ඉන්දීය ජ්‍යේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Ravi Shastri ඊයේ (13) එම ධුරයට නිල වශයෙන් සමුදුන්නා. සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් ඔහු ඔහුගේ නිල Twitter ගිණුමේ සටහනක් ද තබා තිබුණා.
එහි දී Shastri තමන් පුහුණුකරු ලෙස කටයුතු කළ වසර හතක දිගු සේවා කාලය පිළිබඳ ඔහුගේ අදහස් බෙදා ගෙන තිබුණා. සිය ධුර කාලය තුල ඔහුට සහය දුන් සැමට ඔහුගේ කෘතඥතාව පළ කළ ඔහු ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු ආ ගමන ‘ඇදහිය නොහැකි’ ගමනක් බව ද පවසා සිටියා.
“දැන් එය අවසන් වෙලා තියනවා. මෙම ඇදහිය නොහැකි ගමනේ කොටසක් බවට මා පත් කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි. මේ මතකයන් සියල්ල මම අගය කරන මතකයන්. මට ක්‍රීඩාව නැරඹීමට හැකි වන තාක් මම ඉන්දීය කණ්ඩායමට සහාය දක්වනවා”, Ravi Shastri පවසා තිබුණා.
සිය සටහනේ දී ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන Virat Kohli, Rohit Sharma සහ Ajinkya Rahane පිළිබඳව ද ඔහු සිහිපත් කර තිබුණා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 80කට සහ එක්දින තරග 150කට ක්‍රීඩා කර ඇති Shastri 2014 වසරේ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ බාර ගත්තා. ඔහුගේ මඟපෙන්වීම යටතේ ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළම ස්ථානයට පැමිණි අතර එංගලන්තයේ පැවති මංගල ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ද පිවිසියා.
- පසිඳුගෙන් දක්ෂ පන්දු යැවීමක්
- මහේල ICC විශිෂ්ටයින් අතරට
- කොදෙව්වන්ට එරෙහි පුහුණු තරගයේ නායකත්වය අසලංකට
- දැඩි සත්කාර ඒකකයේ සිට ඇවිත් අර්ධ ශතකයක් ගත් කැප වීම
- “මම හිතුවේ මේක මම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගය කියලා” – Matthew Wade
කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර තරගාවලිය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් සහිත කණ්ඩායමක් ලෙස බොහෝ දෙනා විශ්වාස කළ ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් වුනා.
මේ නිසා Ravi Shastriගේ කාලය තරමක් බලාපොරොත්තු සුන් කරවනසුළු සටහනකින් අවසන් වුනා. ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට B කාණ්ඩය නියෝජනය කරමින් සහභාගි වූ අතර එහි දී ඔවුන් ඇෆ්ගනිස්ථානය, ස්කොට්ලන්තය සහ නැමීබියාව පරාජය කිරීමට සමත් වුනා.
සිය ප්‍රබලතම ප්‍රතිවාදීන් වන පාකිස්තානය සහ නවසීලන්තය හමුවේ පරාජයට පත් වීම ඔවුන්ගේ අවසන් පූර්ව වටයේ සිහිනය බොඳ කිරීමට සමත් වුනා.
ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක සහ ප්‍රවීණ ක්‍රීඩක Rahul Dravid ඉන්දී කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. එළඹෙන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වීමට නියමිත නවසීලන්තයට තරගාවලිය ඔහුගේ පළමු අභියෝගය වනවා.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<