 4 රෙඩ් සන් ග්‍රීරීන් ෆීල්ඩ් 2 – 2 කුරේ තිහාරිය යූත් 5 – 0 ගෙලිඔය පා.ස |
B කාණ්ඩය
රත්නම් ක්‍රීඩා සමාජය, රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය, සෙරන්ඩිබ් පාපන්දු සමාජය මෙම කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගෙන ඇත.
කණ්ඩායම | P | W | D | L | GF | GA | GD | ප්‍රසාද ලකුණු |
රත්නම් ක්‍රීඩා සමාජය | 8 | 5 | 2 | 1 | 19 | 12 | 7 | 17 |
රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය | 8 | 5 | 2 | 1 | 22 | 13 | 9 | 17 |
සෙරන්ඩිබ් පාපන්දු සමාජය | 8 | 5 | 1 | 2 | 16 | 9 | 7 | 16 |
බඩෝවිට යුනයිටඩ් | 8 | 5 | 0 | 3 | 15 | 8 | 7 | 15 |
හයිලයින් ක්‍රීඩා සමාජය | 8 | 2 | 4 | 2 | 10 | 15 | -5 | 10 |
SLTB ක්‍රීඩා සමාජය | 8 | 3 | 1 | 4 | 8 | 15 | -7 | 10 |
සාන්ත මරියා ක්‍රීඩා සමාජය | 8 | 3 | 0 | 5 | 14 | 13 | 1 | 9 |
ආදී මැසනොඩ් | 8 | 2 | 2 | 4 | 13 | 19 | -6 | 8 |
සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය | 8 | 0 | 0 | 8 | 6 | 19 | -13 | 0 |
රත්නම් ක්‍රීඩා සමාජය සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ තරග 5ක් ජයග්‍රහණය කරමිනි. එසේම ඔවුන් මූලික වටයේ දී තරග දෙකක් පරාජය වූ අතර එක තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. එසේම රත්නම් ක්‍රීඩා සමාජය, රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය හා සෙරන්ඩිබ් පාපන්දු සමාජය යන කණ්ඩායම් තුනම මූලික වටය අවසානයේ තරග 5 බැගින් ජයග්‍රහණය කර තිබීම සුවිශේෂී සිදුවීමක් විය.
ඒ අනුව ලබාගත් ගෝල ප්‍රමාණය, ප්‍රතිවාදීන්ට ලබා දුන් ගෝල ගණන, ගෝල පරතරය හා ප්‍රසාද ලකුණු අනුව එක, දෙක හා තුන යන ස්ථානයන් දිනා ගනු ලබන කණ්ඩායම් තීරණය කරන ලදි. මෙහි 9 වන තැනට පත්වූ සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය එකදු තරගයක් හෝ ජයග්‍රහණය නොකළ අතර ඒ නිසා ඔවුන් දෙවන පෙළ දක්වා පහතට යනු ඇත.
B කාණ්ඩයේ තරග ප්‍රතිඵල | ||
1 වටය | 2 වටය | 3 වටය |
සෙරන්ඩිබ් 1 – 0 සිවිල් ආරක්ෂක
රත්නම් 1 – 0 සාන්ත මරියා රෙඩ් ස්ටාර් 2 – 0 SLTB ආදී මැසනොඩ් 2 – 1 බඩෝවිට |
සිවිල් ආරක්ෂක 0 – 1 හයිලයින්
රෙඩ් ස්ටාර් 2 – 2 සෙරන්ඩිබ් සාන්ත මරියා 2 – 0 ආදී මැසනොඩ් බඩෝවිට 3 – 0 SLTB |
හයිලයින් 0 – 0 රත්නම්
රෙඩ් ස්ටාර් 2 – 1 සිවිල් ආරක්ෂක බඩෝවිට 2 – 1 සෙරන්ඩිබ් සාන්ත මරියා 1 – 2 SLTB |
4 වටය | 5 වටය | 6 වටය |
හයිලයින් 1 – 1 රෙඩ් ස්ටාර්
ආදී මැසනොඩ් 2 – 2 රත්නම් සිවිල් ආරක්ෂක 1 – 4 බඩෝවිට සෙරන්ඩිබ් 1 – 0 සාන්ත මරියා |
හයිලයින් 2 – 2 SLTB
බඩෝවිට 1 – 0 සාන්ත මරියා සෙරන්ඩිබ් 5 – 3 ආදී මැසනොඩ් සිවිල් ආරක්ෂක 1 – 4 රත්නම් |
සෙරන්ඩිබ් 2 – 0 හයිලයින්
SLTB 2 – 1 සිවිල් ආරක්ෂක රත්නම් 1 – 3 බඩෝවිට ආදී මැසනොඩ් 1 – 4 රෙඩ් ස්ටාර් |
7 වටය | 8 වටය | 9 වටය |
ආදී මැසනොඩ් 2 – 2 හයිලයින්
බඩෝවිට 0 – 1 රෙඩ් ස්ටාර් SLTB 0 – 3 රත්නම් සාන්ත මරියා 2 – 1 සිවිල් ආරක්ෂක |
හයිලයින් 2 – 1 බඩෝවිට
SLTB 2 – 0 ආදී මැසනොඩ් රෙඩ් ස්ටාර් SC 5 – 2 සාන්ත මරියා රත්නම් 2 – 1 සෙරන්ඩිබ් |
සාන්ත මරියා 7 – 2 හයිලයින්
SLTB 0 – 3 සෙරන්ඩිබ් සිවිල් ආරක්ෂක 1 – 3 ආදී මැසනොඩ් රත්නම් 6 – 5 රෙඩ් ස්ටාර් |
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<